This project scrapes the latest news from Ada.lk and updates this file.
- Fetches news articles hourly using GitHub Actions.
- Saves full article content and metadata.
- Auto-updates this README with the latest articles.
WTFPL License. Do whatever you want with this, but if it cures boredom, makes you famous, or saves your cat from a burning building, I wouldn’t mind a coffee (or a meme) as thanks. 😉
Published on: February 10, 2025, 09:04 PM
ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය සහතිකයක් නිකුත් කිරීමට රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මඩුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට වසර 56 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 40,000/-ක දඩයක්ද අද (10) නියම කළේය.
විත්තිකරු අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 36,000/-ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගැනීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 56 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 07ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
අල්ලසක් නොදී රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති මෙන්ම අල්ලස් ගැනීම ඇතැම් රජයේ නිලධාරීන් කලාවක් බවට පත් කරගෙන ඇති සමයක ඈත දුෂ්කර ගම්මානයක ඇති මාර්ගයක් සංවර්ධනය කිරීමට අදාළ ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය සහතිකයක් නිකුත් කිරීමටද අල්ලස් ඉල්ලා ලබා ගත් බවට වරදකරු වු මෙම විත්තිකරුට පගා ගැනීමට සිතා සිටින අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ටද පාඩමක් වන අන්දමට දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය කළ ඉල්ලීක් පිළිගනිමින් විනිසුරුවරයා මෙලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මොණරාගල ප්‍රදේශයේ මඩුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කළ ඩබ්.එම්.ටී. බණ්ඩා නමැත්තාටය.
2017 ඔක්තෝම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මඩුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කපුලන්ද මාර්ගය සහ උඩුගල්ලෙන මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් සමෘද්ධි ගම්මාන සංවිධානයට සහ ලහිරු ගොවි සංවිධානයට ගෙවිය යුතු ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය තාක්‍ෂණ වාර්තාව නිකුත් කිරීමට පුද්ගලයකුගෙන් අවස්ථා දෙකකදී රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා 08ක් යටතේ නඩු පවරා තිබිණී.
නඩු විභාගයේදී පැමිණිල්ල මෙහෙයවු අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කීිරම සඳහා සාක්කිකරුවන් 11දෙනෙකු සහ ලේඛණ 20ක් ඉදිරිපත් කළ අතර මඩුල්ල ප්‍රාදේශිය සභාවට අයත් කපුලන්ද මාර්ගය සහ උඩුගල්ලෙන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා සමෘද්ධි ගම්මාන සංවිධානය සහ ලහිරු ගොවි සංවිධානය ටෙන්ඩර් ලබාගෙන ඇති බව නඩු විභාගයේදී සාක්කි ඉදිරිපත් විය.
මාර්ග සංවර්ධනයෙන් අනතුරුව ටෙන්ඩර් මුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය තාක්‍ෂණ වාර්තාව ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ අවස්ථාවේදී විත්තිකරු ටෙන්ඩර් මුදලින් සීයයට 05 බැගි්න් සහ රුපියල් 3000/- බැගින් ළහිරූ චන්දිමාල් නමැත්තාගෙන් ඉල්ලා ඇති බවත් ඒ අනුවකළ වැටලීකදී විත්තිකරු අල්ලස් මුදල් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් නඩු විභාගයේදී සාක්කි ඉදිරිපත් විය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය.
සචිත්‍ර ගුණසේකර
Published on: February 10, 2025, 08:12 PM
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් එක්දින තරගාවලියට අදාළ ප්‍ර වේශපත් අලෙවිය මේ වන විට ආරම්භ කර තිබේ.
මෙහිදී රු. 500, 2000, 3000,4000,7500 හා රුපියල් 240000යන මිල ගණන් යටතේ ප්‍ර වේශපත්‍ර අලෙවිය සිදු කරයි.
එහිදී Block A Upper Level ප්‍ර වේශපත්‍රයක් රුපියල් 240000ට අලෙවි කිරීමට නියමිත අතර එවැනි ආසන ඇත්තේ 16ක් පමණි. එක්දින තරග දෙක ලබන 12 දා හා 14 දා කොලඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.
www.srilankacricket.com යන වෙබ් අඩවියෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් හා තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ අර් ප්‍රේමදාස පිටියෙන් ප්‍ර වේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලැබී තිබේ.
Published on: February 10, 2025, 07:29 PM
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් 2025 පෙබරවාරි 14 වැනි සිකුරාදා පෙ.ව 9.30 ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේබව තීරණය වී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කරනු ලැබේ. එසේම පෙබරවාරි 14 වැනිදා මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර ඇත.
මේ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සදුදා ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා පැවසීය.
තවද විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙනෙනු ලබන සංශෝධන පෙබරවාරි 17 වැනිදා පෙ.ව 10.00 ට පෙර ලබාදීමටත් මෙහිදී එකඟත්වය පළවී ඇත.
එසේම ජනාධිපතිවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ( අයවැය කථාව ඉදිරිපත් කිරීම) පෙර තීරණය කළ පරිදි ලබන 17 වැනි සදුදා පෙ.ව 10.30 ට සිදු කිරීමට නියමිත බවද වැඩබලන මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Published on: February 10, 2025, 06:32 PM
පදනම් විරහිතව පාස්කු ප්‍රහාරයේ වගකීම ඇතැමුන් විසින් මෙරට බුද්ධි අංශ මත පැටවීමට යාම බෞද්ධයින් සහ කතෝලිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (10) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවත් තමන් ඔහුව හෙලි කර ගන්නා බවත් පොරොන්දු වී බලයට පැමිණි මේ ආණ්ඩුව අසාද් මවුලානා සිදු කළ අපරාධ හතරකට නඩු නොපැවරීමේ පොරොන්දුව මත ඔහු ලවා මහ මොලකරුවෙකු නිෂ්පාදනය කිරීමේ වංචනික කටයුත්තේ යෙදී සිටින බව අපි පසුගිය සතියේ හෙලි කළා.
අසාද් මවුලානා නිදහස් කෙරෙන අපරාධ හතර මොනවාද? පාස්කු ප්‍රහාරකයින්ට උදව් කිරීම, ව්‍යාජ නමකින් පෙනී සිට විවාහයක් කර ගැනීම, ගිණුමේ මුදල් නොමැතිව ලක්ෂ විස්සක චෙක්පතක් ලබා දී වංචාවක් සිදු කිරීම සහ නීති විරෝධිව රටින් පලා යෑම ඒ අපරාධ හතරයි. අපි එදා කිව්වේ මවුලානා ගෙන්වා ගෙන ඕනෑම ප්‍රකාශයක් ලබා ගැනීමට අපි විරුද්ධ නෑ.
නමුත් අපරාධ හතරට හිලව් වෙන්න පොලිසියට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමේ වංචාව සිදු නොවිය යුතුයි. ජනවාරි 21 දා මවුලානාට එරෙහිව කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියෙන් පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමෙන් මේ කතාව තහවුරු වෙනවා. තමන්ට සඟවා ගැනීමට දේවල් නොමැති සාධාරණ විමර්ශනයක් වෙනවා දකින්න කැමැති කාගේත් ස්ථාවරය විය යුත්තේ අපේ ස්ථාවරයමයි.
මේ තත්වය උඩ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් මම ප්‍රශ්න අටක් ඇහුව්වා. මම අවංකවම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විධියට හිතාගෙන හිටියේ නලින්ද ජයතිස්ස ඇමතිතුමා. බැලින්නම් දැන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරන්නේ සිරිල් ගාමිණි පියතුමා. එතුමා මාධ්‍ය හමුවක් පවත්වලා මම අහපු ප්‍රශ්න අටට පිලිතුරු දෙනවා වෙනුවට මට මඩ ගැසීමට උත්සාහ කලා. එතුමා කියන විධියට මම දේශපාලකයාගේ කාර්යභාරය ඉටු නොකර විමර්ශන වලට ඇඟිලි ගහනවාලු.
විපක්ෂයේ දේශපාලකයින්ගේ කාර්යභාරය තමයි ආණ්ඩුවේ දූෂණ සහ වංචා හෙලිදරව් කිරීම. මම ඉටු කරන්නේ ඒ කාර්යභාරය තමයි. ඇත්තටම විමර්ශන වලට බාධා කරන්නේ සිරිල් පියතුමා. එතුමා විසින් 2024 සැප්තැම්බර් 17 දා සුනන්ද දේශප්‍රිය මහතාගේ පොත් නිකුතුවක දී පොලීසිය සොයන මහ මොලකරු ගැන හෙලි කරනවා. මම ඒ වීඩියෝව දැන් දාන්නම්
අබු හින්ද් කියන පුද්ගලයා තමයි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කියලා සිරිල් පියතුමා කියනවා. ඔය අතරේ මහ මොලකරු සොයන්නේ නෑ කියලා කාදිනල්තුමා ආණ්ඩුවට දොස් කියනවා. ඇත්තටම මහ මොලකරු ගැන සිරිල් පියතුමා දන්නවා නම් එතුමා ඒක කියන්න ඕනි මාධ්‍ය ඉදිරියේ දී හෝ උත්සව සභා වල දී නොවේ. පොලිසියට. ඊට පස්සේ එතුමාගේ ප්‍රධානියා වන කාදිනල්තුමන්ට. අපරාධයක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක පියතුමාට කියන්න ඕනි.
කොහොමත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කිරීම වගේම විමර්ශන වලට ඇඟිලි ගැසීමත් කිතු දහමට පටහැනි බව එතුමා දන්නේ නැතිව ඇති. එතුමා බයිබලය කියවා ඇත්නම් මැතිව්හි 22:21 ඡේදය නොදැන ඉන්න බෑ. “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවියන්ට අයිති දේ දෙවියන්ට දෙන්න”. එතැන දී ජේසුතුමා කියන්නේ ආගම සහ රාජ්‍ය පාලනය වෙන් කර ගන්න කියලයි.
මම විපක්ෂයේ දේශපාලකයෙකු ලෙස ආණ්ඩුවේ දූෂණ හෙලි කරන්නම්. ඔබ පූජකයෙකු ලෙස දේව ධර්මය හදාරා එය බැතිමතුන්ට කියා දෙන්න. බැතිමතුන් වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරන්න. පොලිස් විමර්ශන තුල වංචා සිදු වෙනවා නම් අපි හැමෝම ඊට එරෙහිව හඬ නගමු.
පොලිස් විමර්ශන නිවැරදිව සිදු වෙනවා නම් අපි ඒකේ ප්‍රතිඵල පොලිසිය විසින් නීතිපතිට දැනුම් දීලා නීතිපති උසාවියට දැනුම් දෙන තුරු නිහඬව බලා සිටීම තමයි ඇත්ත හෙලිවෙනවාට කැමති පුරවැසියාගේ වගකීම. තමන් කැමති දේ ඇත්ත වෙනවාටට කැමති ඇත්ත හෙලිවෙනවාට බය අය තමයි විමර්ශනය මැද්දට පැනලා මහ මොලකරු අබු හින්ද්ය, මහ මොලකරු අසල්වැසි බලවත් රටක්ය, මහ මොලකරු අපේ බුද්ධි අංශවල ප්‍රධානියා ආදි වශයෙන් විවිධ මත පල කරමින් විමර්ශනයන්ට බදා කරන්න .
නීතිඥයෙක් විධියට මම කියන්න ඕන අධිකරණය ඉදිරියේ විභාග පවත්වන නඩුවක් සම්බන්ධව කරුණු ප්‍රසිද්ධියේ කතා කිරීම අධිකරණයට අපාහසයක් විදියටයි අධිකරණ සලකන්නේ. ඒ වගේම පදනම් විරහිතව මේ අපරාධයේ වගකීම පියතුමා විසින් බුද්ධි අංශ මත පටවනවා කියන්නේ බෞද්ධයින් සහ කතෝලිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමක්. ආගමික ගැටුම් නිර්මාණය කිරීම කියන්නේ ඇප ලබා ගත නොහැකි බලවත් වරදක් කියන එක සිරිල් පියතුමාට ගෞරවයෙන් සිහිපත් කරනවා."
Published on: February 10, 2025, 06:29 PM
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීයවීම හේතුවෙන් එම යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලි ඉල්ලුම කළමණාකරණය කිරීමට දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ලැබෙයි.
මෙහිදී රට කාණ්ඩ කිහිපයට බෙදා නිශ්චිත වේලාවක් අනුව විදුලිය කප්පාදු කරනු ලබයි. එහිදී 2023 වසරේදී සිදුවූ ආකාරයටම මෙවරද විදුලි කප්පාදුව සිදුවෙයි.
විදුලි බල කප්පාදුව සිදුවන වේලාවල් පිළිබඳව ලංකා විදුලි බල මණඩලය මාධ්‍ය වෙත යොමු කර කාලසටහන 2023 දී නිකුත් කළ කාලසටහනම වෙයි.
අද දිනයේදී මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ කාලසටහන තුළ 2023 වසරට අදාළ දිනයන්ද ඇතුළත්ව තිබේ.
Published on: February 10, 2025, 05:48 PM
මේ වසරේදී ශ්‍රි ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ සඳහන් කරයි.
ඒ සඳහා විදේශ රැකියා නියෝජිතායතන වලට විශාල කාර්යයක් ඇතැයි ද ඔහු කියා සිටියේය. ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ, 2025 වර්ෂයේදී විදේශ රැකියා 340,000 ක් සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම සම්බන්ධව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමිනි.
මෙහිදි අදහස් දැක්වු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා 2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් ඇමරිකන් ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
2024 වර්ෂයේදී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, එම වර්ෂයේදී ඇමරිකන් ඩොලර් බිලියන 6.51 ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බව ඩී.ඩී.පී.සේනානායක මහතා සඳහන් කළේය. 2024 වර්ෂයේදී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයින් අතුරින් වෘත්තිමය රැකියා (Skill Job) සඳහා ඉන් සියයට 65% ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා (Low Skill Job) සියයට 35% ක ප්‍රමාණයක් පිටත්ව ගොස් තිබෙන බව සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 වර්ෂයේදී වෘත්තිමය රැකියා සඳහා ශ්‍රමිකයින් සියයට 75 ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා සියයට 25ක පිරිසක් යොමුකිරිමට සැලසුම් කරන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව කුවේට් රාජ්‍යය සඳහා 84,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා 55,000 ක් සෞදි රාජ්‍යයේ රැකියා සඳහා 52,000 ක් යොමුකිරිමට බලාපොරොත්තු වේ. එසේම කාර්යාංශය මගින් සෘජුවම රැකියා සඳහා යොමුකරන ඊශ්‍රායල් රැකියා 15,900, ජපානයේ රැකියා 9,000 ක්, දකුණු කොරියාව යන රටවල් සඳහා ශ්‍රමිකයින් 8,000 ක් යොමුකිරිමට කාර්යාංශය සැලසුම් කර තිබේ.
මෙම වැඩමුළුව සඳහා 2024 වර්ෂයෙදී මැදපෙරදිග කලාපයේ රටවල, ගෘහස්ථ නොවන රැකියා සඳහා අවම වශයෙන් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 100ට වැඩියෙන් යොමුකළ රැකියා නියෝජිතායතනවල බලපත්‍රලාභීන් පිරිසක් සහභාගි විය.
Published on: February 10, 2025, 04:51 PM
නාය යෑම්වලට ලක් ව තවමත් අනාථ කඳවුරුවල සිටින පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමටත්, ඒ අනුව එම නිවාස ඉදිකිරීම මාර්තු මුල් සතියේ ආරම්භ කිරිමටත් කටයුතු කරන බව වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී අද (10) දින පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
ඒ අනුව නායාම් නිසා කෑගෑල්ල දිස්ත්‍රික්කයේ පවුල් විසි දෙකක් (22) අනාථ කඳවුරුවල සිටින බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ නායයාම් නිසා වසර පහක් පුරා පවුල් පනස් එකක් (51) සිය දරු පවුල්ද සමග කබරගල වසා දැමූ තේ කර්මාන්ත ශාලාවක සිටින බවත් පැවසූ අමාත්‍යවරයා මෙම ජනතාව සඳහා ස්ථිර නිවාස ඉදිකිරිම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වියදමින් සිදුකෙරෙන බවද මෙහිදී සඳහන් කළේය.
මෙම නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු ත්‍රිවිධ හමුදාව විසින් භාරගත් බවත් ඒ අනුව හල්දුම්මුල්ල කබරගල නිවාස ඉදිකිරිම යුද හමුදාව විසිනුත් කෑගල්ල නිවාස ඉදිකිරිම නාවික හමුදාව විසිනුත් බාර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Published on: February 10, 2025, 04:09 PM
වත්මන් ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදන කාර්යාලයක් ස්ථාපති කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විදවත් කමිටුවක් පත්කිරීමට යෝජිත අතර එම කමිටුව පහත අංශ වලින් සමන්විත වනු ඇත.
01 නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයන් දෙදෙනෙක්
02 අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්
03 අධිකරණ සේවයේ මෙම විශය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක්
04 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරය හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙක්
යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මූලික සැලසුම් සිදුකරනු ඇත.
එහි මූලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ හා සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමටද සැලසුම් කර තිබේ.
Published on: February 10, 2025, 03:23 PM
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම ජනාධිපතවරයා සමඟ සංචාරයට එක් වූ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙසේ වැඩබලන අමාත්‍යවරු පත් කරනු ලැබ සිටිති.
එසේ පත් කරන ලද වැඩබලන අමාත්‍යවරුන් පිළිබඳ විස්තර පහත පරිදි වේ.
ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාආරක්ෂක වැඩබලන අමාත්‍ය – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාමුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය – කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාවිදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය – විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා
Published on: February 10, 2025, 02:01 PM
දිවයින පුරා කාල සටහනකට අනුව විදුලිය කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලය අද පුවත්පතට පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයේ සිදු වූ බිඳ වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව අද (10දා) සහ හෙට (11දා) පස්වරු 3.30ත් පස්වරු 9.30ත් අතර කාලයේ කාණ්ඩ කිහිපයක් යටතේ පැය එක හමාර බැගින් මෙලෙස විදුලිය කප්පාදුව සිදු කිරීමට තීරණය කර ඇත.
Published on: February 10, 2025, 01:38 PM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනාවක් පරිදි මෙම සංචාරය සිදු කෙරෙන අතර මේ සදහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් , බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද මෙම සංචාරය සදහා එක් වී සිටිති .
ඔවුන් 02/10 දින උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .
මෙම සංචාරය 02/10 දින සිට 02/13 දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ගිවිසුම් ගනනාවක් වෙත එළඹීමට ද නියමිතය .
Published on: February 10, 2025, 12:59 PM
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථය අසළ මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී ,ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසිය වෙත 02/10 දින අලුයම භාර දී තිබේ .
02/10 දින අලුයම 03.15 ට පමණ මෙම උණඩය ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන තිබූ අතර , පසුව ඇය විසින් එම උණඩය ශ්‍රී ලන්කන් ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ .
ඔවුන් උණ්ඩය කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇති අතර උණ්ඩය සොයා ගත් ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ .
උණ්ඩය වැඩිදුර විමර්ශන කටයුතු සදහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
Published on: February 10, 2025, 12:15 PM
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.
ලෝක රාජ්‍ය නායක සමුළුවෙහි ප්‍රධාන අරමුණ වනුයේ අනාගතවාදී ප්‍රවේශය, තාක්ෂණික නවෝත්පාදනය ආදී මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය සංවාදයක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය නායකයින් එක් සාකච්ඡා මණ්ඩපයකට එක් රැස් කිරීමයි. මෙම සමුළුවේදී මානව වර්ගයා දැනට මුහුණ දෙන ගැටලු, අනාගත ප්‍රවණතා සහ නව අවස්ථා පිළිබඳ රාජ්‍යයන් අතර දැනුම හුවමාරු කර ගැනේ. මෙයට රටවල් 150ක් නියෝජනය කරමින් 4000කට අධික පිරිසක් සහභාගී වෙති.
ලෝක රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා අතර ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.
මෙම තෙදින නිල සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් යන මහත්වරු හමුවීමටද සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක්ව සිටියි.
Published on: February 10, 2025, 12:15 PM
නානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ.
මෙම දුම්රිය අගහරුවාදා දින හැර සතියේ සෑම දිනකම එස් 14 මැදිරි කට්ටලයක් සමග ධාවනයට එක් කරන අතර, (10) දින උදැසන 8.15 ට පළමු දුම්රිය ගමන් වාරය ආරම්භ කරනු ලැබුහ.
මෙම දුම්රිය යලිත් පස්වරු 1 ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනයට එක් කරනු ලබයි.
මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කල ආසනයක් රු 7000 ක්, දෙවන පන්තියේ ආසනයක් රු 6000 ක්, තෙවන පන්තියේ ආසන රු 5000 ක් වැනි මිලකට අලෙවි කරන අතර, දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දුම්රිය සදහා විශාල ඉල්ලුමක් පවතින බවයි දුම්රිය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.
එම දුම්රිය ධාවනය කරන මාර්ගයේ පිහිටා ඇති දිය ඇළ ආශ්‍රිත මන්දගාමිව දුම්රිය ධාවනය කිරිමටත්, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 6 ක් සහ ආරුක්කු නවය පාලමේ විනාඩි 10 ක කාලයක් දුම්රිය නතර කිරිමට දුම්රිය පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
Published on: February 10, 2025, 11:19 AM
රජය සතු ආර්ථික මධ්‍යස්ථාන දහතුනම පිළිබඳව විධිමත් සොයා බලා විධිමත් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර රජයක් ලෙස ගනිමින් සිටින බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර් .එම් . ජයවර්ධන මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට එක් විය . මෙහිදී ආර්ථික මධ්‍යස්ථානයේ පිරිසිදුභාවය වාහන නැවතුම ආර්ථික මධ්‍යස්ථාන කඩ හිමිකරුවන් සහ රජය අතර ඇති අවබෝධතා ගීවිසුම කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්නට විය.
පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන් ව්‍යාපාරිකයින් මෙන්ම වෙළඳුන් කළමනාකරණ භාරයේ නිලධාරීන් සමග සමග සාකච්ඡාවකටද එක් වූ අමාත්‍යවරයා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යා තොරතුරු ලබා ගැනීම සිදුකෙරිණි.
මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ආර් ර්ථික මධ්‍යස්ථානයේ වෙළද සල් හිමිකාරිත්වය පළිබදව ව්‍යාපාරිකයන් රජය අතර ඇති බදු ගිවිසුම වසර ගණනාවක සිට අහෝසිවී තිබෙනවා නේද යන්නයි , ඊට පිළිතුරු පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව තමන් සොයා බලා විසඳුමක් දෙන බවත් තමන් එවැන්නක් දඹුල්ලට පැමිණෙනතුරු දැන නොසිටි බවද සඳහන් කිරීම විශේෂත්වයකි.
එමෙන්ම මේ දිනවල පවතින සහල් සහ වී අර්බුදයට විසඳුමක් ලෙස වී වගා කරන ගොවින් වී අස්වැන්න අලෙවි කරනවා වෙනුවට ප්‍රදේශයේම වී මෝල් වලින් අස්වැන්න සහල් බවට පත්කොට ආර්ථික මධ්‍යස්ථාන තුළ සහල් වෙළඳ සැල් කිහිපයක් ඉදිකොට අවශ්‍ය පහසුකම් ලබාදීමට හැකි නම් මෙම ප්‍රශ්නයට යම් මට්ටමකින් විසඳුමක් එන බව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට යෝජනා කරන්නට විය.
නියෝජ්‍ය අමාත්‍ය ජයවර්ධන මහතා සඳහන් කලේ මේ පිළිබඳව රජය අවධානය යොමු කරන බවය, ආර්ථික මධ්‍යස්ථාන දහතුන අතර කිසිදු සහ සම්බන්ධතාවයක් එළවළු ලැබෙන ප්‍රමාණ පවා නොමැති නිසාවෙන් ප්‍රශ්න රැසක් ඇතිවී තිබෙන බවත් ඉදිරියේදී එළවළු ලැබෙන ප්‍රමාණ සහ ආර්ථික මධ්‍යස්ථාන අතර ඍජු සම්බන්ධතාවයක් ඇති කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. සහල් ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේද රජය සතුව නිසි දත්ත පද්දතියක් නොමැති නිසාවෙන් බව කිවේය.
Published on: February 10, 2025, 10:29 AM
2025 ජනවාරි මාසයේ අග සතිය වනවිට මෙරට පොල් ගෙඩියක සිල්ලර මිල පසුගිය වර්ෂයට සාපේක්ෂව 88% කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.
මේ දිනවල වෙළඳපොළේ ලොකු පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි. කුඩා පොල් ගෙඩියක් රුපියල් 170 ත් 190 ත් අතර මිලකට අලෙවි කරන බව වෙළෙන්දෝ ප්‍රකාශ කරති.
2024 ජනවාරි මාසයේ අවසන් සතිය සමග සැසදීමේ දී ලොකු පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 78 කින් සහ කුඩා පොල් ගෙඩියක මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිකුත් කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණයේ සඳහන් වේ.
කමල් ශ්‍රී ලියනගේ
Published on: February 10, 2025, 07:36 AM
කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 25ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. තුවාලකරුවන් කුරුණෑගල රෝහල වෙත යොමුකර තිබේ. නවතා තිබූ බස් රථයක පිටුපස අනෙක් බස් රථය ගැටී අනතුර සිදුව තිබේ.
Published on: February 10, 2025, 09:26 AM
අම්මගේ මූණවත් මතක නැති දාහතර හැවිරිදි පුතා පෙනහලු රෝගී පියා සමග කුසගින්නේ සිටින දුක්බර පුවතක් ගලේවෙල යටිගල්පොත්ත ග්රාමසේවා වසමෙන් වාර් තා විය.
ගලේවෙල ,යටිගල්පොත්ත, මලවයාය ,කොහොඹගහේන ගම්මානයේ ජීවත්වෙන අනුර බණ්ඩාර අබේරත්න මහතා සහ දහ හතර හැවිරිදි වියේ පසුවන දහවැනි වසරේ ඉගෙනුම ලබන ආදරණීය පුතා සමග ජිවත් වෙයි.
කුසගිනි දරා ගැනීමට නොහැකිව දින තුනකට පමණ වරක් කාගෙන් හෝ ලබා දෙන ආහාර වේලකින් ඔවුන් කුස පුරවා ගන්නා බව කියයි, දරුණු පෙනහළු රෝගයකට ලක්ව සිටින අනුර බණ්ඩාර මහතාට කිසිදු වැඩක් පලක් කිරීමට නොහැකිය, මෙම පවුලේ තවත් ඛේදවාචකයක් බවට පත්ව ඇත්තේ මෙම දරුවාගේ මව දරුවාට වයස අවුරුදු එකහමාරක් පමණ වෙද්දි එමෙන්ම ඔහුගේ තවත් නැගණියට මාස නවයක් වයස තිබියදී හදිසියේ ඇතිවූ රෝග තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
එම දියණිය මේ වන විටට 09 වන වසරේ ඉගෙන ගන්නා බවත් ඇය මිත්තණියගේ නිවසේ ඉන්න බව පියා කියයි, ඔවුන් දෙන්නාට අඩුම තරමේ කුඩා දියණිය දැක බලා ගැනීමටවත් යන්නට මුදල් නැති බවත් ප්රදේශවාසීන් ලබා දෙන ආහාර වේලකින් ජීවිතය සරිකර ගන්නා බව කියයි.
අප මෙම නිවසට යන විටත් ඔවුන් සතුව තිබුණු එකම වස්තුව බවට පත්ව තිබුණේ හාල් ග්රෑම් සීයක් පමණි, කිලෝ මීට ර් හතරක් යන්න එන්න මග ගෙවා පාසලට පා ගමනින් අඩුපාඩු රැසක් මධයේ කුසගින්නේ පාසලට යන බව පියා හැඩු කදුලින් කිවේයතම දරුවා සපත්තු දෙකක් කකුලට දැමුවේ මේ වසරේ බවද එයද මිතුරෙකු විසින් ඉවත් කරන ලද සපත්තු දෙකක් ඔහුට තාවකාලිකව ලබා දී තිබුණු බව ද එයද පාසල් ගමනට සුදුසු නොවන බව කියයි.
හිතවත් අයකු පාපැදියක් ලබා දී තිබුණද එම පාපැදිය ද කැඩී පාවිච්චියට ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවේ ,ඊට අමතරව නිවසේ සියලු වැඩ කටයුතු මෙම දරුවා අතින් සිදු කරන බවත් පියා කියයි.
පියාට ප්රතිකාර ලබා ගැනීම මෙන්ම දරුවාගේ අධ්යාපන කටයුතු කුසගින්නට අහරක් අවැසි බවත් ඔවුන් කියයි,මෙම පවුලට රජයෙන් ලැබෙන අස්වැසුම නොලැ බෙන බවත් තම මවට අස්වැසුම හිමිවන නිසා අහිමි වී තිබෙන බව අනුර බණ්ඩාර මහතා කිවේය.
ඔවුන්ගේ ලිපිනය අනුර බණ්ඩාර අබේරත්න , කොහොඹ ගහහේන, යටිගල්පොත්ත , ගලේවෙල, දුරකථන අංකය 078 54782051 ඔහු නමින් ගලේවෙල ඩී එෆ්. සී සි බැංකුවේ ඇති ගිණුම් අංකය 102002912667
Published on: February 09, 2025, 12:29 PM
ජපන් ජාතිකයන් වස්තුවක් ලෙස සැලකෙන ජපන් කොයි මත්සයා මෙරට ජනතාවගේ ස්වං රැකියාවක් බවට පත්ව ඇතැයි ජපන් කොයි අභිජනන මධ්‍යස්ථානය කියයි.
දඹුල්ල ප්‍රදේශයේ තරුණයෙකු වූ අමිල ඉන්දික බණ්ඩාර මහතා මීට මාස කිහිපයකට පෙර ජපන් කොයි මසුන් අභිජනන මධ්‍යස්ථානයක් දඹුල්ල පන්නම් පිටිය ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.
එය මේ වන විට ඉතා සාර්ථක විදේශ විනිමය රටට ගෙනදෙන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ , මේ වන විට ජපන් කොයි මත්ස්‍ය විශේෂ තිස් හයක් දඹුල්ල පන්නම්පිටිය ඉන්දික බණ්ඩාර මහතාගේ ගොවිපලේ සිටින බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වන විට ඔහු සතුව ඇති ගොවිපලේ වැඩිම මිලක් ඇති මත්ස්‍යයාගේ මිල වන්නේ රුපියල් ලක්ෂ අසූවකි . අඩුම එක මත්සයකුගේ මිල රුපියල් 10 000 ක් බව අමිල ඉන්දික බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජපානයේ පසුගිය දිනක පැවතිම ජපන් කොයි මසුන් ප්‍රදර්ශනයකදී තමන්ගේ මත්සයකු ලෝකයේ හොඳම මත්ස්‍යයා අතරට පත් වූ බවත් එම මත්ස්‍යයා ලෝක වෙළඳපළ තුළින් ලන්සු තබා අලෙවි වූ බවත් තායිලන්තයේ අයකු එම මත්ස්‍යයා ජපන් යෙන් මිලියන හැත්තෑවකට මිලදී ගත් බව ඔහු සතුටෙන් ප්‍රකාශ කරන්නට විය.
දඹුල්ල අභිජනන ආයතනයේ රුපියල් 10 000 කට මිලදී ගන්න කොයි මාළු පැටවකු වසරක් පමණ කාලයක් තුල රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලකට අලවි කරන ස්වං රැකියා කරන විශාල පිරිසක් රට පුරා සිටින බව ද ඔවුන් නැවත අභිජනන මධ්‍යස්ථානයට පැමිණ මසුන් පැටව් රැගෙන යෑම සිදු කරන බව කිවේය.
Published on: February 10, 2025, 08:30 AM
ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බවත් පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුව බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
"පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා. ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබද වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යනවා. කොහොම වුනත් මේ තත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නවා.
විදුලි බිද වැටීම නිසා අපහසුතාවයට පත් වූ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන අතරම විදුලිය පද්ධතිය යථා තත්වයට පත් කරන්නට වෙහෙසුණු හා සහයෝගය දුන් සියළු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා"
Published on: February 10, 2025, 07:36 AM
කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 25ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. තුවාලකරුවන් කුරුණෑගල රෝහල වෙත යොමුකර තිබේ. නවතා තිබූ බස් රථයක පිටුපස අනෙක් බස් රථය ගැටී අනතුර සිදුව තිබේ.
Published on: February 09, 2025, 10:24 PM
කරාඩුගල පොලිස් වසමට අයත් නිල්ගල හෑකොලොන්දෙණිය ප්‍රදේශයේදී තම බෑණාට දත් තුනක් කැඩෙන සේ කොස්සකින් පහරදී බරපතළ තුවාල සිදුකළ නැන්දම්මා (08) වෙනිදා කරාඩුගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
රිදීමාලියද්ද හෙවන්වත්ත පෙතියාගොඩ පදිංචි කේ.එම් සරත් කුමාර යන අයගේ බිරිඳ මීට වසර තුනකට පමණ පෙර ඔහු සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් බිරිඳ සහ දරුවන් දෙදෙනා ඇයගේ මවගේ නිවසට ගොස් තිබේ.
සැමියා වන පැමිණිලිකරු රිදීමාලියද්ද පොලීසියට පැමිණිලිකිරීමෙන් පසුව මසකට වරක් දරුවන් දෙදෙනා බැලීමට ඔහුට නැන්දම්මාගේ නිවසට යාමට අවසරදී තිබේ.
2024/11/31 වෙනි දින ඔහු නැන්දම්මාගේ නිවසට ගිය අවස්ථාවේදී “ඇයි තෝ ආවේ තොට මෙහේ ගෑණුත් නෑ දරුවොත් නෑ” යනුවෙන් බැණ වැදී කොස්සකින් මුහුණට පහරදී ඇත.
එම පහරදීමෙන් බෑණාගේ දත් තුනක් කැඩී බරපතළ තුවාල ලබා ඇති අතර බිබිල මූලික රෝහලේ ප්‍රථිකාර ලබා සුවවීමෙන් පසුව පිටව ගොස් ඇත.
වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසු සිද්ධියට සම්බන්ධයෙන් 48 හැවිරිදි නැන්දම්මා අට වෙනිදා පොලීසියට මඟින් අත්අඩංගුවටගෙන බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබේ. කරාඩුගල පොලිස් ස්ථානාධිපති ඩී.එම් ප්‍රේමරත්න මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
Published on: February 09, 2025, 09:42 PM
තමන්ගේ ව්‍යාපාරික ගජ මිතුරෙකු විසින් සිංහරාජ වන පිවිසුමේ නීති විරෝධී මැණික් පතල් කැණීමක් සිදුකරන බවට ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍ය බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහතා සඳහන් කරයි.
මේ නිසා සමාජ මාධ්‍යයෙහි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ බවද ඇමතිවරයා පවසා සිටියේය.
අදාළ ප්‍රචාරයන්හි සඳහන් වන අන්දමේ ව්‍යාපාරික මිතුරෙකු තමන්ට නොමැති බවත් එක් අවස්ථාවකදී පමණක් එම පුද්ගලයා දුරින් දැක තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම අසත්‍ය ප්‍රචාරය නිසා රජයට, තමන්ට සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට බරපතළ හානියක් සිදුව තිබෙන බවත් මේ නිසා අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඊයේ (08දා) අදාළ පැමිණිල්ල සිදු කළ බවත් ඔහු පැවසීය.
ගජ මිතුරෙකු යනු ළඟින්ම ආශ්‍රය කරන කෙනෙකු වුවත් එවැනි මිතුරුකමක් එම පුද්ගලයා සමග නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
Published on: February 09, 2025, 08:45 PM
ජනතාව ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක් වර්තමානයේ බලයට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අවිස්සාවෙල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අද රටේ තිබෙන්නේ ජනතාව ජීවත් කරන්න බැරි යුගයක්. ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක්. ගොවියා වී ටික විකුණා ගන්න බැරිව අනාථ වෙලා සිටිනවා. පාරිභෝගික ජනතාවට දරාගත හැකි මුදලකට සහල් ලබා ගන්න බැරිව ඉන්නවා. පොල් ගෙඩියක් ගන්නට බෑ. ලුණු ටික ගන්නට බෑ. අත්‍යාවශ්‍ය ආහාර පාන ලබා දෙන්න බැරි රජයක් කොහොමද ජනතාව ජීවත් කරවන්නේ? එදා විපක්ෂයේ ඉන්නකොට කුඹුරට බැහැලා කිව්වේ රු.150ක සහතික මිලක් දෙනවා කියලා. එහෙම කියපු අය අද කුඹුරට ගිහින් ගොවියා හමුවන්නට බය වෙලා සිටිනවා, ගොවියෝ බලාගෙන ඉන්නවා අර 150 සහතික මිල දෙනවා කියපු කණ්ඩායම කුඹුරට එනකන්. කුඹුරේදී සලකන්න. මේ වගේ බොරුව, රැවටීම, ජනතාව නන්නත්තාර කිරීම, ඒ පුරුද්ද තුළ අද මුළු සමාජයම අනාථ වෙලා.
අද රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්නවා. රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරු කරලා යවනවා. තමන්ට ගැතිකම්, දේශපාලන හිතවත්කම් පවත්වන පුද්ගලයන් ආරක්ෂා කරන්න, නියමිත තැන්වල ස්ථාපිත කරන්න වැඩ කරනවා. විශේෂයෙන්ම මම කියන්න කැමතියි මේ රටේ ජනතාව අනාථ භාවයට පත්වන මේ රාජ්‍ය ප්‍රතිපත්තියට විරුද්ධව අපි නැගී සිටිනවා පමණක් නෙවෙයි, අගතියට, අසහනයට, අසරණ භාවයට , දේශපාලන පළිගැනීම්වලට ලක්වෙන අය වෙනුවෙන් හඬක් නගලා ඔබගේ දුකට පිහිට වෙන අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.”
Published on: February 09, 2025, 07:58 PM
ඕස්ට්‍රේලියාව සමඟින් නිමාවූ ටෙස්ට් තරගාවලින් අනතුරුව ශ්‍රී ලංකාවට අයි.සී.සී ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයෙන් මෙවර තරගාවලිය නිමා කිරීමට සිදුවිය.
තරගාවලිය ආරම්භ කිරීමට පෙර සිව්වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව තරගාවලිය තරග 2-0ක් පරාජයට පත්වීමත් සමඟ මෙලෙස හයවැනි ස්ථානය දක්වා ඇද වැටී ඇත.
මේම තරගාවලියේ නිමාවත් සමඟින් ටෙස්ට් ලෝක ශූරතාවයේ ලංකාවේ ප්‍රසාද ලකුණු මට්ටම 43.18ක් දක්වා අඩු වී ඇත. නමුත් ඔස්ට්‍රේලියාව සිය ප්‍රසාද ලකුණු මට්ටම 67.54ක් දක්වා වැඩි කර ගනිමින් දකුණු අප්‍රිකාවේ 69.44ක ලකුණු මට්ටමට ආසන්නයට පැමිණීමට සමත් වී ඇත. මෙහි තෙවැනි ස්ථානයේ පසු වන්නේ ප්‍රසාද ලකුණු 50ක් හිමි කරගෙන සිටින ඉන්දියාවයි.
සිව්වැනි ස්ථානයේ ප්‍ර.ල. 48.21ක් ලබා සිටින ඉන්දියාවත්, පස්වැනි ස්ථානයේ ප්‍ර.ල. 43.18ක් ලබා සිටින එංගලන්තයත්, පිළිවෙලින් පසුවෙති.
තරගාවලියේ ශ්‍රී ලංකාවට පහළින් පිළිවෙලින් බංග්ලාදේශය (ප්‍ර.ල.31.25), බ.ඉ.කොදෙව්(28.21)හා පාකිස්ථානය(27.98)පිළිවෙලින් රැදී සිටිති
Published on: February 09, 2025, 07:18 PM
ගිනි තැබූ නිවාසවලට ගෙවූ මුදල සිය ගුණයකින් ගෙව්වද එම පෑරුණු සිත් පිළිබඳව ගණනය කළ නොහැකි බවත් ගිනිතැබූ පුද්ගලයන් හඳුනා ගැනීමට වැඩි පරීක්ෂණ අවශ්‍ය නොමැති බැවින් වර්තමානයේ පවතිනුයේ විකෘති දේශපාලනයක් මිසක ප්‍රකෘතියක් නොවන බවත් මෙය අනෙක් පැත්තට මාරුවීමට ඇත්තේ තව පෝය කිහිපයක් පමණක් බවත් දිලිත් ජයවීර මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වෙන 2025 පළාත් පාලන ඡන්දය ඉලක්ක කර ගනිමින් සර්වජන බලය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8දා) උතුරු මැද හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් සමරකෝන් මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේ පැවති අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.
සිය දේශපාලන ගමන වෙනස් කරමින් ව්‍යවසායකත්ව රටක් වෙනුවෙන් සර්වජන බල පක්ෂය නිර්මාණය කරනු ලැබුවේ පසුගිය අරගල සමයේ වාමාංශික දේශපාලනය වෙනුවෙන් කටයුතු කළ ජනතාව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු බලය තිබියදී අරගලකරුවන් විසින් බේරේ වැවට දැමීමට හා ප්‍රබල දේශපාලනඥයන්ගේ නිවෙස් ගිනිබත් කිරීමට කටයුතු කරද්දී ඒ වෙනුවෙන් පොහොට්ටු ආණ්ඩුව කටයුතු නොකිරීම නිසා බව සර්ව ජන බල පක්ෂයේ නායක දිරිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.
මෙහිදී දිලිත් ජයවීර මහතා සංවේදි වෙමින් මේ බව ප්‍රකාශ කළ අතර තමන් වාමාංශික දේශපාලනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවත් එකමුතු ජාතිකත්වය පවත්වා ගැනීමට කටයුතු කරන මෙම පක්ෂය කිසිවෙකුට පරාජය කර නොහැකි බවත් ඒ මහතා කීය.
ගෙයක් ගිනි තැබීමට හැකි වන්නේ, ගෙයක් පිළිබඳව නොදන්නා පුද්ගලයෙකුට බවත් දෙමව්පියන් , බිරිඳන් සහ දරුවන් නොමැති පුද්ගලයන්ට ගෙයක් පිළිබඳව දැනුමක් නොමැති බවත් එවැනි හැඟීම් නොමැති පුද්ගලයන් රට තුළ සිටි බවත් එසේ සිටිනු ලැබුවේ රට තුළ සියයට තුනක් පමණ වන බවත් ඒ මහතා පැවසීය.
ගිනි තැබූ නිවාසවලට ගෙවූ මුදල සිය ගුණයකින් ගෙව්වද එම පෑරුණු සිත් පිළිබඳව ගණනය කළ නොහැකි බවත් ගිනිතැබූ පුද්ගලයන් හඳුනා ගැනීමට වැඩි පරීක්ෂණ අවශ්‍ය නොමැති බවත් වර්තමානයේ පවතිනුයේ විකෘති දේශපාලනයක් මිසක ප්‍රකෘතියක් නොවන බවත් මෙය අනෙක් පැත්තට මාරුවීමට ඇත්තේ තව පෝය කිහිපයක් පමණක් බවත් දිලිත් ජයවීර මහතා පවසයි.
මිනිස්සු යනු ආදරයේ ජීවියකු මිසක වෛරයේ ජීවියකු නොවන බවද ඒ මහතා පවසයි.
Published on: February 09, 2025, 06:53 PM
දිවයින පුරා සිදුවූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අද පෙරවරු 11.30ට පමණ දිවයින පුරාම විදුලි සැපයුම බිඳ වැටුණි. මේ සඳහා බලපෑ හේතු සොයා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතය.
Published on: February 09, 2025, 06:32 PM
ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අතුරුදන් වූ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඊයේ (8) රාත්‍රියේම ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම නිලධාරියා ඇතුළු පිරිසක් එදින රාත්‍රී 6 සිට කහවිට ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරී යොදන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු එලෙස එදින රාත්‍රී රාජකාරී සඳහා පිටව යාමට විනාඩි 18 කට පෙර අංක 28045840 දරන ටි 56 ගිනි අවිය සහ එම උණ්ඩ 30 ක් පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ලබාගෙන පිටව ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
එනමුත් එම කොස්තාපල්වරයා මාර්ග බාධක රාජකාරී සඳහා වාර්තාකර නැතැයි උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම කොස්තාපල්වරයා ස්ථානයෙන් පිටව යාමේදී සටහන් යෙදීමක් හෝ කාර්යභාර නිලධාරියා දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවත් ඔහුගේ පෞද්ගලික දුරකථනයද මේ වන විසන්ධි කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
මේ වන විට සිදුකළ විමර්ශනවලදී කොස්තාපල්වරයා ගිනි අවි රැගෙන අත්තිඩිය තනිකඩ බට නිවාසය කරා ගොස් එහිදී නිල ඇඳුම් ගලවා දමා සිවිල් ඇදුමින් සැරසි රාත්‍රී 9.15 ට පමණ කුලී සේවා සමාගමකට අයත් වැගන් ආර් රථයකින් බෙල්ලන්තර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගොස් රාත්‍රී 10.15 ට ඩුබායි රාජ්‍යය කරා ගුවන් මගින් පිටව ගොස් ඇතැයි පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම කොස්තාපල්වරයා පාතාල කණ්ඩායම් සමඟ සබඳතා පවත්වා ඇති තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි
පලා ගිය සැකකාර කොස්තාපල්වරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය හරහා අවශ්‍ය කරන කටයුතු සිදු කරයින් පවතින අතර ඔහු විසින් පොලිස් ස්ථානයෙන් නීති විරෝධීව බැහැර කරන ලද ටි 56 ගිනි අවිය සහ පතරොම් 30 නැවත පොලිස් භාරයට ගැනීම සඳහා මේ වන විට විමර්ශන කණ්ඩායම හතරක් යොදවා ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
පලා ගිය කොස්තාපල්වරයා අනුරාධපුර පේමඩුවේ හැලඹ ගස් වැව පදිංචි 25 හැවිරිදි තැනැත්තෙකි.
Published on: February 09, 2025, 05:41 PM
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දුම් පානය කිරිම, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතා කිරිම, මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතා කර ගමන් කිරිම, ලග තබා ගැනිම, විකිනිම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂ ඊ. ඒ. වීරසේකර මහතා පවසයි.
හැටන් කොට්ඨාශ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ මතින් තොර ශ්‍රිපාද වන්දනාවකට සියළුම වන්දනාකරුවන් පෙල ගැස්විමේ අරමුණ මත මෙම පියවර ගෙන ඇති බවද වීරසේකර මහතා පැවසිය.
ඒ අනුව නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන් දැනුවත් කිරිම සදහා දැන්විම් පුවරු සවි කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම තහනම නොතකා මෙම මාර්ගයේ දුම් පානය, මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතා කරන කරන දුම් වැටි හා මත් පැන් මත් ද්‍රව්‍ය අලෙවි කරන ලග තබා ගන්නා සියළුම පිරිස්වලට එරෙහිව නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.
හැටන් - චන්ද්‍ර සෙල්ලහේවා
Published on: February 09, 2025, 04:56 PM
මෙරට සියලු දෙනාට නිදහසේ ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට ඉඩ දීම භයානක තත්ත්වයක් බවත් එය ඉදිරියේදී නියාමනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ යොදන බව නව ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතා පවසයි.
නව ගුවන් හමුදාපතිවරයා ඊයේ (08) පෙරවරුවේ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළේය.
එහිදී ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඩ්‍රෝන යානා නියාමනය පිළිබඳ ලොව කිසිදු රටක පිළිගත් ක්‍රමවේදයක් නොමැති වුවද මෙරට ඩ්‍රෝන යානා හැසිරවීම පිළිබඳව අවශ්‍ය නියාමනය වහාම සිදුකළ යුතුව තිබෙන බවත් එසේ නොවුන හොත් ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇති විය හැකි බවත්ය.
ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා ලෝකයේ අනෙකුත් ගුවන් හමුදා සමග ගනුදෙනු කළ හැකි ආකාරයට නවීන තාක්ෂණික උපාංග සවිකල යුතු තිබෙන බවද අවධාරණය කළ නව ගුවන් හමුදාපතිවරයා ශ්‍රී ලංකාව දූපතක් බැවින් නාවික හමුදාව සමග එක්ව සමුද්‍ර නිරීක්ෂණණ කටයුතු නිරන්තරයෙන් කළ යුතුව තිබෙන බවද පැවසීය.
රට තුළට නීති විරෝධී මත්ද්‍රව්‍ය, සරණාගතයන් පැමිණීම සහ පිටවීම, මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදීම ඇතුළු නීති විරෝධී කටයුතු රාශියක් වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශාල වගකීමක් පැවරී තිබෙන බවද පැවසීය.
එම කටයුතු සිදුකිරීම සඳහා ඇමෙරිකාවෙන් බීච් 360 නැමැති නවීන ගුවන් යානයක් පරිත්‍යාග වශයෙන් ලබුන බවත් ඒ හා සමාන තවත් ගුවන් යානයක් ඔස්ට්‍රේලියාවෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණ බවත් එම ගුවන් යානා දෙක උපයෝගී කරගනිමින් එහි ඇති පරිගණක පද්ධතිය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකා ඉහළ අහසේ සිට හඳුනාගත හැකි බවද ගුවන් හමුදාපතිවරයා පැවසීය.
ෂේන් සෙනෙවිරත්න
Published on: February 09, 2025, 04:12 PM
දින හයකට පෙර මාළු ව්‍යාපාරිකයකුගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් රුපියල් කෝටියකට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පළා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි.
සොරාගෙන ගිය රන් භාණ්ඩ අතර පවුම් 50 1/2පමණ බර රන් වළලු 16 ක් , මාල 5 ක් ,.මුදු 14 ක් , පෙන්ඩන්ඩ් 5ක් , හා කරාපු ජෝඩුවක් වන බව පොලිසිය සඳහන්කරයි.
ව්‍යාපාරිකයා පුවත්පතක පළ කර දැන්වීමක් අනුව ඉකුත් 01 වෙනි දින මෙහෙකාර සේවයට පැමිණ තිබූ මෙම කාන්තාව ගේ පෞද්ගලික තොරතුරු කිසිවක් නිවැසියන් ලබාගෙන නොතිබූ බව පොලිසිය කියයි.
සැකකාර කාන්තාව ඉකුත් හත්වෙනි දින සිට නිවසින් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.මෝදර පොලිසියේ ස්ථානාධිපති නලින් දර්ශන මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වේ.
Published on: February 09, 2025, 03:33 PM
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල හදිසියෙ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රට පුරා සමස්ථ විදුලි පද්ධතිය නැවති ඇති බව ඉහල නිළධාරීයකු පවසයි.
මේ වනවිට ලක්විජය බලාගාරයෙ විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජනන යන්ත්‍ර තුනෙහිම විදුලිය නිෂ්පාදනය නැවති ඇති බවත් එය කුමන හේතුවක් මත සිදුවුවා දැයි සොයා බලමින් ඇති බව කියයි.
කෙසේ නමුත් නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර නැවති ගිය පළමු වතාම මෙය වන බවත් මෙයට පෙර එක් එක් ජනන යන්ත්‍ර පමණක් නැවති තිබු බවද කියයි.
ලක්විජය බලාගාරයෙන් සමස්ථ විදුලි පද්ධතියට මෙගොවට් 900 ක විදුලි ධාරිතාවක් ලබා දීම සිදුවෙති.
කෙසේ නමුත් මෙලෙස ලක්විජය බලාගාරයෙ විදුලිය එකවර නැවති යාමත් සමග රටපුරා සමස්ථ පද්ධතිය නැවති ඇති බවත් එය යථා තත්වයට පත් කිරීම සදහා පැය කිපයක් හෝ එයට වැඩි කාලයක් ගත වනු ඇති බවට පවසන්නට විය.
Published on: February 09, 2025, 02:16 PM
දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
ඒ අනුව ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුුමු ආඩාල වී තිබේ.
Published on: February 09, 2025, 01:12 PM
පානදුර ග්‍රිඩ් උපපොලේ සිදු වූ හදීසි තත්ත්වයක් හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.
එම තත්ත්වය යතා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, සිදු වූ හදීසි බිඳවැටීම ගැන ලංකා විදුලිබල මණ්ඩලය කණගාටුව පළ කරන බව බලශක්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ශාන් මොහොමඩ් මහතා පැවසීය.
Published on: February 09, 2025, 01:07 PM
ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා දිවා කාලයේ ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය ගමන් වාර අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි .
ඉකුත් හත්වෙනිදා සිට දිවා කාලයේ ධාවනය වූ මෙම දුම්රිය දෙකේ ගමන් වාර අත්හිටුවනු ලැබ තිබේ. අත්හිටු වු දුම්රිය වෙනුවට විකල්පයක් ලෙස ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා මගීන් ත්‍රිකුණාමලයේ සිට ගල්ඔය දක්වා ධාවනය වන දුම්රියෙන් ගමන් කර ගල්ඔය දුම්රිය ස්ථානයෙන් බැස මඩකලපුව සිට ගල්ඔය හරහා කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රියෙන් එම ගමන් පහසුව සලසා ගත යුතුවේ.
එසේම කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා මගින් උදෑසන කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ගමන් ගන්නා දුම්රියට නැග ගල්ඔය දුම්රිය ස්ථානයෙන් බැස ගල්ඔය දුම්රිය ස්ථානයේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා දුම්රියෙන් ගමන් පහසුකම් සරසා ගත යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි .
මෙතෙක් කලක් දිවා කාලයේ සීඝ්‍රගාමී දුම්රියෙන් ගමන් පහසුකම් සලසා ගත් මගීන් දුම්රිය බලධාරින් ගත් පියවරට විරෝධය පළ කරන අතර මගින් සිය දහස් ගණනක් එම දුම්රියෙන් දෛනිකව ගමන් කරමින් විශාල ආදායමක් ලබා දුන් බව කියයි.ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා යන මගින් ගල්ඔය දුම්රිය ස්ථානයෙන් මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියට ගොඩවී සිරවී හිටගෙන යායුත්තේ දැඩි අපහසුතාවයකින් බව මගීහු පැවැසුහ .
චමෝද්‍යා අමරජිව
Published on: February 09, 2025, 12:37 PM
ශ්රී ලංකා කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(09දා) සමත් විය.
ඒ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද කඩුලු 09කින් ජයග්‍රහණය කිරීමෙණි.
Published on: February 09, 2025, 12:29 PM
ජපන් ජාතිකයන් වස්තුවක් ලෙස සැලකෙන ජපන් කොයි මත්සයා මෙරට ජනතාවගේ ස්වං රැකියාවක් බවට පත්ව ඇතැයි ජපන් කොයි අභිජනන මධ්‍යස්ථානය කියයි.
දඹුල්ල ප්‍රදේශයේ තරුණයෙකු වූ අමිල ඉන්දික බණ්ඩාර මහතා මීට මාස කිහිපයකට පෙර ජපන් කොයි මසුන් අභිජනන මධ්‍යස්ථානයක් දඹුල්ල පන්නම් පිටිය ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.
එය මේ වන විට ඉතා සාර්ථක විදේශ විනිමය රටට ගෙනදෙන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ , මේ වන විට ජපන් කොයි මත්ස්‍ය විශේෂ තිස් හයක් දඹුල්ල පන්නම්පිටිය ඉන්දික බණ්ඩාර මහතාගේ ගොවිපලේ සිටින බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වන විට ඔහු සතුව ඇති ගොවිපලේ වැඩිම මිලක් ඇති මත්ස්‍යයාගේ මිල වන්නේ රුපියල් ලක්ෂ අසූවකි . අඩුම එක මත්සයකුගේ මිල රුපියල් 10 000 ක් බව අමිල ඉන්දික බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජපානයේ පසුගිය දිනක පැවතිම ජපන් කොයි මසුන් ප්‍රදර්ශනයකදී තමන්ගේ මත්සයකු ලෝකයේ හොඳම මත්ස්‍යයා අතරට පත් වූ බවත් එම මත්ස්‍යයා ලෝක වෙළඳපළ තුළින් ලන්සු තබා අලෙවි වූ බවත් තායිලන්තයේ අයකු එම මත්ස්‍යයා ජපන් යෙන් මිලියන හැත්තෑවකට මිලදී ගත් බව ඔහු සතුටෙන් ප්‍රකාශ කරන්නට විය.
දඹුල්ල අභිජනන ආයතනයේ රුපියල් 10 000 කට මිලදී ගන්න කොයි මාළු පැටවකු වසරක් පමණ කාලයක් තුල රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලකට අලවි කරන ස්වං රැකියා කරන විශාල පිරිසක් රට පුරා සිටින බව ද ඔවුන් නැවත අභිජනන මධ්‍යස්ථානයට පැමිණ මසුන් පැටව් රැගෙන යෑම සිදු කරන බව කිවේය.
Published on: February 09, 2025, 11:40 AM
දිවයිනපුරා විදුලිය බිඳ වැටී ඇති බවට වාර්තා වේ.
මෙය කඩිනමින් යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
Published on: February 09, 2025, 11:26 AM
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුවල්ව සොයා බලා රජයට නිර්දේශ කිරිම කැබිනට් අනුකමිටුවක් පතිකරිමටත් එම යෝජනා පෙබරවාරි අවසන් විමට පෙර කැබිනට් මණ්ඩලයට යොමු කිරිමටත් තිරණය කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකා මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත, වාරිමාර්ග නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් හා එම අමාත්‍යාංශ වල ලේකම්වරුන් ඇතුළු පිරිසක් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේදි පැවැති සාකච්ඡාවකදි මෙම තීරණය ගෙන තිබේ.
Published on: February 09, 2025, 10:28 AM
සංචාරත ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
දිනය ආරම්භයේදී පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 68යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 231ක් ලබා සිටියදී සියලු දෙනා දැවී ගියේය.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 75ක ඉලක්කයක් හිමි විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩාය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 257ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 414ක් රැස් කළේය.
Published on: February 09, 2025, 10:25 AM
මුදල් සහ දේපළ සොරා ගැනීම සදහා ව්‍යාපාරික නිවසකට ඇතුළු වී එහි සිට කාන්තාව ගෙළ කපා මරා පසුව පුළුස්සා දමා පළා ගොස් සිටි යුධ හමුදාවෙන් පළා ගිය සෙබලෙකු ඊයේ (08) දින රාගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු රාගම , තලගොල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කළ වලිමුණි ලසන්ත අබේසේකර නැමැති සෙබලෙකි.
ඔහු ඉකුත් 02/05 දින ඉදිරිපසින් වසා තිබූ තලගොල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසට පස්වරු 01.30 ට පමණ , වහළයේ උළු ඉවත් කර ඇතුළු වී තිබේ .
එහිදී එම නිවසෙහි හිමිකාර කාන්තාව එහි මුළුතැන්ගෙයි සිට ඇති අතර මෙම පුද්ගලයා දැකීමෙන් බියට පත් කෑගැසීමට සැරසෙනවාත් සමගම ඇයගේ ගෙළ මිරිකා ඇය නිහඬ කර තියුණු පිහියකින් ගෙළ කපා මරා දමා තිබේ .
ඉන් අනතුරුව ඇයගේ සිරුරේ ඇති ඇගිලි සළකුණු ඉවත් කර සාක්ෂි වසන් කිරීම සදහා මුළුතැන්ගෙයි තිබූ රෙදි කැබළි , කඩදාසි කොළ එකතු කර , සිරුර මත අතුරා ගිනි තබා තිබේ .
මෙම සිදු වීමෙන් මිය ගොස් ඇත්තේ රාගම , තලගොල්ල ප්‍රදේශයේ පදිංචි කළුදුර අනුලා පද්මිණී නැමැති 76 හැවිරිදි කාන්තාවකි .
එදින ව්‍යාපාරික සැමියා සහ බාළපුතා සිය ව්‍යාපාරික ස්ථානය වසා 06.15 ට පමණ සිය නිවෙසට පැමිණි අවස්ථාවේ , මෙම සිදුවීම දැක , රාගම පොලිසිය වෙත පැමිණිළි කර තිබේ.
පසුව ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කළ පොලිසිය , 02/07 දින මොහු අත් අඩංගුවට ගෙන ඇති අතර ,මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වන අතර , ඔහුට එරෙහිව කුළියාපිටිය මහාධිකරණයේ සහ වැළිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුතු සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා මොහු මෙම ව්‍යාපාරික නිවසට ඇතුළු වී ඇති බව , මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
Published on: February 09, 2025, 09:31 AM
මේ වන විට සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ පරීක්ෂණය යටතේ අත්අඩංගුවට ගෙන සිටි බව සඳහන් කරමින් නිදහස් කළ සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අය නොවන බව නිතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ විමර්ශන තවමත් අවසන් වි නොමැති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය
Published on: February 09, 2025, 08:24 AM
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදීත් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල හා උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමිටර් 30-40 දක්වා තද සුළං අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයිඤ.
Published on: February 08, 2025, 09:35 PM
අඛණ්ඩව තෙවැනි වතාවටත් ශ්‍රි ලංකාවේ විදෙස් සංචිතය සුළු වශයෙන් පහළ ගොස් තිබේ. මේ අනුව ජනවාරි මාසයේද ශ්‍රි ලංකාවේ නිල විදෙස් සංචිතය සියයට 0.9කින් පහළ ගියේය.
මෙරට විදෙස් සංචිතය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකානු ඩොලර් බිලියන 6.12ක් වූ අතර ජනවාරි මාසයේදි ඒය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065ක් දක්වා පහළ ගොස් තිබේ.
Published on: February 08, 2025, 07:52 PM
මිලියන 1100 වැය කොට මහපොළ අරමුදලෙන් SLIIT ආයතන ඉදි කිරීම පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදි මේ බව පැවැසිය.
මහපොළ භාරකාර අරමුදල අවභාවිතා කොට SLIIT ආයතනය ඉදි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් මෙහිදී කරුණු විමසන ලදි. මේ අනුව රු.මිලියන 1100 වැය කොට SLIIT ආයතනය ඉදි කොට ඇත්තේ මහපොළ භාරකාර අරමුදලට අයත් ඉඩමක බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළ අතර පසුගිය කාල වකවානුව තුළ වෝහාරික විගණනයක් කළ බවට සඳහන් වුවද එම වාර්තා සහ තොරතුරු සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොමැති බව පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන් නැවත වෝහාරික විගණනයක් සිදු කොට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවට අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.
තවද දේශපාලන තීන්දු තීරණ මත මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 97ක් ලබාගෙන ඉන් රුපියල් මිලියන 37ක් නැවත භාරදී නොමැති බවත් ඒ පිළිබඳව ද විමර්ශන සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යාධාර ලබා දීමේදී රුපියල් 2650.00 ක මුදලක් මහපොළ භාරකාර අරමුදල මගින් ද රුපියල් 2450.00 ක මුදලක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ද ලබා දෙන බවත් මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී පැවසීය. එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා මෙම මුදල් ලබා දෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් බවත්, රුපියල් මිලියන 563ක පමණ මුදලක් තවමත් ලැබීමට නියමිතව ඇති බවත් සභාපතිවරයා මෙහිදී තවදුරත් පැවසීය. ඉදිරි වර්ෂ 2-3 තුළදී මහපොළ අරමුදල මගින් ප්‍රතිලාභ ලබාදීමට නම් මහා භාණ්ඩාගාරය මගින් ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලැබීම අත්‍යවශ්‍ය බව මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
තවද මෙහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කර සිටියේ ගෙවීමට ඇති මහපොළ ශිෂ්‍යධාර හිඟ මුදල් ඉදිරි මාස තුන ඇතුළත ගෙවීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි. එසේම අප්‍රේල් මස සිට මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව විධිමත් ලෙස ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකිරීමට ද මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව ගරු ජනාධිපතිවරයා ඉදිරි අයවැය තුළින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Published on: February 08, 2025, 05:14 PM
බියගම සියඹලාපේ විහාරස්ථානයක් අසළදි පුද්ගලයෙක් පැහැරගෙන ගොස් සියඹලාපේ ප්‍ර දේශයේ නිවසකට රැගෙන ගොස් පහරදුන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු අවුරුදු 37ක් වන ගුරුවරයෙක් වන අතර සැකකාරිය අවුරුදු 32ක් වන එම ගුරුවරයාගේ බිරිඳ වෙයි. පහරකෑමට ලක්ව ඇත්තේ ගුරුවරයා සේවය කරන විදුහලෙ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.
පැරණි අමනාපයක් මත පැහරගෙන ගොස් මෙම පහරදිම සිදුකර තිබේ.
Published on: February 08, 2025, 03:59 PM
පොලිසියේ ඉහළම නිලධාරීන් 7 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. මෙසේ ස්ථාන මාරුවිම් ලැබූ පොලිස් නිලධාරින් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද වෙයි.
Published on: February 08, 2025, 11:32 AM
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බව අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන පරමාර්ථය වේ.
ඒ අනුව අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ලෙස ජනාධිපති අපනයන සම්මානය පිරිනැමේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර 2023/24 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් මෙවර සම්මාන ප්‍රදානය කෙරිණි.
මෙහිදී සමස්ත සම්මාන 14 ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51 ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබූ අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේහැකියාව සම්මානලාභීන්ට හිමිවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ ලෝකයේ වෙළෙඳපොළ ආර්ථිකය රඳා පවතින්නේ ස්වයං හෝ ස්වාධීනව නොවන බැවින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාවෙන් පරිබාහිර ආර්ථිකයේකොටස්කරුවන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය ඉතා වැදගත් බවයි.
වර්තමාන ලෝකය තුළ වෙළෙඳපොළ බෙදාගෙන අවසන් වී තිබීම හා යළි වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා තරඟයක් ඇති වී තිබීම තුළ ප්‍රමාණවත් පංගුවක් අත්පත් කර ගැනීම අප රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද වෙළෙඳපොළ ලෝක දාමයක් බවට පත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි පාර්ශ්වකරුවකු බවට පත් වීමට රටට හිතකර වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතු බවත් දඩබ්බර, හිතුවක්කාර දරුවකු ලෙස වෙළෙඳපොළ ආක්‍රමණය කළ නොහැකි බවත් අවධාරණයකළේය.
එහිදී ගුණාත්මකභාවයෙන් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට තම රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ලෝකයේ ඇතිවන වෙනස්කම්වලට අනුරූප වන පරිදි නව භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විදුලිබිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.
රටේ ආර්ථිකය වෙනත් තලයකට ගෙන යාමට රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට මරු පහරක් වනු ඇති බැවින් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ඉතා ප්‍රවේසම් සහගත විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
රටේ ආර්ථිකය නඟා සිටුවීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස අපනයනකරුවන්ගේ ඉල්ලීම්, මේ වන විට සකස් කර ගෙන ඇති අත්තිවාරම නොබිඳෙන ලෙස ඉටු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ වන විට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩි පිළිවෙළට ප්‍රවේසම් සහගතව යොමු වී ඇති බවත් ඒ අසීරු කඩඉම අන්‍යෝන්‍ය අවබෝධයෙන් පියමං කිරීමට එක් වන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
Published on: February 08, 2025, 09:38 AM
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වෘත්තියමයභාවයේ, කුසලතා මත පදනම්ව පත්කිරීම් හා රාජ්‍ය තාත්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොලසකා හරිමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී ධුර රැසකට ශ්‍රි ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකිදි පත්කිරිම් සිදුකර ඇති බව එම සංගය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරමින් පවසයි.
එසේම මෙම පත්කිරිම් 2024 රජයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සෘජුවම උල්ලංගණය කිරිමක් බවද එම නිවේදනයේ දැක්වෙයි.
Published on: February 08, 2025, 08:54 AM
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ හැකිය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත් කටයුතු කරයි.
"Govpay " වේදිකාව හරහා පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර, ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක්ද මේ හා එක්වී සිටී.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවත්ය.
ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කළේය.
ජනාධිපති අරමුදලේ සේවා මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වූයේ කොළඹ සිට බවත්, නමුත් එහිදී ඈත ගම්මානවල සිටින පුරවැසියාට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිට එම ක්‍රමවේදය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.
මීට බොහෝ කාලයකට පෙර මෙවැනි තීන්දු තීරණ ගත යුතුව තිබූ බවත්, නිශ්චිත මොහොතේ තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවගේ ජීවිත මෙන්ම රටේ ආර්ථිකයත් පසුගාමී තැනක පවතින බවත්, අද ඩිජිටල්කරණය නිසා නගරය සහ ගම ඒකාබද්ධ වීතිබෙන බවත්, ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට මෙන්ම ගමේ ප්‍රශ්න විසඳීමට ඩිජිටල්කරණය ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අප රට පවතින තලයෙන් අලුත් තලයකට ඔසවා තැබිය හැකි එකම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය බවත්, එමගින් ජනතාවගේ අවශ්‍යතාවන් කිසිදු පීඩාවකින් හා රස්තියාදුවකින් තොරව ඉටු කරගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
යාන්ත්‍රික ජීවන රටාව හේතුවෙන් අපේ රටේ ජනතාවට සංස්කෘතිකමය ජීවිත අහිමි වී ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවට සංස්කෘතිකමය ජීවිතයක් ඇති කර ගැනීමට ඩිජිටල්කරණය පහසුවක් වනු ඇති බවත්, එමනිසා මෙම වැඩසටහන සාර්ථක කර ගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි ප්‍රධාන හැරවුම බවත් පැවසීය.
මේ වෙනස්කම් ඉතා වේගයෙන් ඇති කරගත යුතු බවත්, විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, ගම සහ නගරය අතර පවතින දුරස්ථභාවය තුරන් කිරීමට මෙන්ම ඩිජිටල්කරණය අප රට අලුත් තලයකට ඔසවා තබනු ඇති බවත්, ඒ වෙනුවෙන් රජය ඉතා කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී කියා සිටියේ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය කුසලතාවලින් 75% ක්ශ්‍රී ලංකාව සතුව ඇති බවයි. එහෙත්, එහි විභවය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නම්, රට ඉතිරි පරතරය පියවා ගත යුතු අතර ඉදිරි වසර තුන තුළ සම්පූර්ණ කළ යුතු බවද විජේසූරිය මහතා සදහන් කළේය .
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමට ක්‍රියාත්මක කිරීම මෙහිදී ආරම්භ කළ අතර, එහිදී මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර භාර ගැනීම සංකේතවත්ව සිදු කෙරිණි.
මේ අතර නව ඩිජිටල්කරණ වැඩසටහන යටතේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල, සහතික කළ මුල් පිටපත් ඔවුන් සිටින රටවල තානාපති කාර්යාලය මඟින් ලබා ගැනීමට අවකාශය සලසා ඇත.
මෙහි ආරම්භයක් ලෙස දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරිණි .
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් සිටින රටේ තානාපති කාර්යාලය හරහා උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල සහතික කළ මුල් පිටපත් ලබා ගැනීමට හැකි වීම ඉතා වැදගත් පියවරක් වන අතර, එය ඔවුන්ගේ ජීවිත පහසු කරවීමට බොහෝ ආකාරවලින් බලපායි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙමඅවස්ථාවට එක්ව සිටියහ.
Published on: February 07, 2025, 07:41 PM
දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැව් වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබාදී නොමැති බවද කාර්යාංශය කියයි.
ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාක් නොමැති අතර එසේ යම් ආයතනයක් හෝ පුදගලයෙකු නිරත වීම සපුරා නීති විරෝධී බවද කාර්යාංශය පවසයි.
එවන් කටයුතුවලට හසුවී හෝ අනුබලදෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ එසේ නොවන රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට විදේශ නියුක්ති කාර්‍යාංශ පනතේ විධිවිධාන යටතේ ක්‍රියකරනු ලැබේ.
E-8 වීසා කාණ්ඩය යටතේ කිසිදු පුද්ගලික රැකියා නියෝජිත ආයතනයකට ක්‍රියාත්මකවීමට මෙතෙක් කිසිදු අනුමැතියක් ද ලබාදී නොමැත.
E-8 වීසා යටතේ දකුනු කොරියාවේ රැකියා සදහා විදේශ ගතවීමේ උවමනාවෙන් එසේ මුදල් හෝ වෙන යම් හෝ ගනුදෙනුවක් හෝ ක්‍රියාවලියකට හෝ හසුවෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙක් කොරියාවට හෝ වෙනත් කිසිදු රටකට හෝ රැකියා සදහා විදේශ ගතවිය නොහැකි වීමේ අවධානමකට ලක්වීමට ඉඩ ඇති බැවින් එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවීමෙන් හෝ අනුබලදී මෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය දන්වාසිටී.
Published on: February 07, 2025, 06:19 PM
සෙවනගල, නෙලුම්වැව ප්‍ර දේශයේදි නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
රණකරුගේ නිවස අසළ පදිංචිව සිටින රෝගි මවට දිවා ආහාරය ලබාදිම සඳහා මවගේ නිවසට ගිය අවස්ථාවේදි මෙම විදුලි රැහැනේ ගැටී 31 හැවැරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරුගේ පියා විසින් නිවසට සුනඛයන් පැමිණිම වැළැක්විම සඳහා නිවස තුළ මෙම විදුලි රැහැන ඇද තිබූ බව පොලිසිය කියයි.
Published on: February 07, 2025, 04:49 PM
2025 ජනවාරි මස 20වදා වන විට රුසියානු හමුදාව සමඟ එක්වී සිටින ශ්‍රී ලංකික අයවළුන් අතරින් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවෙදී අද (07) ප්‍රකාශයක් සිදුකලේය.
සව කැමැත්තෙන් රුසියානු හමුදාවන්ට බැදී ඇති ඔවුන් කිසිම ආකාරයකින් රුසියානු මැදිහත්වීමකින් හෝ බවහත්කාරයෙන් බඳවා නොගෙන ඇති බවද එහිදී පවසා සිටියේය. මේවන විට රුසියානු හමුදාව සමග ශ්‍රී ලංකිකයන් 554දෙනෙකු එක්ව ඇති බවත් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය
Published on: February 07, 2025, 02:48 PM
ලෝක සාමය උදෙසා මෛත්‍රීය දයාව කරුණාව පතුරුවාලීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන් මාරය,හා ලාඕසය යන බෞද්ධ රටවල්හි භික්ෂුන්වහන්සේලා 50නමකට අධික ප්‍රමාණයක් පාගමනින් යාපනය දක්වා වැඩම කිරීම අද (07) උදැසන තිස්ස මහාරාම රජමහා විහරස්ථානයෙන් ආරම්භ කෙරිණි.
තිස්ස මහාරාම චෛත්‍ය අභියස ආගමික වතාවත් සිදුකොට තිස්ස මහාරාම රජමහ විහාරයේ විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක ස්වාමින් වහන්සේගේ හා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශන පති පුජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන්ගේ අනුශාසනාවන්ගෙන් අනතුරුව මෙම භික්ෂු පාගමන ආරම්භ කරන ලදී.
මසකට අධික කාලයක් උතුරත් දකුණත් යාකරමින් මෙම සාම පාද චාරිකාවෙහි භක්ෂුන් වහන්සේලා නිරත වීමට කටයුතු සලසා ඇති තිබේ.
Published on: February 07, 2025, 01:56 PM
රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
මුදල් අමාත්‍යාංශයත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයත් මිලේනියම් අයිටී, ඩයලොග් ආසියාටා යන පෞද්ගලික ආයතන දෙකත් ඒකාබද්ධ ව වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ද සහයෝගය මත සකසන ලද අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත්පත් හා උපකරණ ලබා දීමේ යාන්ත්‍රණය මත තෝරාගනු ලැබූ දරුවන් වෙත රු. 6000/- බැගින් වූ තිළිණපත් ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
ඊයේ දින (06) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මෙම වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ, සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සම අවස්ථා ගෞරවාන්විත ව ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා විවර කර දීමේ රජයේ අපේක්ෂාව ඉටු කරගැනීම සඳහා අධ්‍යාපන අවශ්‍යතා කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කර භෞතික සම්පත් ලබා දී එම පවුල් නගා සිටුවීමට ක්‍රියා කිරීමේ දී මනා විනිවිද භාවයක් සහිත ව කඩිනම් හා භාවිතයට පහසු ක්‍රමවේදයක් ඒ වෙනුවෙන් සකස් කරගැනීමට හැකි වූයේ, රාජ්‍ය හා පෞද්ගලික දෙයංශයේ මනා සුසංයෝගය හා කැපවීම මත බව ය. මෙම නව ඒකාබද්ධ ක්‍රියාවලිය හරහා යල්පැනගිය සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් තොරතුරු ලබාගැනීමේ දී සිදු විය හැකි අක්‍රමිකතා හා ප්‍රමාදයන් රැසක් වලක්වා ගත හැකි වීම සම්බන්ධයෙන් තෘප්තිමත් භාවයකට පත් විය හැකි බවත් මෙහි දී අගමැතිවරිය සඳහන් කළාය.
මෙම ඒකාබද්ධතා පුරවැසි සහයෝගීතා ක්‍රමවේදය ඉදිරියටත් විධිමත් ව පවත්වා ගැනීම මගින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම කාර්යක්ෂ්ම හා ඵලදායි ලෙසින් යාවත්කාලීන කළ හැකි වනු ඇති බවට ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී විශ්වාසය පළ කළාය.
එහි දී තවදුරටත් අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ, භෞතික සම්පත්වල හිඟකම හේතුවෙන් බොහෝ දරුවන්ගේ පාසල් ගමන අතරමග නතර වන බවත් එසේ දරුවන් පාසල් හැර යාම වලක්වා දරුවන් පාසල් තුළ රඳවා ගැනීමට අභිප්‍රේරණයක් ඇති කිරීම ද මෙවැනි භෞතික සම්පත් ලබා දීමේ මුඛ්‍ය අරමුණක් වී ඇති බව ය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ යෝජනාවක් මත දියත් වූ මෙම ක්‍රියාවලිය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මූලිකත්වය ගෙන සහයෝගයෙන් ඉදිරියට ගෙන යන බවත් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස ගුණාත්මක සංවර්ධනයක් ද සහිත ව ඉදිරියට ගෙන යෑමට එය මනා පිටුබලයක් වන බවත් හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී පැවසී ය.
මෙම වැඩසටහනේ පළමු අදියර තුළින් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන් එකොළොස් ලක්ෂ හත්දහසකට (1,107,000) සෘජු ව ම මුදල් ගිණුම්වලට බැර කර ඇති බවත් දෙවන අදියරේ පළමු පියවර ලෙස අස්වැසුම ප්‍රතිලාභ හිමි නොවුණු පවුල්වල දරුවන් තුන්ලක්ෂ හතලිස් පන්දහස් හත්සිය තිස් දෙදෙනෙක් (345,732) සඳහා වවුචර්පත් මුද්‍රණය කර ඛෙදා හැර ඇති බවත් දෙවන අදියරේ දෙවැනි පියවර සඳහා මේ වන විට පාසල් ළමුන් එක්ලක්ෂ දහඅට දහස් එකසිය හතලිස් දෙදෙනෙක් (118,142) ලියාපදිංචි වී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය මෙම තිළිණපත් දරුවන්ට ලබා දීම සඳහා ලියාපදිංචිය තහවුරු කර ඇති වෙළෙඳ ආයතන සංඛ්‍යාව මේ වන විට 315ක් වන අතර 178ක් ලියාපදිංචිය අපේක්ෂාවෙන් පසු වන බව ද කීය.
එසේ ම රජයේ හා පෞද්ගලික පාසල්වල මෙන් ම පිරිවෙන්වල සහ විශේෂ අවශ්‍යතා සහිත පාසල් ඇතුළු සමස්ත පාසල් පද්ධතියේ වැඩි පරාසයක ශිෂ්‍ය සංඛ්‍යාවකට මෙම ප්‍රතිලාභ හිමි වන අතර එය මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 68%ක් පමණ වන බව ද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී සඳහන් කළාය.
මේ අවස්ථාවට මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, ප්‍රසම්පාදන අතිරේක ලේකම් දේවිකා ලියනගේ, මිලේනියම් අයිටී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ෂෙවාන් ගුණතිලක, ඩයලොග් ආසියාටා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීහු එක් ව සිටියහ.
Published on: February 07, 2025, 12:41 PM
ජනාධිපතිවරයාගේ නියෝග මත බව කියමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (05දා) උදෑසන සිට රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි ප්‍රධාන කාර්යාලයේ විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
විහාර දේවාලගම් පනත අනුව මෙහි විගණනයක් කරන්නේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව එහි යා යුතු වුවද කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුම් දෙන තුරු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාවත් මේ බව දැන සිට නැතැයි අනාවරණය වී ඇත.
රුහුණ කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායකගේ පැමිණිල්ලක් මුල් කර ගනිමින් ජනාධිපති කාර්යාලය කළ දැනුම් දීමකට අනුව විගණන නිලධාරීන් එහි පැමිණි බව අනාවරණය වේ.
විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොණරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ ඊයේ (05දා) පස්වරුව වන තුරු විගණන කටයුතු ආරම්භ කර තිබිණ.කතරගම මහ දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් අපලයකට භාර කළ රන් තැටියක් අතුරුදහන්වීම ඇතුළු චෝදනාවට ලක් වූ කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා විසින් කරන ලද පැමිණිල්ල මත මෙම විමර්ශනය අරඹා ඇතත් විගණනයට ලක් නොවන්නේ දේවාලයේ මාසය කරන එක කපුවෙකුට දේවාලයට ලැබෙන පඬුරුවලින් මාසෙකට රුපියල් කෝටි හතරක පමණ මුදල් ඔවුන් ගන්නා බව එහි පැමිණි විගණන නිලධාරීන්ට දේවාලයේ රාජකාරි කරන නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ .
බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට ලැබෙන සෑම ආධාරයක්ම විනිවිද භාවයකින් යුතුව වෙබ් අඩවියේ පළ කරන බවද මෙම විමර්ශනයේදී පෙන්වා දී තිබේ.විහාර දේවාලගම් පනත අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයාගේ ඉල්ලීමක් මත මෙවැනි විගණනයක් කළ යුතු වුවද, අඩුම තරමේ විගණන කටයුතු සඳහා පැමිණෙන්නට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා ව දැනුවත් කිරීමක්වත් නොකර ඇතැයි හෙළි වී ඇත.
කෙසේ වුවද බස්නායක නිලමේවරයා පවසන්නේ, මෙම විගණනය තමන්ට ලැබුණා වූ දේව ආශිර්වාදයක් බවයි. මේ විගණනය මගින් තමන් විසින් කතරගම දේවාලයේ ආධාර මනා විනිවිද ආකාරයෙන් පවත්වාගෙන යන අකාරය රටටම අනාවරණය වනු ඇතැයි පවසන බස්නායක නිලමේවරයා, විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමට තමන්ගේ උපරිම සහාය දෙන බවද කියා සිටියේය.
සෙල්ලකතරගම -අසිත වීරසිංහ/කතරගම -ආරියපාල රත්නායක
Published on: February 07, 2025, 11:39 AM
වෙළෙඳ පොළේ අලෙවි කිරීමට තිබෙන ඇතැම් ලුණුවර්ග ප්‍රමිතියෙන් තෙර බවත්, සැලකිය යුතු මුදලකින් මිල ඉහළ ගොස් තිබෙන බවත් පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.
ඇතැම් නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කර තිබෙන කුඩු කළ ලුණු ( මේස ලුණු) අධික තෙත ගතියකින් යුක්ත බවත් මෙම වර්ගයේ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.130- රු.160 අතර මුදලකට අලෙවි කරන බවත් සඳහන් කරති.
මීට මාස දෙක තුනකට පෙර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුක් රුපියල් 95- රු 110 අතර මුදලකට අලෙවි කළ බවත් සමහර සමාගම් පැකට් දෙකක් මිලදී ගත් විට තවත් පැකට්ටුක් නොමිලේ ලබාදුන් බවත් පෙන්වා දෙයි.
රුපියල් එකසිය විස්සකට අලෙවි වූ කැට ලුණු කිලෝවක මිල මේ වන විට රු. 230-රු. 240 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මෙම වර්ග දෙකේම ඇතැම් නිෂ්‍පාදන ජලයේ දිය කළ විට මඩ පාට බවත් සඳහන් කරයි.
මේස ලුණු වියළි තත්ත්වයකින් තිබිය යුතු වුවත් ඇතැම් ලුණු වර්ග තෙත ගතියකින් යුත්ත නිසා භාවිත කිරිමේදී යම් යම් ගැටලු ඇති වන බවත් පෙන්වා දෙයි.
Published on: February 06, 2025, 11:42 AM
ඉතිහාසයේ මෙතෙක් අප නොදුටු දුර්ලභම පොල් වල්ල බැට්ටි අවස්ථාව දක්වා වර්ධනය වී තිබියදී ආරච්චිකට්ටුව නැගෙනහිර වැලිවැව ප්‍ර දේශයේ විමලසිරි මහතාගේ නිවසේදී 03දා ලංකාදීප කැමරාවට හසුකර ගැනීමට හැකි විය.
සාර්ථක පළදාවක් ඇති ගසකින් පොල් බීජ කීපයක් පැළ ලබා ගැනීමට සිටවු පසුබිමක මෙම සුවිශේෂි පොල්පැළය සාමාන්‍ය පොල් පැළයකට වඩා වෙනස්ව වැඩී මාස 9දී ඇට්ටි අවස්ථාව දක්වා වර්ධනය වු පොල් බීජ දැක ගැනීමට හැකිවුබව විමලසිරි මහතා අප සමග පඅවසුවේය.
මෙම පොල් පැළය වඩාත් හොද සාත්තුවක් ලබාදී වෙනත් යෝජිත ස්ථානයක සිටවා එය හොදින් රැකබලාගන එහි ප්‍රතිඵල බලාගැනීමට ආසාවෙන් සිටින බව ඒමහතා අප සමග වැඩිදුරටත් පැවසුවේය.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න
Published on: February 07, 2025, 10:42 AM
ලබන මස 10වන දින සිට දුම්රිය තුනක තෙවන පන්තියේ ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා අඩු ආදායම්ලාභී ජනතාවට අසාධාරණයක් සිදුවන බවත් දුම්රිය සේවකයෝ සඳහන් කරති.
ලබන මස 10වන දින සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රියවල හා පස්වරු 03.45 ට තලෛයිමන්නාරම බලා ධාවනය වන දුම්රියවල තෙවන පන්තියේ වෙන් කළ ආසන පහසුකම් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද පෙන්වා දෙයි.
දුර ගමන් යන ජනතාවට ආසන වෙන්කර ගැනීමට නොහැකි වුවහොත් ගමනාන්තය දක්වා සිට ගෙන යාමට පවා සිදුවිය හැකි බවත්, තුන්වන පන්තියේ ආසන වෙන්කර ගනු ලබන්නේ අඩු ආදායම්ලාභී ජනතාව බවද සේවකයෝ පෙන්වා දෙති.
මෙම දුම්රියන් නැවත කොළඹට පැමිණීමට අදාළවත් තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් අහිමි කර තිබෙන බවත්, මේ අනුව මේ දක්වා ආසන වෙන්කිරීමේ පහසුකම් තිබූ තෙවන පන්තියේ මැදිරි සාමාන්‍ය තෙවන පන්තියේ මැදිරි ලෙස ඉදිරියේ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කරයි.
සාමාන්‍ය හා අඩු ආදායම්ලාභී ජනතාව විසින් වෙන්කරන ලද මෙම ආසන පහසුකම ඉවත් කිරීම තුළින් එම ජනතාව අපහසුතාවයට ලක්වන නිසා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සලකා බැලිය යුතු බවද පෙන්වා දෙයි.
Published on: February 07, 2025, 09:42 AM
බොහෝ ප්‍රදේශවල මේ වන විට තැඹිලි හිඟයක් නිර්මාණය වී තිබෙන අතර, මේ නිසා ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක මිල රුපියල් දෙසියත් දෙසිය පනහත් දක්වා ඉහළ ගොස් තිබේ.
නිසි ලෙස තැඹිලි තොග නොලැබීම නිසා සිල්ලරට තැඹිලි අලෙවි කිරීමේ කටයුතු අතහැර දැමීම පවා සිදුව තිබෙන බව තැඹිලි අලෙවිකරුවන් සඳහන් කරති.
විවිධ රෝගාබාධ සඳහා තැඹිලි වතුර භාවිත කරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලබා දී තිබෙන රෝගීන්ට අවශ්‍ය තැඹිලි පවා සොයා ගැනීම දුෂ්කර වී තිබෙන බව රෝගී ජනතාව සඳහන් කරති.
විශාල වශයෙන් තැඹිලි විදේශ රටවලට යැවීම නිසා තැඹිලි හිඟයක් නිර්මාණය වී තිබෙන බවත්, වියළි කාලගුණ තත්ත්වය වැඩි වුවහොත් තැඹිලි ගෙඩියක මිල රුපියල් තුන්සියය දක්වා ඉහළ යා හැකි බවද තැඹිලි අලෙවි කරන සිල්ලර වෙළෙඳුන් පෙන්වා දෙති.
Published on: February 07, 2025, 08:41 AM
ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර තිබූ රතු නිවෙදන සහිත සැකකරුවන් තිදෙනෙක් ඩුබායිහිදි අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා විවිධ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයන් වෙයි. ඩුබායිහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් මෙම සැකකරුවන් තිදෙනා අද දින පෙරවරු 10ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපෙළ වෙත ගෙන ඒමට නියමිතව තිබේ.
Published on: February 07, 2025, 07:25 AM
මහරගම අපේක්ෂා රෝහලේ පරිත්‍යාග ගිණුමට ලැබුණු රුපියල් කෝටි 40 ක අරමුදල් වසර 2 ක කාලයක් තුළ කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
2022 හා 2023 වර්ෂ සඳහා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් ද අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව එම විගණන වාර්තාව පෙන්වා දෙයි. 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා විවිධ ව්‍යාපෘති 4 කට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇතැයි විගණන වාර්තාව සඳහන් කරයි.
එසේම කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව මෙම විගණන වාර්තාව පෙන්වා දෙයි.
ලිට්ල් හාට් ව්‍යාපෘතිය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා මහල් 10 කින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් උපකරණ මිලදී ගැනීමටත් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද 2023 වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි 8 ක් පමණක් බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.
කමල් ශ්‍රී ලියනගේ
Published on: February 06, 2025, 09:26 PM
ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත්ව තිබේ. වසර දෙකක ධුර කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඇයගේ ධුර කාලය 2027දී ඇරඹීමට නියමිතය..
බෝවන රෝග මාඩපැවැත්වීම සඳහා සපයා ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර බෝවන රෝග සංගමය විසින් ඇය තෝරාගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරනු ලබන නීලිකා මලවිගේ මහත්මිය කොළඹ විශ්විවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.
කොවිඩ් 19 වෛරසය, ඩෙංගු රෝගය හා සාර්ස් වැනි වෛරස් රෝග සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ සිදු කළ පර්යේෂණ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක්ව ඇති අතර ඇය ලොව ප්‍රමුඛ විද්‍යාඥයන්ගේ ලැයිස්තුවටද ඇතුළත්ව සිටියි.
Published on: February 06, 2025, 08:41 PM
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාඩෝ රථයක චැසි සහ එන්ජින් අංක භාවිතා කරමින් ලියාපදිංචි කර භාවිතා කළ බව කියන නීති විරෝධීව එකලස් කරන ලද ප්‍රාඩෝ රථයක කොටස් ස්ථාන කීපයක සඟවා තිබියදී අද (6) අලුයම සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය කියයි.
ඒ සමගම මන්ත්‍රීවරයා ප්‍රදේශය හැර පලායාම හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි විමර්ශන නිලධාරීහුු පවසති.
හිටපු මන්ත්‍රීවරයා නීති විරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් කූෂර් ප්‍රාඩෝ රථයක් පරිහරණය කරන බවට නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව දින ගණනාවක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම රථය සිය භාරයට ගැනීමට විශේෂ පොලිස් කණ්‌ඩායමක් පුත්තලමට ගියබව පොලිසිය කියයි.
නමුත් අදාල රථය සොයාගැනීමට නොහැකි වී ඇති අතර වැඩිදුරටත් සිදු කළ පරික්ෂාවේදී එයකොටස් කර මන්ත්‍රීවරයාට අයත් පපුත්තලමේ පිහිටි පොල් ඉඩමක තිබී එන්ජිමේ කොටසත් සහ ඔහුගේ නිවසට ආසන්නයේ වෙනත් නිවසක සඟවා තිබියදී චැසිය හා බඳ කොටසක් සොයා ගැනීමට සමත් වී ඇත.
සැකකාර මන්ත්‍රීවරයා එම ප්‍රාඩෝ රථයට යොදා ගෙන ඇති දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තු මගින් භාවිතා කරන ප්‍රාඩෝ රථයක එන්ජින් සහ චැසි අංක කොටා ලියාපදිංචි කර බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
ඉකුත් කාලය පුරා දිවයිනේ විවිධ ස්ථානවලින් කොටස් එක ලස කරන ලද වාහන පොලිස් භාරයට ගැනීමත් සමගම සැකකාර මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුත්‍රයා එක්ව මෙම රථය කොටස් කර සඟවා ඇති බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාල ගත වංචා විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
Published on: February 06, 2025, 07:59 PM
යපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවහනය කරමින් තිබූ ට්‍රැක්කටරයකට පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) සවස අත්අඩංගුවට ගත් බවට යපනය පොලීසිය පැවසීය.
ගුරුනගර් සිට නීතිවිරෝධි වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් පිළිබඳව යාපනය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ගුරුගර ප්‍රධාන මාර්ගයේ මුරකාවල් යොදා සිටියදී අදාල වැලි ට්‍රැක්ටරය ධාවනය වී ඇති අවස්ථාවේ පොලීසිය විසින් ට්‍රැක්ටරය නැවත්වීමට එහි රියදුරුට අණ කොට ඇත.
පසුව ට්‍රැක්ටරය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් ට්‍රැක්ටරය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව ට්‍රැක්ටරය නොනවැත්වීම නිසාවෙන් ට්‍රැක්ටරයට වෙඩි තබා ඇත. එහිදී රියදුරු බියට පත්ව ට්‍රැක්ටරය දමා පලා යාමට උත්සහ ගත් අවස්ථාවේදී පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
Published on: February 06, 2025, 07:12 PM
යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ත් බවට පොලීසිය පැවසීය.
යාපනය උදයපුරම් මුහුදු වෙරල ප්‍රදේශයේදී කොට්ඨාශ අපරාද විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද කේරල ගංජා කිලෝ 104 ක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05) දින අත්අඩංගුවට ගනු ලැබීය.
එමෙන්ම කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේදී යාපනයේ සිට පුත්තලම් දක්වා වාහනයකින් රැගෙන යමින් සිටි කේරල ගංජා කිලෝ 60 ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු පුනරීන් පොලීසිය විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගන්නා ලදි.
මේ අතර මාන්තෙයි බටහිර අඩම්පන් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 28 ක් සොයගත් බවට අඩම්පන් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් දිස්ත්‍රීක් භාර අධිකරණයන් වෙතට ඉදිරිපත් කිරීමට ස්ථාන භාර පොලිසීය විසින් කටයුතු කොට ඇත.
Published on: February 06, 2025, 06:18 PM
ඊශ්‍රායල නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා සුදුසුකම් ලැබූ එකලොස් දෙනෙකු සදහා අද (06) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ගමන් බලපත්‍ර ලබා දීම සිදු වුණි.
මෙලෙස ඊශ්‍රායලයට පිටත්ව යෑමට සූදානම් වන්නේ 154 වන කණ්ඩායමයි. මෙම එකලොස් දෙනා අතර කාන්තා රැකියාලාභීන් නව දෙනෙකු සහ පිරිමි රැකියාලාභීන් දෙදෙනෙකු ඇතුලත් ය.
2025 ජනවාරි මස පළවෙනිදා සිට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමි වූ පිරිස මෙම කණ්ඩායමද ඇතුළත්ව 131 කි. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 2,021 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා උදා වී ඇත.
නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවයක්ද පසුගිය වසර කිහිපයේ ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී.
Published on: February 06, 2025, 05:32 PM
මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකුට වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා රුපියල් 31,000/-ක දඩයක්ද අද (06) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවම් කාලය වසර 07කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙ දඬුවම් නියම වුයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස කටයුතු කළ රාමවික්‍රම ගමාච්චිගේ රුවන් නමැත්තකුටය.
2016 සැප්තැම්බර් 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී, මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට තැපැල් මඟින් ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට තිලිණ නයනජිත් නමැත්තාගෙන් රුපියල් 11,000/-ක අල්ලසක් ඉල්ලීම, ලබාගැනීම ඇතු`ථ චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී අදාළ සී.සී.ටී.වි. කැමරා කට්ටල ආනයනය කළ ටී.පී. තිලිණ නයනජිත් නමැත්තා කළ පැමිණිල්ලකට අනුව උපාය දූතයකු යොදවා කළ වැටලීමකදී විත්තිකරු අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට ගත් බවට සාක්කි ඉදිරිපත් විය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා හතරටම ඔහු වරදකරු බවට තීරණය කළේය.
ඒ අනුව එක් චෝදනාවකට වසර 07 බැගින් චෝදනා හතරට සඳහා වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවම් වසර 07ක කාලයක් තුළ එකවර ගෙවීයන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.
සචිත්‍ර ගුණසේකර
Published on: February 06, 2025, 04:59 PM
රජය මගින් නාඩු වී සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීමට පෙර ඉකුත් 5දා දක්වා, පෞද්ගලික වෙළඳුන් නාඩු කිලෝවක් රුපියල් 130ක මිලකට, මිලදී ගත් බවත් රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණි ගොවියකු අනුරාධපුර පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිටට පැමිණ, අද (6දා) සත්‍යග්‍රහයක නිරත විය.
මහවිලච්චිය පේමඩුව ප්‍රදේශයේ පදිංචි ආර් අනුර බණ්ඩාර නමැති ගොවි මහතා ' වී ' කරල් කිහිපයක් සහ කෘමි නාශක අඩංගු බෝතලයක් රැගෙන එය ඩී.එස්.සේනානායක පිළිරුව වෙත දිගු කරමින් රජය ඇතුළු මහ මෝල් කරුවන්ගෙන් ගොවියා බේරා දෙන ලෙස අයැද සිටියේය.
" මේ වනවිට රජයේ වී මිලදී ගැනීමේ, මිලත් එක්ක ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා සිටිනවා. එදා මේ රජය බලය ගන්න කොට කිව්වේ ගොවියාට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා.වී වලට සහතික මිල නියම කිරීමෙන් මෝල් හිමියන්ට වාසියක් උනා.
දැන් ගොවියාගේ වී වලට සාධාරණ මිලක් කියලා, 120ක මිලක් නියම කරලා තියෙනවා. මේ මගේ අතේ තියෙන ගොයම් කරල්, මේ ගොයම් කරල්, මේ දක්වා මේ තත්ත්වයට එනකං වතුර දුන්න දවසේ ඉඳලා දුක් විඳලා, දුක් විඳලා, පැල් රැකලා වී වලට සාධාරණ මිලක් ලබා දෙනවා කිව්වට පස්සේ අද 120ක මිලක් ලබා දීලා තියෙනවා. අද පොහොර මිල කීයද?
බිත්තර වී වලට කීයද, හාන්න යන මුදල කීයද, මේව දැකල නෑ වගේ තමයි කෘෂිකර්ම ඇමති තුමා අද ටයිකෝඩ් දා ගෙන, සීතල කාමර වල ඉඳලා තීන්දු තීරණ ගන්නේ. හැබැයි ගොවියාට ඔබ තුමාලා මේ විදියට කරොත් මේ අතේ තියෙන්නේ වස බීලා සිය දිවි හානි කර ගන්න තමයි වෙන්නේ.
අද මම අනුරාධපුරයට ආවේ රටටම බත් දුන්න පියා, එදා වැව් අමුණු හදලා රට සශ්‍රීක කරලා රට පෝෂණය කරපු ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිට ඉඳලා මම කියන්නේ, අද මේ දහදිය කඳුළු හැමදේම මහ පොළොවට පතිත කරන්නෙ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අඩවියේ ඉඳලා, එම නිසා අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. කුඹුරට වතුර දුන්න දවසේ ඉඳලා ගොවියා විඳින දුක, උඩ ඉන්න දෙවියන් වත් දන්නේ නෑ.
එදා හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයා රුපියල් 350 ගානේ, 'කන්න' 5ක් අපිට පොහොර ලබා දුන්නා හොරා කෑවාත් එතුමා ජනතාවට සේවයක් කළා.
අද වන විට වී කිලෝව 130ට දෙන්න බෑ, කළුකඩ මුදලාලිලා අඩුවට කිරනවා, ඒක මාධ්‍ය හරහා පෙන්නුවා. රජයේ මිල නිසා ඊයේ මම කඩෙන් අහන කොට කිව්වේ, තෙත වී ගන්නේ 90යි අපිට ඊට වැඩිය බෑ කියලා. රුපියල් විස්සක් 30ක්වත් අපිට ඕනෙ කියලා. රජය කරපු දේ නිසා අපිට 130ට වී දෙන්න බැරි වෙලා තියෙනවා දැන් පෞද්ගලික අංශයට."
Published on: February 06, 2025, 04:10 PM
2022 අවුරුද්දේ සිදු වූ අරගලයේදී දේපල හානී වූ බව පවසා දේශපාලඥයන් 43 දෙනෙකු රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් වන්දි ලෙස ලබාගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (06දා) පැවති විවාදයේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මෙම අනාවරණය සිදු කළේය.
වන්දි මුදල් ගෙවා තිබූ ආකාරය
කපිල ණුවන් අතුකෝරල 504 000
විමලවීර දිසානායක 550 000
ගීතා කුමාරසිංහ 972000
ජනක තිස්සකුට්ටිආරච්චි 1 143 000
ගුණපාල රත්නසේකර 1 412 780
ප්‍රේමනාත් සී දොලවත්ත 2 300 000
ප්‍රියංකර ජයරත්න 2 348 000
සම්පත් අතුකෝර 25 40610
ජයන්ත කැටගොට 2 814800
විමල් වීරවංශ 2 540 000
චන්න ජයසුමන 3 334 000
අකිල එල්ලාවල3 554 250
චමල් වීරවංශ 6 539 374
චන්දිම වීරක්කොඩි 6 948 800
අශෝක ප්‍රියන්ත 7 295 000
සමන්ප්‍රිය හේරත් රුපියල් ලක්ෂ 105.2
ජනක බණ්ඩාර රුපියල් ලක්ෂ 150.5
රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 114.4
සීතා අරඹේ රුපියල් ලක්ෂ පොල රුපියල් ලක්ෂ 137.8
සහන් ප්‍රදීප් රුපියල් ලක්ෂ 171.3
ශෙහාන් සේමසිංහ රුපියල් ලක්ෂ 185.1
ඉන්දික අනුරුද්ධ රුපියල් ලක්ෂ 195.5
මිලාන් ජයතිලක රුපියල් ලක්ෂ 223
රමේෂ් පතිරණ රුපියල් ලක්ෂ 281
දුමින්ද රුපියල් ලක්ෂ 288
කනක රුපියල් ලක්ෂ 292
ඩී.බී. හේරත් රුපියල් ලක්ෂ 321
ප්‍රසන්න රණවීර රුපියල් ලක්ෂ 327
ඩබ්. ඩී වීරසිංහ රුපියල් ලක්ෂ 372
ශාන්ත බණ්ඩාර රුපියල් ලක්ෂ 391
එස්.එම්. චන්ද්‍රසේන රුපියල් ලක්ෂ 438
සනත් නිශාන්ත රුපියල් ලක්ෂ 427
සිරිපාල ගම්ලත් රුපියල් ලක්ෂ 509
අරුන්දික ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 552
සුමිත් උඩුකුඹුර රුපියල් ලක්ෂ 559
ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 561
කෝකිලා ගුණවර්ධන රුපියල් ලක්ෂ 587
මොහාන් පී ද සිල්වා රුපියල් ලක්ෂ 601
නිමල් ලන්සා රුපියල් ලක්ෂ 692
අලි සබ්‍රි රහීම් රුපියල් ලක්ෂ 709
ගාමිණී ලොකුගේ රුපියල් ලක්ෂ 749
ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934
කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959
Published on: February 06, 2025, 03:34 PM
නිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත දීමට රජයට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
දශක තුනක කාලයක් රට වෙළාගෙන තිබු යුද්ධය නිමා කිරීමට නායකත්වය දීම හේතූවෙන් නිරන්තරයෙන්ම ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගේ ආරක්‍ෂාව ස`ඳහා යොදවා සිටි ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය හේතූවෙන් තම ජීවිත ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් වී ඇතැයි සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම එදින කැඳවන ලෙසද වැඩිදුරටත් නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ උත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනවිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
නීතිඥ අනුරාධ සෙනරත් මහතා මඟින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති මහින්ද රාජපක්ෂ මහතා දශක තුනක කාලයක් මෙරට වෙළාගෙන සිටි යුද්ධයක නිමා කිරීමට නායකත්වය දුන්නේ තමා බව සඳහන් කර ඇත.
යුද්ධයක් නිම කිරීමට නායකත්වය දීම හේතූවෙන් තමා නිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට මුහුණපා සිටීම නිසා තම ආරක්‍ෂාවට යුදහමුදා අණදෙන නිලධාරීන් තිදෙනෙක්ද, ඒකක යුදහමුදා අණදෙන නිලධාරීන් සිව්දෙනෙකු ඇතුලත්ව සෙසු නිලයන් 58 දෙනෙකු යොදවා සිටි බවත් ඊට අමතරව පොලිස නිලධාරීන් 56 දෙනෙකු සහ පොලිස් රියදුරුන් 29 දෙනෙකු ලබාදී සිටි බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට නිසි තක්සේරුවකින් තොරව ඉතිරි සිය`ථ ආරක්ෂක නිලධාරීන් ඉවත්කර ඇතැයිද සඳහන් කර ඇත.
මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් ආරක්ෂාව සඳහා සපයා ඇත්තේ පොලිස් නිලධාරින් පමණක් බවත් අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් තම ජීවිතයටද තර්ජන එල්ල වී ඇති බවත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා එලෙස ආරක්‍ෂාව ඉවතත් කිරීමෙන් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දෙන්නැයිද ඉල්ලා සිටී.
තමන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳ තක්සේරුවක් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඇයැද සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට තමාගෙන් ඉවත් කර ඇති සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි තමාට සැපයීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයිද ඉල්ලා සිටී.
පෙත්සම කැදවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය කරුණු දක්වමින් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ගැනීමට මෙන්ම විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය හෙයින් ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය.
පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ විධිමත් ආරක්ෂක ඇගයීමකින් පසුව වුවත් වගඋත්තරකරුවන් කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කර ඇතැයි පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා වගඋත්තරකරුවන් වෙනුවෙන් කළ ඉල්ලීමට අවසර දුන් අතර අවශ්‍ය නම් ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශවයට හැකියාව ඇතැයිද දැනුම් දුන්නේය.
සචිත්‍ර ගුණසේකර
Published on: February 06, 2025, 02:30 PM
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාහන ආනයනය කිරීමට යෙදවූ වැඩ පිළිවෙල තමන් කළාක් මෙන් වත්මන් ආණ්ඩුව හැසිරීමක් පෙනෙන්න තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේපැවැත්වෙන විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් ඇහුවම ඔබතුමන්ලා කියනවා අපිට මාස 10ක් ළමයි හම්බෙන්න ගත වෙනවා. මාසෙන් දෙකෙන් ළමයි හදන්න බෑ කියලා. ඒත් වාහන ගෙනාපු එකේ මාසෙන් දෙකෙන් ළමයා හදපු හැටි අපිට පොඩ්ඩක් දැනගන්න කැමතියි. මට හිතෙනවා රනිල් වික්‍රමසිංහගේ ළමයට මෙතුමන්ලා උප්පැන්නේ දුන්නා වගේ එකක් තමයි පේන්නේ. මට තියෙන බය මාස 10කින් කොහොමත් බබා හම්බවෙයි යන විදියට. "
Published on: February 06, 2025, 01:30 PM
සිය ක්‍රිකට් දිවියේ අවසන් තරගය සහ 100 වැනි තරගය ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්නගේ පළමු ඉනිම ලකුණු 36ට සීමා විය.
ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේතන ලයන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය.
Published on: February 06, 2025, 01:26 PM
බිබිල මහඔය මර්ගයේ 66 කණුව දඹදෙනිය ප්‍රදේශයේ හෙද පුහුණුව අවසන් කර රැකියාව බලාපොරොත්තුවෙන් සිටි තරුණියක නිවස පිටුපසු තිබු ළිදකට පැන 05 දින සවස මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මහඔය දඹදෙනිය ප්‍රදේශයේ පදිංචි මෙත්මා අධිකාරි නැමති 27 හැවිරිදි තරුණියකි.
ඇය රජයේ හෙද විදුහලෙන් හෙද පුහුණුව ලබා රැකියාව අපේක්ෂාවෙන් නිවසේ සිටියදි මෙම සියදිවි නසාගැනීම සිදුකරගෙන තිබෙන බව පොලිසිය කියයි.
මියගිය තරුණිය මානසික ආතතියට ඖෂධ ලබාගෙන තිබෙන බවට තොරතුරු සොයාගත් බව පොලිසිය කියයි. මහඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ උපදෙස් මත නිළධරීන් පරීක්ෂණ පවත්වති.
Published on: February 06, 2025, 12:36 PM
දියතලාව නගරයේ දී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක පැහැරගෙන බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ න් යමින් සිටියදී පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී පාසල් දැරිය සමඟ සැකකාර තරුණ අරක්කැමියකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල බෝපිටිය ප්‍රදේශයේ ජාඇල ප්‍රදේශයේ සංචාරක හෝටලයක අරක්කැමියකු ලෙස සේවය කරන 18 හැවිරිදි තරුණයකු යැයි පොලිසිය කීය .
පැහැරගෙන යාමෙදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව විහාරගලපතන ප්‍රදේශයේ පදිංචි දියතලාව ප්‍රදේශයේ පාසලක 9 ශ්‍රේණිය ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවියක බවත් ඇය වෛද්‍ය පරීක්ෂණ යක් සදහා දියතලාව රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .
මෙම සැකකරු බාලවයස්කාර පාසල් දැරිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඒ අනුව සැකකරු කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ න් දියතලාව නගරයට පෙරේදා (5) උදෑසන සිසුවිය මුණගැසීමට පැමිණ ඇති බවත් පොලිසිය සදහන් කළේය .
සිසුවිය සුපුරුදු පරිදි පාසල් යාමට උදෑසන නිවසින් පිටත්ව දියතලාව නගරයට පැමිණ පාසල් නොගොස් තරුණයා මුණගැසී ඇති බව පොලිසිය පවසයි .
පසුව පාසල් නිළ ඇදුම් පිටින් සිටි සිසුවියට උඩ්න් වෙනත් ඇදුමක් අන්දවා සිසුවිය කැටුව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියට නැග සිසුවිය සැකකරු කොළඹ රැගෙන යමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය .
මේ අතරතුරේ සිය දියණිය තරුණයකු සමග දියතලාව දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියට නැග ගිය බවට සිසුවිය ගේ මවට හිතවත් අයකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් අනුව මව මේ සම්බන්ධයෙන් දියතලාව පොලිසිය ට ගොස් පැමිණිලි කර ඇත .
පසුව වහා ක්‍රියාත්මක වූ දියතලාව පොලිසිය මේ සම්බන්ධයෙන් පොලිස් පණිවුඩ යවමින් පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර , මෙහිදී පට්ටිපොළ දුම්රිය ස්ථානය ට උඩරට මැණිකේ දුම්රිය ලගා වීමේන් අනතුරුව පට්ටිපොළ පොලිස් නිලධාරීන් දුම්රිය පරික්ෂා වට ලක් කර මෙම පැහැරගෙන යමින් සිටි බාලවයස්කාර පාසල් සිසුවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන දියතලාව පොලිසිය ට බාර දුන් බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.කේ.බංඩාර මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්‍රසාද් රුක්මල්
Published on: February 06, 2025, 11:42 AM
ඉතිහාසයේ මෙතෙක් අප නොදුටු දුර්ලභම පොල් වල්ල බැට්ටි අවස්ථාව දක්වා වර්ධනය වී තිබියදී ආරච්චිකට්ටුව නැගෙනහිර වැලිවැව ප්‍ර දේශයේ විමලසිරි මහතාගේ නිවසේදී 03දා ලංකාදීප කැමරාවට හසුකර ගැනීමට හැකි විය.
සාර්ථක පළදාවක් ඇති ගසකින් පොල් බීජ කීපයක් පැළ ලබා ගැනීමට සිටවු පසුබිමක මෙම සුවිශේෂි පොල්පැළය සාමාන්‍ය පොල් පැළයකට වඩා වෙනස්ව වැඩී මාස 9දී ඇට්ටි අවස්ථාව දක්වා වර්ධනය වු පොල් බීජ දැක ගැනීමට හැකිවුබව විමලසිරි මහතා අප සමග පඅවසුවේය.
මෙම පොල් පැළය වඩාත් හොද සාත්තුවක් ලබාදී වෙනත් යෝජිත ස්ථානයක සිටවා එය හොදින් රැකබලාගන එහි ප්‍රතිඵල බලාගැනීමට ආසාවෙන් සිටින බව ඒමහතා අප සමග වැඩිදුරටත් පැවසුවේය.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න
Published on: February 06, 2025, 10:56 AM
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ කන්දකැටිය 21 හංදිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස්රථ දෙකක රියදුරු , කොන්දොස්තරවර සේවකයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී කිතුල් පොල්ලකින් සහ අතින් පයින් පහරදීමෙන් තුවාල ලැබු පෞද්ගලික බස්රථ රියදුරන් දෙදෙනකු සමඟ බස්රථ කොන්දොස්තරවරයකු ඊයේ (5) මීගහකිවුල සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පවසයි .
මන්නාරම සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක සහ මහියංගණ සිට වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක රියදුරු , කොන්දොස්තරවරුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිසිය කීය .
මෙම ගැටුමෙන් තුවාල ලැබු මහියංගණ සිට වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයේ රියදුරු ලෙස සේවය කල වැලිමඩ ගුරුතලාව කරගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු , කොන්දොස්තරවරයා ලෙස සේවය කල බදුල්ල රිල්පොල මැදගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු මීගහකිවුල රෝහලට ඇතුළත් කර මන්නාරම සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයේ රියදුරු ලෙස සේවය කල බණ්ඩාරවෙල බිදුනුවැව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .
මහියංගණ සිට බදුල්ල හරහා වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථය පසුපසින් පැමිණි මන්නාරම සිට බදුල්ල හරහා දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථය කන්දකැටිය 21 හංදිය ප්‍රදේශයේ දී වැලිමඩ පෞද්ගලික බස්රථය ඉස්සර කර ඉදිරියට ගොස් මගහරස් කර නවතා මන්නාරම දියතලාව පෞද්ගලික බස්රථයේ රියදුරු , කොන්දොස්තරවරයා බසයෙන් බැස ගොස් වැලිමඩ පෞද්ගලික බස්රථ රියදුරුට මෙසේ අතින් පයින් පොල්ලකින් පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .
පසුව බස්රථ දෙකේ කොන්දොස්තර රියදුරු දෙපිරිස අතර ගැටුම දුර දිග යාමෙන් අනතුරුව මෙසේ පෞද්ගලික බස්රථ රියදුරන් දෙදෙනකු සමග කොන්දොස්තරවරයකු තුවාල ලබා රෝහල් ගත කල බවද පොලිසිය පවසයි .
වේලා.සටහන් සම්බන්ධයෙන් මෙම පෞද්ගලික බස්රථ දෙකේ රියදුරු කොන්දොස්තරවරුන් දෙපිරිස අතර හටගත් ආරවුලක් ගැටුමට හේතු වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත , ජේෂ්ඨ පොලිස් අධිකාරි පී එම් ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.කේ.දිසානායක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
Published on: February 06, 2025, 09:54 AM
ත්‍රිකුණාමලය ලන්දේසි බල කොටුව සම්පූර්ණ දිනක් ගත කරමින් ආකර්ෂණීය තැන් නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට ලබා දීමේ අරමුණින් කොටු පවුර ඇතුළු ගොඩනැගිලි සංරක්ෂණය කිරීමට රජය තීරණය කර තිබේ .
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව මෙම ව්‍යාපෘතිය වසරක් තුළ ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා පැවසීය.
මේ අනුව කොටුව තුළ පිහිටි ලන්දේසි ගොඩනැගිලි, බිම් ගෙවල්, කොටු පවුර ඇතුළු හඳුනාගත් ස්ථාන සංරක්ෂණය කරණ අතර දැනට යුද හමුදාව යටතේ ඇති සංචාරකයන්ට විවෘත කළ හැකි ස්ථාන හඳුනාගෙන ඒවා යුද හමුදාවෙන් ලබා ගැනීමටද තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවදුරටත් කීහ.
ත්‍රිකුණාමලය කොටුවේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව
Published on: February 05, 2025, 02:14 PM
ආණමඩුව නායික්කුලය රඹේයාය ප්‍රදේශයෙ ගොවින්ගේ තෙත වී මිලදි ගැනිමට පැමිනි ව්‍යාපාරිකයකු කිසිවකුට සැක නොසිතන අයුරීන් ඔහු රැගෙන ආ බිම් බලැන්සයෙ බර වෙනස් කරමින් ගොවින්ගේ වී හොරට කිරමින් සිටියදි ගොවින් විසින් අදාල ව්‍යාපාරීකයා හා ලොරි රථය සමග එහි සේවකයින් පිරිස ආණමඩුව පොලිසියට භාර දීමට 4 දින සවස කටයුතු කර තිබු බව කියයි.
මෙම ව්‍යාපාරීකයා රැගෙන ආ බිම් බලැන්සය කිසිවකුට සැක නොසිතන අයුරීන් එහි නියමිත බර සලකුණු නොවන ලෙසට පහත යකඩ රාමුවට අගල් පහේ යකඩ ඇණ දමා සිර කරමින් වී ලබා ගනිමින් තමන්ට වංචාවක් කල බව ගොවින් චෝදනා කරති.
ආණමඩුව රඹේයාය ප්‍රදේශයෙ ගොවි මහතෙකුට අයත් වී තොගයක් කිරන අවස්ථාවේදි ඒ පිලිබදව නිවෙස් හිමි ගොවි මහතා ඇතුළු පවුලේ පිරිසට සැක සිති ඇති බවත් නිවැසියන්ට යම් සැකයක් මතුව ඇති බවට දැන ගත් ව්‍යාපාරීකයා කඩිනමින් අදාල වී සදහා මුදල් ගෙවා පිටව යාමට සුදානම් වන විට ගම්වාසින් එක්ව ලොරිය නවතා තිබු බව කියයි.
ඒ සමග බිම් බලැන්සය බිමට ගෙන පරික්ෂා කිරීමේදි හෙළිව ඇත්තේ නියමිත ලෙස සැකසි තිබු දෑ ඉවත් කර ඒ සදහා යකඩ ඇණ යොදා තිබු බවයි.
ගොවින් පවසන්නේ එසේ සැකසු විට තමන්ගේ එක් වී මිටියකින් කිලෝ 10 කට රහසේ හොරට කිරා ගැනිම සිදුවන බවයි.
අදලා සිද්දියට මුහුණ දුන් ගොවි මහතා වන එම්.එම්. මුදියන්සේ ගොවි මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.
“ අපි අහිංසක මිනිස්සු.මාස තුනකට වැඩි කාලයක් දහදුක් විදලා ගෙට ගත්ත වි ටික හොරට කිරාගෙන ගිහාම අපි ජීවත් වෙන්නේ කොහොමද ඇත්තටම අපිට හිතා ගන්න බැහැ.
මගේ තෙත වී කිලෝව රුපියල් 108 ගානේ මුදලට ගන්න මේ මුදලාලි පොරෝන්දු වුනා.ඒ නිසා මම වී ටික එයාට දුන්නා.සේරම වී කිරුවේ බිම් බලැන්සයෙන් ඒ කිරද්දි මට සැක හිතුනා හැම උරයකම තිබුනේ කිලෝ 35, 36 වගේ නමුත් අපේ දැනුමේ හැටියට කිලෝ 50 ට වැඩි වෙන්න ඕනා ඒ නිසා අපිට සැකය වැඩි වුනා.
ඒ ගැන අහපුහාම එක එක ඒවා කියලා කිරපු වී වලට සල්ලී දිලා යන්න සුදානම් වුනා.මමයි අපේ ළමයි එකතු වෙලා දෝස් කියලා බැන වැදුනා පස්සේ ගමේ කට්ටිය එකතු වෙලා බලැන්සය බිමට අරන් බැලුවා.
එතකොටයි දැක්කේ බලැන්සේ යකඩ තට්ටුව තිබෙන ඇණ ඉවත් කරලා නියමිත බර අදින එක අඩු කරන්න අගල් පහේ යකඩ ඇණ දාලා තිබේනවා.
අපි පොලිසියට කතා කරලා කියුවා.පොලිසිය අපේ කිරපු වි අරන් යන්න හැදුවා අපි ඒකට ඉඩ දුන්නේ නැහැ මොකද මේ වි පොලිසියට අරන් ගිහින් උසාවි දාලා කවලා දෙයිද දන්නේ නැති නිසා. එතකොට වී තොගයම තෙත නිසා විනාශ වෙන්න අපිට දෙන්න බැරි හින්දා.හැබැයි පොලිසියට හොරුයි බලන්සැයි අල්ලලා දුන්න නිසා එයාලා ඉතිරි පරික්ෂණය කරලා දායි කියලා අපි හිතනවා යැයි ඔහු පවසන්නට විය.
ආණමඩුව පොලිසියෙ නිළධාරීන් පිරිසක් පැමින අදාල ලොරි රථය හා එහි තිබු තවත් වී තොගයක් හා බිම් බලැන්සය සමග ලොරි රථයෙ පොලිසිය වෙත අදාල පරික්ෂණ සදහා රැගෙන යාම සිදුවිනි.
කෙසේ වෙතත් ගොවින් පවසන්නේ රජය වී අලේවි මංඩලය සක්‍රිය කර තිබුනා නම් කිසිදු ලෙසකින් මෙලෙස ගම් පුරා ගමන් කරමින් වී මිලදි ගන්නා පිරිසට කිසිදු ලෙසකින් වී ලබා දීමක් සිදු නොකරන බවය.
Published on: February 06, 2025, 08:21 AM
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය සංචාරය ලබන 10 දා ආරම්භ කිරිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ජනවාරි 10 දා සිට 13 දා දක්වා ක්‍රියාත්මක මෙම සංචාරයේදී ජනපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වන ලෝක රාජ්‍ය සමුළුව 2025 සඳහා එක්විමටද නියමිතය. එසේම මෙහිදි ජනපතිවරයා විවිධ රාජ්‍ය නායකයන් මෙන්ම ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික නියෝජිතයන් හා සාකච්ඡා පැවැත්විමටද නියමිතය.
Published on: February 06, 2025, 07:45 AM
පොල්ගෙඩි මිලියන දෙසීයකට සමාන ධාරිතාවෙන් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් හා පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පොල් නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම නිසා උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පොල් අමුද්‍රව්‍ය වශයනේ භාවිත කරන දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
මෙම අමුද්‍රව්‍ය ගෙන්වීම දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට අනුගතව කඩිනමින් ගෙන්වීමේ හැකියාව සොයා බැලීම සඳහා කැබිනම් මණ්ඩලය විසින් පසුගිය 27 වැනි දින බලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.
අදාළ බලධාරීන් විසින් මාර්ගෝපදේශ සකස් කර ඉදිරිපත් කර තිබු අතර එකී මාර්ගෝපදේශ අනුගමනය කරමින් පොල් ගෙඩි මිලියන දෙසීයකට සමාන ධාරිතාවෙන් යුත් පොල් මද ප්‍රමාණයක් හා වියලන ලද කුරුට්ට සහිත (කොප්පරා නොවන ) පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Published on: February 05, 2025, 09:34 PM
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩල සපයා දීමට රජය තීරණය කර තිබේ.මේ අනුව පී කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1.100.000ක් වත්මන් සැපයුම්කරුගෙන් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මේ වන විට ආරම්භ කර ඇත.
මේ වන විට පවතින විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ඉවත් කිරීම සඳහා ආගමන විගමන දෙපර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව දිනකට ගමන් බලපත්‍ර හාරදහස බැගින් නිකුත් කිරීමට තීරණය කර තිබෙන අතර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අතිරේක කාර්යමණ්ඩල කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකගතාව කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Published on: February 05, 2025, 09:16 PM
පෞද්ගලික පරිහරණය වෙනුවෙන් වාහන ආනයනය කිරීමට රජය අවසර දුන්නද මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන ආනයනය කිරීමට දැන්ම කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මන්ත්‍රීවරුන්ගේ වාහන අවශ්‍යතාව වෙනුවෙන් යම්කිසි පහසුකමක් සකස් කෙරුණු ඇති බවද අමාත්‍යවරයා පැවැසීය. කිසිසේත්ම මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා නොදෙන බවත් ඔහු පැවැසීය.
"මන්ත්‍රීවරයා වැඩ කරන්න ඕන තමයි. නමුත් මේ අවස්ථාවේ අපේ ප්‍රමුඛ කාර්ය වාහනය නෙමෙයි. ප්‍රවාහන පහසුකම් දරා ගන්න අපි ක්‍රම කිහිපයක් සකස් කරනවා. මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නෑ "
Published on: February 05, 2025, 08:26 PM
‘ඔන් ලයින්’ පනතට නව සංශෝධන කීපයක් ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (05) දැනුම් දුන්නේය.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා මෙසේ දැනුම් දුන්නේ අදාළ පනත සම්මත කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් කැඳවූ අවස්ථාවේදීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන එස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලීණ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරේ වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.
ඔන්ලයින් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කරමින් විවිධ පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනුකළ බවත් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල පනත පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්නේ නම් ඊට කළ යුතු සංශෝධන ගණනාවක් රජයට යෝජනා කර තිබූ බවත් පෙත්සමිකරුවෝ සඳහන් කරති.
ඒත් පනත සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ නිර්දේශ ඊට ඇතුළත් කිරීමට එවක රජය කටයුතු නොකළ බවත් ඒ අනුව අදාළ පනත නිසියාකාරව නිත්‍යානුකූලව සම්මත වී නොමැති බවත් ප්‍රකාශ කරන පෙත්සම්කරුවෝ ඒ අනුව තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයිද අදාළ පනත සම්මත කර ඇති ආකාරයේ නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයිද ඉල්ලා සිටිති.
පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් ‘ඔන්ලයින්’ පනතට සංශෝධන ගෙන ඒමට පසුගිය රජය සමයේ පියවර ගෙන තිබුණත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම එම කටයුතු අඩාළ වූ බව දැනුම් දුන්නේය.
මේ වන විට සම්මත කර ඇති අදාළ ‘ඔන්ලයින්’ පනතට සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි කී සොලිසිටර් ජනරාල්වරයා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත යැයිද කීය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විරාන් කොරයා සහ නීතිඥ සේනානි දයාරත්න යන මහත්වරු කරුණු දක්වමින් පනත සම්මත කරගත් ආකාරය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්හ.
ඒ අවස්ථාfවේදී පෙත්සම්කාර නීතිඥවරුන් ඇමතූ විනිසුරු මඩුල්ල අදාල පනතට සංශෝධන ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින හෙයින් ප්‍රගතිය සලකා බැලීමෙන් පසු පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු බව දැනුම් දුන්නේය.කරුණු සළකා බැලීමෙන් අනතුරුව ජුනි 23 වැනිදා පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
සචිත්‍ර ගුණසේකර
Published on: February 05, 2025, 07:46 PM
පොල්ගෙඩි මිලියන දෙසීයකට සමාන ධාරිතාවෙන් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් හා පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පොල් නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම නිසා උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පොල් අමුද්‍රව්‍ය වශයනේ භාවිත කරන දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
මෙම අමුද්‍රව්‍ය ගෙන්වීම දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට අනුගතව කඩිනමින් ගෙන්වීමේ හැකියාව සොයා බැලීම සඳහා කැබිනම් මණ්ඩලය විසින් පසුගිය 27 වැනි දින බලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.
අදාළ බලධාරීන් විසින් මාර්ගෝපදේශ සකස් කර ඉදිරිපත් කර තිබු අතර එකී මාර්ගෝපදේශ අනුගමනය කරමින් පොල් ගෙඩි මිලියන දෙසීයකට සමාන ධාරිතාවෙන් යුත් පොල් මද ප්‍රමාණයක් හා වියලන ලද කුරුට්ට සහිත (කොප්පරා නොවන ) පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Published on: February 05, 2025, 07:31 PM
ටොයොටා ලෑන්ඩ් කුෂර් වර්ගයේ ජීප් රථයක් නීති විරෝධී ව මෙරටට ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කළ වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයකු මොරන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව අදාල දීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.
එකී ජීප් රථය නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ මොරන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයා ඉකුත් 3 වෙනිදින අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (7)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එදිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කර ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි
Published on: February 05, 2025, 06:41 PM
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර අතර මාර්ග කොටස තුල ඇති නායයාමේ අවධානම වැලක්වීම සදහා කඩිනම් ස්ථිර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 101.3 ක මුදලක් වෙන් කර තිබේ. ඒ යටතේ බණ්ඩාරවෙල දුමිරිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද නායයාම වැලක්වීම සදහා දැවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද සෑම වර්ෂා කාලයකදීම නායයාම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බොහෝ අවස්ථාවලදී බණ්ඩාරවෙලට පමණක් සීමා වන අතර එය වැලක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙලල සිට දෙමෝදර දක්වා නිරන්තරයෙන්ම නාය යන ස්ථාන අටක් හදුනා ගෙන එම ස්ථාන අටම නායයාම වැලක්වීම සදහා සංවර් ධනය කිරීමට නියමිතය.
මෙරටට පැමිණෙන සංචාරකයින් බොහෝ පිරිසක් ඇල්ල සහ දෙමෝදරට දුම්රියෙන් පැමිනෙන අතර මෙම සංචාරකයින් උඩරට දුම්රිය මාර්ගයේ සිරි නැරඹීම සදහා ඉමහත් කැමත්තක් දැක්වීම නිසා මෙම මාර්ගයේ නාය යාම් අනතුරු වලක්වා ගැනීමටත් සංචාරක ආකර් ෂණය එලෙසම පවත්වා ගැනීමත් අරමුණු කර ගනිමින් මේ වන විට මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මෙහිදි නාය අනතුර සහිත කදුකර ප්‍රදේශය ස්වාභාවික තත්වය ආරක්ෂා කරගනිමින් කොන්ක්‍රීට් ආවරනයක් හා ජලය බැසයාමේ තාක්ෂණික ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට නානු ඹය දක්වා ස්ථාන රාශියකද මෙම ව්‍යාපෘතියේ තවත් අදියර කිහිපයක් සිදු කරන අතර එම කටයුතු අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේදි මෙම කදු ගැට ආවරණය කරමින් කොන්ක්‍රීටි වැස්මක් යොදන අතර එහි හිඩැස් අතරින් ශාක වවා නැවතත් ස්වභාවික පරිසරය නිර් මාණයවීමෙන් මෙහි ස්වභාවික තත්වය නැවත ඇතිකරන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය පවසයි.
නිශ්ශංක මීගහකිවුල
Published on: February 05, 2025, 05:59 PM
මත්පැන් පානය කර තනිකඩ බට නිවාසය තුළදී පාලනය කරගත නොහැකි තරමට කලාහකාරි ලෙස හැසුරුනු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ පානදුර උතුර පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේය.
වැඩ තහනමට ලක් වූ කොස්තාපල්වරුන් දෙදෙනා ඊයේ (4) මධ්‍යම රාත්‍රියේදී තනිකඩ බට නිවාසය තුළදී බහින් බස් වීමක් සිදුකරගෙන ඇති අතර රාත්‍රී කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා එය පරික්ෂා කිරීමේදී ඔහුටද එම තත්ත්වයේ පාලනය කරගත නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව කොස්තාපල්වරුන් දෙදෙනා පානදුර මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඇති අතර ප්‍රශ්වාසයේ මධ්‍යසාර ගඳ ඇති බවට සඳහන් කර වෛද්‍ය වාර්තාව ලබාදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඉහත විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා විසින් කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනමට ලක්කර ඇත.
බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ/පානදුර සුමිත් පොතුපිටිය
Published on: February 05, 2025, 05:07 PM
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ඒ ඒ ජනපතිවරයාගේ කැමැත්ත මත පත්කර ගන්නා බවත් එය රාජ්‍ය සේවයට අදාළ තනතුරක් නොවන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
"ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ මහජන ආරක්ෂක ආමත්‍ය ආනන්ද විජේපාල මහතායි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර පත්වෙන්නේ ඒ ඒ ජනාධිපතිවරයාගේ ධුර කාලයට හා ඒ ඒ ජනාධිපතිවරයාගේ කැමැත්ත මතයි.
ඒක රාජ්‍ය සේවයේ තනතුරක් නෙමෙයි. පෞද්ගලික ලේකම් කෙනෙක් ඉන්නවානේ ඇමතිවරයෙකුට එයත් රජයෙන් පඩි ලබනවා. ආනන්ද විජේපාල ඇමතිවරයා රජයෙන් පඩියක් ලබන්නෙ නෑ. තනතුරට පඩියක් ලැබෙනවා. එක් කලින් හිටපු අය අරගෙන ඇති. අපි ගන්නේ නෑ. ඇමතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්ට පඩි ලැබෙන්නෙත් ඔය විදිහටම තමයි."
Published on: February 05, 2025, 04:59 PM
දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම් වල සිදුකළ මනුෂ්‍ය ඝාතන හතරක යතුරු පැදි කරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්තිඩිය, වැව පාරේදී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 15 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු මහේෂ් පෙරේරා නොහොත් ජනියා නමින් හඳුන්වන ගල්කිස්ස බඩෝ විට 3 වන අදියර පදිංචිකරුවෙකි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඉකුත් 30 වෙනි දින අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග මත සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධ සම්බන්ධයෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නැමැත්තාගේ උපදෙස් මත මෙම සිව් ඝාතනය සඳහා සැකකරු පැදිකරු ලෙස සම්බන්ධව ඇත්තේ එක් ඝාතනයක් සඳහා රුපියල් ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් මත බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම සංවිධානාත්මක අපරාධකරු විසින් අපරාධ සිදු කිරීම සඳහා අවි ආයුධ සහ යතුරුපැදී විවිධ පුද්ගලයන් මාර්ගයෙන් මෙම සැකකරුට ලබා දී ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව සැකකරු විසින් දෙහිවල පොලිස් වසමට අයත් බඩෝවිට හතරවන අදියර ප්‍රදේශයේදී ඉකුත් වසරේ සැප්තැම්බර් මස 15 වෙනි දින තරිඳු මදුෂාන් ස්වාරිස් (31) නැමැති පුද්ගලයා ඝාතනය කිරීම , එම වසරේ නොවැම්බර් 13 වෙනි දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝ විට තුන්වන අදියරේ ගයෂාන් චතුරංග ප්‍රනාන්දු (30) ඝාතනය කිරීම හා ඉකුත් ජනවාරි මස හත්වැනි දින ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේදී බෝම්බිරියගේ සුදත් ගෝමස් නොහොත් මනෝ (37) හා ඔහුගේ ඥාති පුත් චානුක විමුක්ති පිරිස් (21) යන ද්විත්ව ඝාතන සිදුකිරීම සඳහා පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍වලට ඇබ්බැහි වුවෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Published on: February 05, 2025, 04:02 PM
ශ්රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 04 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද පරෙවියන් (Pigeons), අප්‍රිකානු සුරතල් පක්‍ෂීන් (African love birds), පියාඹන ලේනුන් (Flying squirrels) සහ ඖෂධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට අසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට ලද තොරතුරකට අනුව, එම ආයතනය සහ මන්නාරම කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශණ කාර්යාංශය එක්ව, මන්නාරම පේසාලේ ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ලොරි රථයක් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම ලොරි රථය තුල නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ පරෙවියන් (Pigeons) 220ක්, අප්‍රිකානු සුරතල් පක්‍ෂීන් (African love birds) 20ක්, පියාඹන ලේනුන් (Flying squirrels) 08ක්, ඖෂධ පෙති 230ක් සහ ඖෂධ දීයර අඩංගු බෝතල් 40ක් සමඟ එම ලොරි රථය සහ සැකකරුවන් තිදෙනෙක් (03) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 44ත් අතර වයසේ පසුවන දඹුල්ල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සතුන්, ලොරි රථය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
Published on: February 05, 2025, 02:14 PM
ආණමඩුව නායික්කුලය රඹේයාය ප්‍රදේශයෙ ගොවින්ගේ තෙත වී මිලදි ගැනිමට පැමිනි ව්‍යාපාරිකයකු කිසිවකුට සැක නොසිතන අයුරීන් ඔහු රැගෙන ආ බිම් බලැන්සයෙ බර වෙනස් කරමින් ගොවින්ගේ වී හොරට කිරමින් සිටියදි ගොවින් විසින් අදාල ව්‍යාපාරීකයා හා ලොරි රථය සමග එහි සේවකයින් පිරිස ආණමඩුව පොලිසියට භාර දීමට 4 දින සවස කටයුතු කර තිබු බව කියයි.
මෙම ව්‍යාපාරීකයා රැගෙන ආ බිම් බලැන්සය කිසිවකුට සැක නොසිතන අයුරීන් එහි නියමිත බර සලකුණු නොවන ලෙසට පහත යකඩ රාමුවට අගල් පහේ යකඩ ඇණ දමා සිර කරමින් වී ලබා ගනිමින් තමන්ට වංචාවක් කල බව ගොවින් චෝදනා කරති.
ආණමඩුව රඹේයාය ප්‍රදේශයෙ ගොවි මහතෙකුට අයත් වී තොගයක් කිරන අවස්ථාවේදි ඒ පිලිබදව නිවෙස් හිමි ගොවි මහතා ඇතුළු පවුලේ පිරිසට සැක සිති ඇති බවත් නිවැසියන්ට යම් සැකයක් මතුව ඇති බවට දැන ගත් ව්‍යාපාරීකයා කඩිනමින් අදාල වී සදහා මුදල් ගෙවා පිටව යාමට සුදානම් වන විට ගම්වාසින් එක්ව ලොරිය නවතා තිබු බව කියයි.
ඒ සමග බිම් බලැන්සය බිමට ගෙන පරික්ෂා කිරීමේදි හෙළිව ඇත්තේ නියමිත ලෙස සැකසි තිබු දෑ ඉවත් කර ඒ සදහා යකඩ ඇණ යොදා තිබු බවයි.
ගොවින් පවසන්නේ එසේ සැකසු විට තමන්ගේ එක් වී මිටියකින් කිලෝ 10 කට රහසේ හොරට කිරා ගැනිම සිදුවන බවයි.
අදලා සිද්දියට මුහුණ දුන් ගොවි මහතා වන එම්.එම්. මුදියන්සේ ගොවි මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.
“ අපි අහිංසක මිනිස්සු.මාස තුනකට වැඩි කාලයක් දහදුක් විදලා ගෙට ගත්ත වි ටික හොරට කිරාගෙන ගිහාම අපි ජීවත් වෙන්නේ කොහොමද ඇත්තටම අපිට හිතා ගන්න බැහැ.
මගේ තෙත වී කිලෝව රුපියල් 108 ගානේ මුදලට ගන්න මේ මුදලාලි පොරෝන්දු වුනා.ඒ නිසා මම වී ටික එයාට දුන්නා.සේරම වී කිරුවේ බිම් බලැන්සයෙන් ඒ කිරද්දි මට සැක හිතුනා හැම උරයකම තිබුනේ කිලෝ 35, 36 වගේ නමුත් අපේ දැනුමේ හැටියට කිලෝ 50 ට වැඩි වෙන්න ඕනා ඒ නිසා අපිට සැකය වැඩි වුනා.
ඒ ගැන අහපුහාම එක එක ඒවා කියලා කිරපු වී වලට සල්ලී දිලා යන්න සුදානම් වුනා.මමයි අපේ ළමයි එකතු වෙලා දෝස් කියලා බැන වැදුනා පස්සේ ගමේ කට්ටිය එකතු වෙලා බලැන්සය බිමට අරන් බැලුවා.
එතකොටයි දැක්කේ බලැන්සේ යකඩ තට්ටුව තිබෙන ඇණ ඉවත් කරලා නියමිත බර අදින එක අඩු කරන්න අගල් පහේ යකඩ ඇණ දාලා තිබේනවා.
අපි පොලිසියට කතා කරලා කියුවා.පොලිසිය අපේ කිරපු වි අරන් යන්න හැදුවා අපි ඒකට ඉඩ දුන්නේ නැහැ මොකද මේ වි පොලිසියට අරන් ගිහින් උසාවි දාලා කවලා දෙයිද දන්නේ නැති නිසා. එතකොට වී තොගයම තෙත නිසා විනාශ වෙන්න අපිට දෙන්න බැරි හින්දා.හැබැයි පොලිසියට හොරුයි බලන්සැයි අල්ලලා දුන්න නිසා එයාලා ඉතිරි පරික්ෂණය කරලා දායි කියලා අපි හිතනවා යැයි ඔහු පවසන්නට විය.
ආණමඩුව පොලිසියෙ නිළධාරීන් පිරිසක් පැමින අදාල ලොරි රථය හා එහි තිබු තවත් වී තොගයක් හා බිම් බලැන්සය සමග ලොරි රථයෙ පොලිසිය වෙත අදාල පරික්ෂණ සදහා රැගෙන යාම සිදුවිනි.
කෙසේ වෙතත් ගොවින් පවසන්නේ රජය වී අලේවි මංඩලය සක්‍රිය කර තිබුනා නම් කිසිදු ලෙසකින් මෙලෙස ගම් පුරා ගමන් කරමින් වී මිලදි ගන්නා පිරිසට කිසිදු ලෙසකින් වී ලබා දීමක් සිදු නොකරන බවය.
Published on: February 05, 2025, 01:25 PM
ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය.
මහනුවර නුගවෙල ඊයේ (04දා) සවස පැවැති පාක්ෂික හමුවකදී ඒ මහතා එසේ කීය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනරජ පෙරමුණෙන් තරඟ කිරීමට අපේක්ෂිත අපේක්ෂක අපේක්ෂිකාවන් දැනුවත් කිරිම සඳහා මෙම හමුව සංවිධානය කර තිබිණ
හාරිස්පත්තුව ප්‍රා දේශිය සභාවේ හිටපු මන්ත්‍රී ධනුෂක මල්වැව මහතා විසින් සංවිධානය කර තිබූ මෙම හමුවේදී තව දුරටත් දඅහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
"1948 ඉඳලා මෙරට තිබුණ ප්‍රධාන සාම්ප්‍රදායික පක්ෂ සියල්ල මේ වන විට බිඳ වැටී තිබෙනවා. එක්සත්ජාතික පක්ෂය විශාල වශයෙන් බිඳ වැටිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බි ඳ වැටිල තියෙනවා. සමඟි ජන බලවේගය බිඳ වැටෙමින් තිබෙනවා. සමගි ජන බලවේගයේ අවසන් ජනාධිපතිවරණය තමයි පසුගිය මැතිවරණය මින් පස්සේ ඔවුන්ට ජනාධිපතිවරණයකට එන්න වෙන්නේ නෑ. ඔය විදිහට සාම්ප්‍රදායික පක්ෂ කඩා වැටෙද්දී අරගලය නිසා ජාතික ජන බලවේගයට බලයට එන්න පුළුවන් වුණා.
ජාතික ජල බලවේගය බලයට පත් වුනේ පොරොන්දු ගණනාවක් ලබා දීලා.තෙල් මිල අඩු කරනව කිව්වා විදුලි බිල තුනෙන් එකකික් අඩු කරනව කිව්වා.අත්‍යාවශ්‍ය භාණ්ඩලව මිල අඩු කරනව කිව්වා. වි වලට සහතික මිලක් දෙනව කිව්වා.වැඩකරන ජනතාවගේ පඩි මාස හයෙන් හයට වැඩි කරනව කිව්වා. මේ මාස කිහිපය තුල අපට පේනවා ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමියගෙයි කතා පුස් වෙඩිල්ලක්.
2015 ආණ්ඩුවේ දින සීය තුල තෙල් මිල අඩු වුණා.විදුලි බිල අඩු වුණා.පඩි රුපියල් 10,000 කින් වැඩි වුණා.සමෘද්ධිය රුපියල් 5000 කින් වැඩි වුණා. ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ජනාධිපති ධූරයේ බලතල කපන්න පුළුවන් උපරිමයෙන් කැපුවා.
වත්මත් ජනාධිපතිවරයා ජනාධිපති ධූරය අහෝසි කරනව කියලයි. ආවේ ඇවිත් ආයතනවල 94 ක් තමන් යටතට පවරා ගත්තා ඔය ආයතන අනූ හතරේ වාඩි වෙන්නවත් වෙලාවක් තියෙනවාද? දවස ගානේ ගියත් මාස තුනක් යනවා.
හාල් කිලෝව 300 ට නැඟල තියෙන්නේ ඇමති මීක් නෑ. පොල් 250 යි ඇමති මීක් නෑ. ව්‍යවස්ථාවෙන් දේශපාලඥයින්ගේ කටට ප්ලාස්ටර් ගැසිය යුතුයි. වගකීමෙන් කතා කිරීමට ඔවුන් පුරුදු කළ යුතුයි.
අපේ කාලයේ රුපියල් 95 කට ඩීසල් ගත්ත ඔවුන් අද 280 ට ඩීසල් ගහගෙන අපෙන් අහනව අපි මොනවද කළේ කියලා. අපේ කාලයේ 117 ට පෙට්‍රල් අරගත්ත ඔවුන් අද රුපියල් 310 ට ගහගෙන අපෙන් අහනය මොනවද කළේ කියලා .
ජනතාව මෙවර අහු වෙලා ඉන්නේ එසේ මෙසේ රැවටීමකට නෙවෙයි. විශාල රැවටීමකටයි අහු වෙලා ඉන්නේ.
මේ ආණ්ඩුවට තියෙන ලොකුම අඩුව තමයි දැනුමක් නැති කම. තියෙන එකම දැනුම පන්ති පහේ දැනුම පමණයි එතැනින් එහාට කිසිම දැනුමක් නෑ .අනෙක අත්දැකීම් නෑ රජයකට කරුණු හතරක් අත්‍යාවශ්‍යයි දේශ මාමකත්වය අවශ්‍යයි. අවංකත්වය අවශ්‍යයි.ඒ වගේම දැනුම අවශ්‍යයි. පළපුරුද්ද සහ අත්දැකීම අවශ්‍යයි. මේ ගොල්ලන්ගේ සමාජවාදයකුත් නෑ ධනවාදයකුත් නෑ තියෙන්නේ මුසාවාදය විතරයි.
මේ මහ මැතිවරණයේදී රජය කිව්ව මුසාවාදයට අපි රැවටුනේ නෑ කියල කියන්න ළඟ එන පළාත් පාලන මැතිවරණය හොඳ අවස්ථාවක්"
මොහොමඩ් ආශික්
Published on: February 05, 2025, 12:38 PM
බදුල්ල නගරය හා ඒ ආශ්‍රිත වායුගෝලය අද (5) සුළු වශයෙන් අහිතකර තත්ත්වයකට පත්ව තිබූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඊයේ (4) හා අද (5) දිනයේ මෙම තත්ත්වය පැවති අතර පෙරේදා දිනට සාපේක්ෂව ඊයේ දින තත්ත්වය අහිතකර වී ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ. එම් .එල් උදයකුමාර මහතා පැවැසීය
උතුරු දෙසින් පැමිණෙන දූෂිත සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර හැකි හැම විටම මුඛ ආවරණ පළඳින්නයිද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Published on: February 05, 2025, 11:14 AM
වී අලෙයි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී මිලදී ගන්නවා කිලෝ එකක් රු.120ට. ඒ වගේම සම්බා කිලෝ එකක් මිලදී ගන්නවා රු.125ට. ඒ වගේම කීරි සම්බා කිගෝ එකක් මිලදී ගන්නවා රු.132ට.
Published on: February 05, 2025, 10:32 AM
ස්වීඩනයේ පාසල් පරිශ්‍රයක සිදු කළ වෙඩි තැබීමකින් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂ පත්ව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, එයින් පුද්ගලයන් සිව් දෙනෙකු ශල්‍ය කර්ම සඳහා භාජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
Published on: February 05, 2025, 09:25 AM
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.
Published on: February 05, 2025, 08:00 AM
මෙම සතියේ පාර්ලිමේන්තුව අද (5දා) සිට ලබන 07වැනිදා දක්වා දින 03ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.ඒ අනුව අද පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව 10.30 පෙ.ව 11.00 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 - ප.ව 3.30 කාලය විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිතයි. ප.ව 3.30 - ප.ව 5.30 කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
Published on: February 04, 2025, 09:05 PM
සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් ලියාපදිංචි කිරිමේ ක්‍රම වේදයේ වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව නව ලියාපදිංචිය සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගන්නා ලෙස කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
Published on: February 04, 2025, 06:51 PM
රුපියල් තිස් නව ලක්ෂ තිස් දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ුඅද (04දා) අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පසුවන ව්‍යාපාරික කාන්තාවක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
ඊයේ අලුයම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබූ ඇය රැගෙන ආ ගමන් මලු තුළ උරා බොන වාර 12,000 ක් (Smoking Shot) සහිත විද්‍යුත් දුම්වැටි 262 ක් සඟවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
මේ වනවිට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 07 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Published on: February 04, 2025, 04:27 PM
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස භාරයට යොමු කර ඇත.
Published on: February 04, 2025, 02:53 PM
පවතින ව්‍යවස්ථාව වහාම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.
කොළඹ අද(04දා) පැවති දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
Published on: February 04, 2025, 01:52 PM
ජාතික ජන බලවේග ආණ්ඩුව දේශපාලන සංස්කෘතියට ආදාර්ශයක් ලබා දෙමින් සිටින බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
“මඩ වලවල් වලම ලැගලා, අපේ රටේ ජනතාවගේ රීරී මාංශ උරාගෙන බීපූ දේශපාලඥයන්ය මේවා මැජික් තමයි. දුවගේ පුතාගේ මගුල් ගේත් තමන්ගේ ගෙදර වැඩ ටිකත් මේ රටේ ජනතාවගේ සල්ලි වලින් කාබාසිනියා කරපු නායකයන්ට මේවා මැජික් තමයි. අපි මේ දෙන්නේ දේශපාල සංස්කෘතියේ ආදර්ශයක්. තව ටික කාලකින් බලන්නකෝ ඔය කෑ ගහන කට්ටියටත් මොකද වෙන්නේ කියලා. ඉදිරි පළාත් පාලන ඡන්දේ එනවා, ඉතුරු ටිකත් හෝදලාම අරයි මේ රටේ ජනතාව. ”
Published on: February 04, 2025, 11:25 AM
ශ්රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාව සමග එළැඹෙන 06 වැනිදා ආරම්භ වන තරගයෙන් පසු ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇත.
එම තරගය දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වේ.
මෙතෙක් ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති දිමුත් ලකුණු 7172ක් රැස් කරගෙන තිබේ.
Published on: February 04, 2025, 10:12 AM
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුණු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක (නව කෝටි තිස් දෙලක්ෂ හැටන දහස් නවසිය දහ නවයක ) වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
බුන්දල ලේවායේ 2023 දී නිපදවා නිසි කලට ආවරණය කර නොතිබූ රුපියල් 65,425,279 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 1816.19 ක් හානියට පත්ව තිබූ බව විගණනය මගින් පෙන්වාදී තිබේ.
පලටුපාන ලේවායේ රුපියල් 520,640 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 16.27 ක් වසර තුනක් තිස්සේ වේදිකාවක තැන්පත් කර තිබීම නිසා පැහැය වෙනස් වී දියවෙමින් පැවති බවද, 2022 නිපදවූ රුපියල් 27,324,000 වටිනා සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු මෙට්‍රික් ටොන් 569.25 ක් ඒවා ආවරණය කර තිබියදී දිරාපත්වූ පොලිතීන් හා පොල් අතු සමග මිශ්‍රවී දියවෙමින් හා තත්වයෙන් බාලවී තිබුණු බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙයට අමතරව බුන්දල ලේවායේ 2016 -2021 නිපදවූ රුපියල් 2,342,398 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 73.98 ක් දිගු කාලයක් තිස්සේ අලෙවි නොකර තිබූ බවද විගණනයෙන් පෙන්වා දී තිබේ.
2023 වසරට අදාළව ලුණු සමාගම සම්බන්ධයෙන් නොබෝදා නිකුත් කරන ලද විගණන වාර්තාවේ සමාගමේ මෙහෙයුම් අකාර්යක්ෂමතා යටතේ සඳහන් කර තිබූ මෙම විගණන නිරීක්ෂණ සම්බන්ධයෙන් ලුණු සමාගම විසින් විගණනය වෙත අදහස් දැක්වීමක්ද කර නැත.
පැරණි ලුණු තොග අලෙවි කර හානි වළක්වා ගන්නා ලෙසත් සිදුවූ හානිවලට අදාළ අලාභය වගකිවයුතු නිලධාරීන්ගෙන් අයකරගත යුතු බවත් විගණනයෙන් ලුණු සමාගමට නිර්දේශ ලබාදී ඇත.තත්වය මෙසේ තිබියදී කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් පසුගියදා ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් මෙරටට ආනයනය කළ අතර ඉදිරියේදී තවත් ලුණු මෙට්‍රික් ටොන් 12,450 ක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවද වාර්තා විය.
ජේ. ඉඳුරුවගේ
Published on: February 04, 2025, 12:30 AM
ඇමෙරිකාවේ ලාස්වේගාස් හී පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාව දිනාගත් ඉෂාදි අමන්දා අද (04දා) දිවයිනට පැමිණියාය.
මෙහිදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකට ද ඇය සහභාගී විය.
Published on: February 04, 2025, 09:15 AM
විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට රතු නිවේදන නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
මෙම රතු නිවේදනවලට අනුව විදේශ රටවලදී අදාළ අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් පෙරේදා දිනයේ ඩුබායි රාජ්‍යයේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් හෙතෙම පැවසීය.
මෙම සතියෙහිදී මෙම තිදෙනා මෙරට රැගෙන විත් නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කරන බවත් මේ ආකාරයට විදේශ ගත වී සිටින අපරාධකරුවන් මෙරටට රැගෙනවිත් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.
මේ වසරේ ගෙවීගිය කාලයෙහිදී වෙඩි තැබීම් සිද්ධි 11ක් වාර්තා වී තිබෙන බවද මීට අදාළව සැකකරුවන් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු සඳහන් කරයි.
මෙම වෙඩිතැබීම්වලින් පහක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර තිබෙන බවත් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබෙන බවත් ඉතිරි වෙඩි තැබීම් හය පුද්ගලික හේතු මත සිදුවී තිබෙන බවත් වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් කෙටිකාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.
මේ අනුව සැකකරුවන් විසිදෙනෙකු, පිස්තෝල ගිනි අවියක් හා ටී පනස් හය ගිනි අවි තුනක් අත්අඩංගුවට ගත් බවත්, මෙම ටී පනස් හය ගිනි අවි වෙඩි තැබීම්වලට සම්බන්ධද නැද්ද යන්න විමර්ශන සිදුවන බවත් ඔහු පැවසීය.
Published on: February 04, 2025, 08:56 AM
පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
වත්මන් රජයේ පොරොන්දුව පරිදිම අද වන විට ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටින බවද ජනපතිවරයා නිදහස් දින සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් පවසයි.
ජනපතිවරයාගේ නිදහස් දින පණිවිඩය...
අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රවර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ අභියෝගය සමඟ අපි සැමදෙනා මේ වන විට සාමුහිකව පොරබදමින් සිටිමු.
අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුය. රුහිරෙන් කඳුලින් අරගල කළ ඉතිහාසයේ සියලු විරුවන්ගේ කැපකිරීම්වල අපේක්ෂාව වූයේ ද එයයි. ඒ අනුව පුද්ගලිකවත් සාමූහිකවත් අප ඒකීය පද්ධතියක් ලෙස සමාජීය, පාරිසරික හා ආචාරධාර්මික මං ඔස්සේ සංවර්ධිත නූතන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟිය යුතුය.
නව රජය ලෙස එහිදී පසුගිය මාස හතර තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින්, දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස බැලීම හා සැලකීම කෙරෙහි ජනතාව මෙහෙය වීම හා නීති බල ගැන්වීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ අපගේ මුඛ්‍ය පරමාර්ථ සාධනය කර ගැනීම සඳහා වූ ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී එළැඹුම සනිටුහන් කරමින්, අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිඳු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීම, අපට මඟහැරුණු නව්‍ය විද්‍යා හා තාක්ෂණ දියුණුව අත්පත් කර ගැනීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීම, දූෂිත පාලකයන් සිටින රටක් ලෙස වූ පූර්ව නිගමනය බැහැර කර ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමග වඩා විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යළි ශ්‍රී ලංකාව සන්නාම ගත කිරීම යන කාර්ය වෙත අපගේ අවධානය යොමු විය.
මේ අනුව පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටී. අපගේ පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටිමු. ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකූලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්‍යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාමයි.
ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, නිදහස පිළිබඳ වූ නූතන සුසමාදර්ශයක් ගොඩනැඟීමේ කාර්යය හා එක්වන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.
Published on: February 04, 2025, 08:29 AM
මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
77වැනි ජාතික නිදහස් දින සැමරුමේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“අප සියලුදෙනා එකාවන්ව මේ මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා. මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් හා ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා. අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන, ඒ දැනුමෙන් අනාගත පරම්පරාවන් පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට එහි කාර්යය භාර්යයක් තිබෙනවා. අපේ ජාතියේ නිරෝගී බව සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාදරයන් ලෙස ඔබට එහි කාර්යය භාර්යක් තිබෙනවා. අපේ පුරවැසි ආරක්ෂාව සහතික කරන පොලීසිය සහ ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තිබෙනවා. අපේ රට තුළ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන , අපේ රට කාර්මික කරණය කරා ගෙන යන , අපේ රටේ සේවා ආර්ථිකය ශක්තිමත් කරන ඔබ සියලු දෙනාටම එහි සුවිශේෂී භූමිකාවක් තිබෙනවා. ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සිට කඳුකරයේ තේ දළු නෙලන ගැහැනුන්ගේ මිනිසුන්ගේ සිට අපේ දුරස්ව සිටිමින් දුරු රටවල අප වෙනුවෙන් වෙහෙසෙන්නන්ගේ සිට තොරතුරු තාක්ෂණය අපේ රට ඉහළට ගෙන යාමට වෙරදරන , සංචාරක කර්මාන්තයෙන් අපේ රට ඔසවා තබන්න වෙහෙසෙන ඔබ සැමට එහි භූමිකාවක් තිබෙනවා. ”
Published on: February 04, 2025, 08:25 AM
ආහාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 296 ක මුදලක් වැයකොට මෙට්‍රික් ටොන් 34,300 ගබඩා ධාරිතාවක් සහිත ගබඩා 06 ක් විද්‍යාත්මක ගබඩා ලෙස නවීකරණය කොට ඇතත් එම අරමුණුවලට පටහැණි වෙමින් මෙම ගබඩා නිසි පරිදි නඩත්තු කරගෙන පවත්වාගෙන යාමට ආහාර දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බව විගණනයේ දී හෙළි වී ඇත.
කල් ඉකුත් වූ ආහාර තොගයක් හමුවූ වේයන්ගොඩ අංක 09 දරන ගබඩාව ද එම ගබඩා හයට අයත් බව අනාවරණය වේ.ගබඩා තුනක ලෝක ආහාර වැඩසටහන යටතේ ලබා දෙන ආහාර ද්‍රව්‍ය වසරකට ආසන්න කාලයක් තිස්සේ තිබී ඇත. බදු ගිවිසුම 2021-12-31 දින අවසන් ව ඇත. වේයන්ගොඩ අංක 01 ගබඩාව වෛද්‍ය සැපයුම් අංශය සඳහා වෛද්‍ය උපකරණ ගබඩා කිරීම සඳහා බදු පදනම මත ලබා දී තිබූ එකක් බව අනාවරණය වේ.මේ ගබඩාව පොල් කිරි අපනයන නිෂ්පාදන සිදු කරන පුද්ගලික ආයතනයක් වෙත වසර 04 ක කාලයක් සඳහා බදු පදනම මත ලබා දී තිබුණි.
හල් තොග උපරිම ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අවම කිරීම මෙන්ම විවිධ රසායන ද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය අවම කිරීම ගබඩා විද්‍යානුකූලව සංවර්ධනය කිරීමේ අරමුණ විය. එහෙත් විද්‍යාත්මක ගබඩා පවත්වාගෙන යාම සඳහා සවි කළ වායු සමීකරණ පද්ධතිය ද නිෂ්කාර්යව තිබී ඇත. ගබඩා ඉදි කළ අරමුණු සඳහා ඒවා භාවිත කොට නොමැත.
විද්‍යාත්මක පදනම මත සකස් කළ බව කියන එම ගබඩා නිසි පරිදි පවත්වා ගෙන නොයෑම හේතුවෙන් එම ගබඩාවල දුමායන වාර 06 ක් සඳහා රුපියල් තිස් එක්ලක්ෂ හැත්තෑ එක් දහස් අටසිය හතළිස් දෙකක මුදලක් (3,1671,842) වැයකොට ඇති බවද ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති නවතම වාර්තාවක් මගින් අනාවරණය වේ.
Published on: February 04, 2025, 07:25 AM
අද (04දා) පැවැත්වෙන 77වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබෙන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.
නිදහස් උත්සවය සඳහා පැමිණෙන ආරාධිතයන් උදෑසන7.00ට පෙර පැමිණ අසුන් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්, මෙම සියලුම දෙනාට නිදහස් මාවත දෙසින් පැමිණීමට හැකි බවද පැවසීය.
මහජනතාවට බෞද්ධාලෝක මාවත රූපවාහිනී සංස්ථාව දෙසින් පැමිණි ආසනවල අසුන් ගත හැකි බවත්, අද දින ඒ අවට සමහර ප්‍රදේශවල රථවාහන ඇතුල් වීම සීමා කර තිබෙන බවද සඳහන් කළේය.
මෙම ප්‍රදේශවල පදිංචිකරුවන් අනන්‍යතාවය පරීක්ෂා කර බලා ඇතුල් වීමට අවස්ථාව ලබා දෙන බවත්, මේ නිසා මාර්ගය වසා තබා තිබෙන ප්‍රදේශ මගහැර කොළඹ දෙසට හෝ කොළඹින් පිටතට ගමන් කිරීමට අවස්ථාව තිබෙන බවද පැවසීය.
පෙළපාළිය ගමන් කරන අවස්ථාවේදී නිදහස් චත්‍රරස්‍රය දෙසට වාහන ඇතුල් කිරීමට අවස්ථාව නොමැති බවත්, විකල්ප මාර්ග භාවිත කර ගමන් කිරීමට මහජනතාවට හැකි බවද සඳහන් කළේය.
ආරාධනා පත්‍ර රැගෙන අමුත්තන්ට ඇතුල් විය හැකි මාර්ග කිව්ආර් කෝඩ් එක තුළ සඳහන් කර තිබෙන බවත්, ඒ අවට රථවාහන නැවැත්වීම සඳහාත් නැවතුම්පොළවල් සකස් කර තිබෙන බවද පැවසීය.
ත්‍රිවිධ හමුදා රථ පොලිස් හා සිවිල් ආරක්ෂක බළකා වාහන නැවැත්වීම සඳහාත් ස්ථාන සකස් කර තිබෙන බවත්, ජනතාවට අපහසුතාවයකින් තොරව නිදහස් උත්සවය නැරඹීම සඳහා අවස්ථාව සලසා දී තිබෙන බවද සඳහන් කළේය.
Published on: February 04, 2025, 06:56 AM
‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ යන තේමා යටතේ 77වන නිදහස් දින උත්සවය අද (04දා) ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේදී පැවැත්වේ.
අඩු පිරිවැයකින් මහජනතාවට සිදුවන පීඩා අවම වන අන්දමින් හා වැඩි ජන සහභාගිත්වකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
හමුදා සාමාජිකයන් එක්දහස් අටසිය හැත්ත තුනකට හමුදා පෙළපාළිය සීමා කර තිබෙන බවත්, පසුගිය වසරට සාපේක්ෂව හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබෙන බවද පෙන්වා දෙයි.
ඉකුත් වසරේ ගුවන්යානා 19ක් නිදහස් උත්සවය වෙනුවෙන් යොදාගෙන තිබුණත්, මෙවර ජාතික කොඩිය ගුවනින් රැගෙන යාම සඳහා පමණක් යානා තුනක් පමණක් යොදා ගන්නා ඉවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
සාම්ප්‍රදායිකව අද (04දා) දහවල් 12.00 ට මුහුදේ නෞකාවක් තුළ නාවික හමුදාව විසින් වෙඩි මුර 25ක් පැවැත්වීමට කටයුතු කරන බවද පෙන්වා දෙයි.
Published on: February 03, 2025, 10:05 PM
නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට 2025 පෙබරවාරි මස 04 වැනි දින මධ්‍යහ්න 1200 පැයට සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාව නිදහස ලද 1948 පෙබරවාරි මස 04 වැනි දින එවකට රාජකීය නාවික හමුදාව විසින් ප්‍රථම වතාවට නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර ආචාරය පිරිනමා ඇත. එතැන් සිට ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීමේ සම්ප්‍රදාය අඛණ්ඩව නාවික හමුදාව විසින් පවත්වාගෙන එනු ලැබ ඇත.
ඒ අනුව, හෙට (2025 පෙබරවාරි 04) 77ත් වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ජාතියට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, වෙඩිමුර ආචාර පිරිනැමීම වෙනුවෙන්ම භාවිතා කරනු ලබන මිලි මීටර් 47 වර්ගයේ අවි 04ක් මඟින් සිදු කරනු ලැබේ.
Published on: February 03, 2025, 09:10 PM
රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විස්කි බෝතල් 88 ක් තීරු බදු නොගෙවා ,කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු 02/02 දින පස්වරුවේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 42 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි. ඔහු 02/02 දින පස්වරු 02.00 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙසේ විස්කි බෝතල් තොගය සමග ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටි ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන ඔහුගේ අත් බෑගය පරීක්ෂා කිරීමේදී , ඒ තුළ සගවා ගෙන තිබූ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර 19 ක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
මෙම ඉන්දීය ජාතිකයා සමග විස්කි බෝතල් තොගය සහ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ද 02/03 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී ඔහු 02/06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .
Published on: February 03, 2025, 08:16 PM
ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරාජ් තාබුගල නමැත්තාට සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තියට එරෙහිව කළ විමර්ශන ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට අද (03) දැනුම් දුන්නේය.
බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කර ඇතැයි සඳහන් කරමින් විරාජ් තාබුගල නමැත්තාට සහ පියුමි හංසමාලි නමැත්තියට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරා ඇති පැමිණිලි කැඳවූ අවස්ථාවේදී දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා ඒ බව දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ පැමිණිලි කැඳවු අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණූ දක්වමින් කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන විරාජ් තාබුගල නමැත්තා සහ විශාල මුදල් සහ දේපල ඇති බව කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තිය 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කර ඇතැයි දැනුම් දුන්නේය.
සැකකරුවන් මෙතෙක් කල් රජයට බදු නොගෙවීම, බදු වාර්තා ඉදිරිපත් නොකිරීම හා බදු ගෙවීමට ලියාපදිංචි නොවීමෙන් අපරාධමය වරදක් කර ඇතැයිද මේ සම්බන්ධයෙන් කළ විමර්ශන වල උධෘත නීතිපතිවරයාට යොමු කර ඇතැයිද කී නීතිඥ දිනේෂ් පෙරේරා මහතා බදුකරණයට අදාළව සැකකරුවන් අපරාධමය වරදක් කර ඇද්ද? යන්න පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකැවන්ට එරෙහිව ඉදිරියේදී අපරාධ නඩු පවරන බවද සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විමර්ශන වල ප්‍රගතිය ජූලි 03 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල එදින යළි කැඳවීමටද නියෝග කළාය .
සචිත්‍ර ගුණසේකර
Published on: February 03, 2025, 07:28 PM
රුමේනියාවේ රැකියා ලබාගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්, රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.01.28 දින කාර්යාංශයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන 164ක් පමණ සහභාගි විය. දැනට රැමේනියා රැකියා සඳහා ලියාපදිංචි රැකියා නියෝජිතායතන 235ක් පමණ කටයුතු කරයි.
රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලැබී තිබෙන අතර, එම රැකියා අවස්ථා සඳහා වීසා අයදුම් කිරීමේදී අධික ප්‍රමාදයන් ඇතිවන බවට විදේශ රැකියා නියෝජිතායතන විසින් කාර්යාංශයට දැනුම්දීමෙන් අනතුරුව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඒ සම්බන්ධව රුමේනියා තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ.
වීසා සඳහා ඉදිරිපත් කරන ලියවිලිවල තිබෙන අඩුපාඩු මෙන්ම වීසා ලබාගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වීම වැනි කාරණා මෙලෙස වීසා ප්‍රමාදයට හේතුවක් බව තානාපති කාර්යාලයෙන් දැනුම්දීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිවැරදිව වීසා අයදුම්පත්‍ර සමග ලියකියවිලි ඉදිරිපත්කිරීම හා සම්මුඛ පරීක්ෂණයේදී ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව දැනුවත් කිරීම් මෙහි දි සිදුකරන ලදී.
එම දැනුවත් කිරීම්වලට අනුව ඉදිරියේදී වීසා ප්‍රමාදය අවම කිරීමට හැකිවෙතැයි කාර්යාංශය විශ්වාසය පළකරයි. එසේම සම්මුඛ පරීක්ෂණ සඳහා වීසා අයදුම්කරුවන් ඉදිරිපත් කිරීමට පෙර ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව ඔවුන්ට විශේෂ වැඩමුළු පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
මෙම අවස්ථාවට කාර්යාංශ සාමාන්‍යාධිකාරි ඩී.ඩි.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන අනුර ලියන්වල, පී.පී.වීරසේකර, සෙනරත් යාපා යන මහත්වරුන්ද, ශ්‍රි ලංකාවේ රුමේනියානු තානාපති කාර්යාලයේ අන්තර්වාර භාරකරු මිහෙලා ඇන්ජෙලා රුටෙන්ස් මහත්මිය (Mrs. Mihaela-Angela Rutjens) හා රුමේනියානු තානාපති කාර්යාලයේ කන්සියුලර් ඇන්ඩ්‍රියා රලුකා ෆිලිප් මෙනවිය (Ms. Andrada-RalucaFilip) යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්විය.
Published on: February 03, 2025, 07:25 PM
පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු සාක්ෂි කරුවෙකු කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවූ බුද්ධි අංශය වැරදිකරුවන් බවට පත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත්, ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ආණ්ඩුව තුළ තිබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
කොළඹ අද (03දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. බුද්ධි අංශ වැරදිකරුවන් බවට පත් කිරීමට සාක්ෂි ලබා ගැනීමට සූදානම් වන අසාද් මව්ලානා ගැන ප්‍රශ්න 08ක් එහිදී උදය ගම්මන්පිළ මහතා ඉදිරිපත් කළේය.
ඒවා මෙසේය.01.කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශනයකට ලබා ගත් අසාද් මව්ලානාට එරෙහිව තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කළේ කාගේ බලපෑමටද?
02.මව්ලානාට එරෙහිව ෆාතිමා බෙනාසීර් කරපු පැමිණිල්ල තමන් විසින් පිල්ලයාන්ගේ බලපෑමක් නිසා කරපු පැමිණිල්ලක් බවට ප්‍රකාශයක් කරන ලෙස පොලීසිය බලපෑම් කළේ කාගේ උවමනාවටද?
03.තමන්ට පොලීසිය බලපෑම් කරන බවට ෆාතිමා බෙනාසීර්ගෙන් පටිගත කළ ප්‍රකාශයක් අම්පාර පොලීසියේ ඩී.සී.ඩී.බී හී සුරක්ෂිතව තබා තිබේද?
04.සහරාන්ගේ සොහොයුරු රිල්වාන්ට ප්‍රතිකාර කළ සෆ්රාස් මොහොමඩ් සුෆියාන්ව රිල්වාන්ට හඳුන්වාදීම පිළිබඳ පොලීසිය අසාද් මව්ලානාගෙන් ප්‍රශ්න කරනවාදඃ
05.ව්‍යාජ නමකින් පෙනීසිට ෆාතිමා බෙනාසීර්ව වංචනික ලෙස විවාහ කරගැනීම පිළිබඳ කල්මුනේ මහේස්ත්‍රත් උසාවියේ නඩු අංක B/811/2023යටතේ ඇති නඩුව සඳහා අසාද් මව්ලානාව කල්මුනේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනවාද?
06.දෙහිවල ස්පෑන් ටවර් සුපිරි නිවාසයක් ඔහුගේ නමින්ම මිලදී ගැනීම පිළිබඳ මුදල් විශුද්ධි කරන පනත යටතේ අසාද් මව්ලානාගෙන් ප්‍රශ්න කරනවාද?
07.ඒ වගේම 2022 පෙරවාරි 22 දිනැති රුපියල් ලක්ෂ 20ක ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ චෙක්පතක් විවාහ වන අවස්ථාවේ බිරිඳට මහාර් ලෙස ලබා දෙමින්, එම චෙක්පත අගරුවීමෙන් සිදු කළ චෙක්පත් වංචාව පිළිබඳ අසාද් මව්ලානාට නීතිය ක්‍රියාත්මක කරනවාද?
08.ජනාධිපති විමර්ශන කමිටුවක් විසින් බොරුවක් බව තහවුරු කර ඇති බුද්ධි අංශ වලින් පාස්කු ප්‍රහාරය සිදු කළා යැයි කියන මිථ්‍යාවට යළි පණගැන්වීමට තිරපිටපත් සකස් කරන්නේ පුංචි ඡන්දයේදී ජනතාව යළිත් රැවටීමටද?
උදය ගම්මන්පිළ මහතා මෙසේද පැවසීය.
“පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවත්, ඔහු අල්ලා ගන්න බවත් පොරොන්දුවෙලා මේ ආණ්ඩුව බලයට පැමිණි බව අපි කවුරුත් දන්න කාරණයක්. සැබැවින්ම මේ ප්‍රහාරයට වගකිව යුතු අය. මේ ආණ්ඩුව තුළ සිටින නිසා මහ මොළකරුවෙකු ලෙස කවුරුන් හෝ කෙනෙකු ඉදිරිපත් කරලා, සැබෑ වගකිව යුත්තන් රැක ගැනීම තමයි මේ ආණ්ඩුවේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ අලුත්ම තිර රචනාවක් සිදුවෙමින් පවතිනවා. පාස්කු ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කියලා චැනල් ෆෝ නාලිකාව චෝදනාවක් එල්ල කළා අපට මතකයි.
නමුත් ඒ චෝදනාව අතාර්කික, පදනම් විරහිත චෝදනා කියන එක ඉමාම් කමිටු වාර්තාවෙන් ඉතාම තාර්කිකව පෙන්නුම් කළ බව අපි පසුගිය ඔක්තෝබර් මාසයේ මේ රටට හෙළි කළා. අපි ඒ හෙළිදරව්ව කළාට පස්සේ තමන් හදාගත්ත බොරුව අතේ පත්තු වුණු නිසා අලුත් බොරුවක් හදා ගැනීමේ උත්සාහයක පසුගිය කාලයේ ආණ්ඩුව යෙදිලා හිටියා. නමුත් තාර්කිකව අලුත් බොරුවක් හදාගන්න බැරිවුණු නිසා චැනල් ෆෝ බොරුවම ඉදිරියට අරන් ගිහින් පාස්කු ප්‍රහාරය කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන්, ඒ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන්න කියන චෝදනාව නගලා, එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරපු මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතාත් , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුව තුළ තිබෙනවා.
ඒ සඳහා පදනම විදියට තමයි පාස්කු ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් කියන මිථ්‍යාව සමාජගත කරන්න ආණ්ඩුව අසාර්ථක උත්සාහයක යෙදිලා ඉන්නේ. පාස්කු ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කියන බොරුව චැනල් ෆෝ නාලිකාව හරහා ලෝකයට කිව්වේ අසාද් මව්ලානා නොහොත් මොහොමඩ් මිහිලාර් මොහොමඩ් කන්සීර් කියන පුද්ගලයා. ඔහු දේශපාලන රැකවරණ පතා මේ වන විට ස්විස්ටර්ලන්තයට පැනගොස් සිටින්නේ. චැනල් ෆෝ නාලිකාව හරහා බොරු කීමේ විපාක දිට්ඨ ධම්ම වේදීනීය කර්ම ලෙස ඔහුට පලදෙන්න පටන් ගත්තා. ඔහු විවාහ දෙකක් කරගෙන හිටියේ. දෙවැනි විවාහය කරන් හිටියේ ඇත්ත නමින් නෙවෙයි, බොරු නමකින් පෙනී හිටලා ව්‍යාජ විවාහ සහතිකයක් හදාගෙන.
ඒත් චැනල් ෆෝ නාලිකාවේ අසාද් මව්ලානා කතා කරනවා දැක්කම දෙවැනි බිරිඳ මේ මම විවාහ වුණු පුද්ගලයා, ඔහුගේ ඇත්ත නම අසාද් මව්ලානා, වෙනත් නමකින් විවාහ වෙලා මාව රැවැට්ටුවා කියන කාරණය දැනගන්නවා. මේ අනුව විවාහක දෙවන බිරිඳ සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි ෆාතිමා ජෙස්ලි බෙනාසීර් තමන්ව බොරු නමකින් පෙනී සිටිමින් ව්‍යාජ විවාහ සහතිකයක් හදලා විවාහ කර ගැනීම පිළිබඳ ෆාතිමා බෙනාසීර් සයින්දමරුදු පොලීසියට පැමිණිල්ලක් කරනවා.
පොලීසිය මේ පැමිණිල්ල විමර්ශනය කරලා කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක B/811/2023 කියන බී වාර්තාව ගොනු කරලා අසාද් මව්ලානාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගන්නවා. ඒ විදෙස් ගමන් තහනම ගන්න විටත් මොහු රටින් පැනලා හිටියේ. පනින්න හේතුව පාස්කු ප්‍රහාරයට තිබෙන සම්බන්ධය.
දැන් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගන්න නම් අසාද් මව්ලානාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න ඕනෑ. නමුත් අසාද් මව්ලානාට ප්‍රකාශය ලබා දෙන්න ලංකාවට පැමිණෙන්න විදියක් නෑ විදෙස් ගමන් තහනමක් තිබෙන නිසා පොලීසියට සිදු වෙනවා ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට අරන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න.දැන් මේ අයගේ සැලැස්ම වෙලා තියෙන්නේ කෙළින්ම මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කරලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහෙස්ත්‍රාත් වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙන්න. ඒත් මේ වැඩේ කරගන්න බෑ මේ විදෙස් ගමන් තහනම තියෙන නිසා.
විදෙස් ගමන් තහනම ඉවත් කරන්නත් බෑ. මේ හොර විවාහය කරගන්න ව්‍යාජ විවාහ සහතිකය හදන්න මව්ලානාට සහය දුන්න අබ්දුල් රයිම් නැමැති පුද්ගලයා පොලීසියෙන් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරලා, මේ විට ඇප මත මුදා හැරලා ඉන්නේ. දැන් මේ ආණ්ඩුවේ පාස්කු නාටකය ඉදිරියට ගෙනියන්න මේ විදෙස් ගමන් තහනම බාධාවක්.
මේ අනුව පොලීසියට උපදෙස් ලැබෙනවා ඉහළින් අසාද් මව්ලානාගේ නීතිඥයෙක් විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට උසාවියට මොසමක් ඉදිරිපත් කරයි, පොලීසිය ඒකට විරුද්ධ නොවී සිටිය යුතුයි කියලා. නීති විරෝධි කටයුත්තක් සඳහා ඉහළින් උපදෙස් ලැබෙනවා. ඇත්තම කතන්දරේ අසාද් මව්ලානා නෙවෙයි මේ නීතිඥයා ලෑස්ති කරන්නේ. මේ නීතිඥයා ලෑස්ති කරන්නේ අම්පාර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියෙක්.
ඒ අනුව පසුගිය ජනවාරි 21 වැනිදා ආණ්ඩුව විසින්ම සූදානම් කළ නීතිඥවරයා කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ මෝසමක් ඉදිරිපත් කරලා අසාද් මව්ලානාට එරෙහිව තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන්න කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. ඉහළින් ලැබුණු උපදෙස් නිසා මේ විදෙස් ගමන් තහනම ලබා ගත් සයින්දමරුදු පොලීසියේ නිලධාරීන් එයට විරෝධය පළ කරන්නේ නෑ. ඒ අනුව අසාද් මව්ලානාට තිබෙන විදෙස් ගමන් තහනම උසාවිය විසින් ඉවත් කරනු ලබනවා.
දැන් මේ නීති විරෝධී ක්‍රියාව නිසා තමන්ට අනාගතයේ යම් දවසක ප්‍රශ්නයක් වේවි කියලා බියට පත් පොලිස් නිලධාරීන් ෆාතිමා බෙනාසීර්ව හමුවෙලා ඇයට බලපෑම් කරනවා ප්‍රකාශයක් ලබා දෙන්න ඔබ මේ පැමිණිල්ල කළේ ඇගේ උවමනාවට නෙවෙයි, හිටපු අමාත්‍ය පිල්ලයාන්ගේ බලපෑමෙන් කියලා. නමුත් මේ අභීත කාන්තාව පොලීසියේ බලපෑමට, රාජ්‍ය යාන්ත්‍රණයේ බලපෑමට යට නොවී ඒ ප්‍රකාශය සිදු කරන්න ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් පොලීසිය තවත් ලොකු අමාරුවක වැටෙනවා.
ඒ නිසා ඇය තමන්ට බලපෑම් කිරීම මත පොලීසියට පැමිණිලි කරනවා. ඒ පිළිබඳ පොලීසියේ ප්‍රකාශයක් සටහන් කරගන්නවා විතරක් නෙවෙයි, පොලීසිය තමන්ගේ මතු ආරක්ෂාවට ඇය කරන ප්‍රකාශය පටිගත කරනවා. ඒ පටිගත කළ ප්‍රකාශය මේ වන විට අම්පාරේ ඩී.සී.ඩී.බී එකේ සටහනක් තබලා මේ පටිගත කළ ඇගේ ප්‍රකාශය සුරක්ෂිතව තිබෙනවා.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු කීර්තිමත් ත්‍රිපුද්ගල කමිටුවක් අසාද් මව්ලානා විසින් බුද්ධි අංශ වලට නගන චෝදනාව බොරු, ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරයට දායක වී ඇත්තේ අසාද් මව්ලානා කියලා නිගමනය කරලා තිබියදී ආණ්ඩුව මේ මිය ගිය කරුණට යළි පණ දෙන්න උත්සහ කරමින් බොරුවක් වැපිරීමට දරන උත්සාහයට මහජන මුදල් නාස්ති කරන්න දරන වෑයම අපි පොඩ්ඩක් අමතක කරමු. ආණ්ඩුවටත් දැන් මහ මොළකරුවෙකු සොයාගන්න බැරුව විපතක්නේ වෙලා තියෙන්නේ. මහජන මුදලින් හරි තමන්ගේ විලි වසා ගැනීමට රෙදිකඩක් මසාගැනීමට ආණ්ඩු දරන උත්සාහයට අපි අනුකම්පා කරමු.
නමුත් බොරු නමක් දීලා ,වංචනිකව කාන්තාවක් විවාහ කරගෙන ඇගේ අනාගතේ විනාශ කිරීම ඇතුළු බලවත් අපරාධ ගණනාවක් සිද්ධ කරපු අසාද් මව්ලානාට මේ බොරුවට දැයක වුණොත් කළ සියලු වැරදි වලින් නිදහස් වීමට ආණ්ඩුව එකඟ වෙනවා නම් , කාන්තා විමුක්තිය ගැන පොත් ලියූ දේශන පැවැත් වූ ආචාර්ය හරිණි අමරසූරිය මැතිනිය අග්‍රමාත්‍ය ධුරය දරන සමයක කාන්තාවකට මෙවැනි අසාධාරණයක් වීමට ඉඩ හැරීම හැකිද, යුතුද කියන ප්‍රශ්නය අපි අගමැතිතුමියගෙන් අහනවා.
ඒ නිසා පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම බොරු පරීක්ෂණයක් කරන්න, ඒකට කමක් නෑ. ඒත් අසාද් මව්ලානා කර ඇති අපරාධ කිසිවකින් ඊට හිලව් වීම සඳහා කලින් කරපු අපරාධ වලින් ඔහු නිදහස් කරන්න බෑ. ”
Published on: February 03, 2025, 06:41 PM
වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ මා දැලකට අදත් (03) පෙරවරුවේ විශාල මාළු තොගයක් හසුව ඇති බව දැකගත හැකිවිය.වාද්දුව වෙරළ පාරේ ශාන්ත ප්‍රනාන්දු මහතාට අයත් මා දැලකට මෙම මාළු තොගය පැටලී ඇති බව සදහන්වේ.
පරවු මාළු විශේෂයක් වන මාගුරුවෝ සහ කිරලාවෝ නමැති මාළුන් මෙම දැලට හසුව ඇති අතර, පැය දෙකකට ආසන්න කාලයක් මාළුන් ගොඩ ගනිමින් සිටින අයුරු දැකගත හැකි විය.
කිලෝ පහකට ආසන්න බරකින් යුත් පරව් කූරි 5000 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගෙන ඇති බවත්, ඒ හා සමාන ප්‍රමාණයක් දැලේ පැටලී සිටින නමුත් මාදැලේ කොටසකින් මිදී මත්සයින් පිරිසක් මුහුද ට යලි පිහිනා ගිය බවත් ධීවරයින් සදහන් කරති .
මෙම අවස්ථාව දෙක බලා ගැනීම සඳහා විශාල පිරිසක් මුහුදු වෙරළට පැමිණි අතර මාළු මිළදී ගැනීම සඳහා මත්ස්‍ය ව්‍යාපාරිකයින්ද පැමිණ සිටි අයුරු දැක ගතහැකි විය.
පසුගිය 31 දිනද මෙවැනි පරව් මාලු විශාල ප්‍රමාණයක් වාද්දුව තල්පිටිය රත්නායක පාරේ ධීවර තොටුපලේ මා දැලකට පැටලී සිටියහ.
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව සුමිත් පොතුපිටිය
Published on: February 03, 2025, 05:59 PM
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාදී බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා නමැති අයට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. කේ. ජයවීර මහතාට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේ මෙම සිද්ධියට අදාළ නඩුව අද (3දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට ඇප මත මුදා හැර සිටින, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යන අයද මෙදින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.
යාපනයේ සිට කොළඹ දක්වා අනුරාධපුර හරහා මෝටර් රථයකින් යමින් සිටියදී සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදුණු බවට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් මෙලෙස හැසිරී ඇත්තේ, ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා රියදුරු බලපත්‍රය සහ මෝටර් රථයේ අනිකුත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා සිටි අවස්ථාවේදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව අනුරාධපුර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව දැන ගත් විගස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෝසෙමක් ඉදිරිපත් කරමින් නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මාර්ගයෙන් අධිකරණයට බාර විය.
මෙලෙස අධිකරණයට බාර වෙමින් සැකකාර මන්ත්‍රීවරයා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ රාමනාදන් අර්චුනා තමා මෙම නඩුවේ සැකකරු බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයාට සහ අනුරාධපුර පොලිසියට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල් බී වාර්තාව මගින් පොලීසිය කරුණු දක්වමින් සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ අර්චුනා ලෝචනා නමැත්තෙකු සම්බන්ධයෙන් බවයි.
ඒ අනුව රාමනාදන් අර්චුනා නමැති සැකකරු සහ අර්චුනා ලෝචනා නැමැති සැකකරු අතර නමයෙහි පැහැදිලි පරස්පරතාවයක් තිබෙන බවද සඳහන් කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ සැකකරු ලෙස රාමනාදන් අර්චුනා නමැති අය පිළිගත නොහැකි බව සඳහන් කරමින් ඔහු මුදා හැරීමට නියෝග කෙරිණ.
පසුව වැඩි දුර වාර්තාවක් මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය නඩුවේ නිවැරදි සැකකරු රාමනාදන් අර්චුනා යන අය බවට නම සංශෝධනය කරමින් අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ අනුව අදාළ නඩුවේ සැකකරු ලෙස අධිකරණය රාමනාදන් අර්චුනා බවට පිළිගනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලාස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. කේ. ජයවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා සමග නීතිඥ චතුරංග ගමගේ මහතා පෙනී සිටියේය.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද / අනුරාධපුර බී.ජී. චතුරංග
Published on: February 03, 2025, 05:01 PM
නීති විරොධීව එකලස් කරන ලද වාහන පහක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද හෝ සොරකම් කරන ලද වාහන වලට චැසි අංක කොට කූඨ ලේඛණ භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බවට සැක කරන ජීප් රථ දෙකක්, කාර් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් මෙසේ පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව කලවාන පොලිස් වසමේ මානාන හා කොස්වත්ත ප්‍ර දේශවලදී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වාහන සොයාගෙන තිබේ.
මෙම වාහන වල හිමිකරු සන්තකයේ තිබූ බලපත්‍ර පරීක්ෂා කරමින් සිටියදී ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතළත් කර ඇත. ඉදිරි විමර්ශන කටයුතු කලවාන පොලීසිය හා වලාන දූඹණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සිදු කරයි.
Published on: February 03, 2025, 04:29 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද අබේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කිරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පොදු ජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතා අභියාචනාධිකරණය රිට් පෙත්සමක් අද (03) ගොනු කළේය.
රේණුක පෙරේරා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන ආරක්ෂ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය ඇතුළු තිදෙනෙක් නම් කර ඇත.
නීතිඥ සජුනි සෙනවිරත්න මහත්මිය මඟින් පෙත්සම ගොනුකරන රේණුක පෙරේරා මහතා 2024 දෙසැම්බර් 10 වැනිදා ආනන්ද විජේපාල මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත් කළ බවත් පසුව 2024 දෙසැම්බර් 18 වැනිදා ඔහු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් පත් කළ බවත් සඳහන් කළේය.
ආනන්ද අබේපාල මහතා ජනාධිපති ලේකම්කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් රජය සමඟ විවිධ ගිවිසුම් වලට එළඹීමට සිදුවන හෙයින් එම තත්වය යටතේ ගිවිසුම් සම්බන්ධයෙන් බලපෑම් කිරීමට හැකියාව ලැබෙන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය සේවයේ තනතුරක් දැරිය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියේ සඳහන් බවද මේ අනුව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදාළ තනතුර දැරීම ව්‍යස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බවද සඳහන් කර ඇත.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදාළ තනතුර දැරීම නීතියේ ආධිපත්‍යය මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සහ ස්වරිහාවය උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දෙන පෙත්සම්කරු වගඋත්තරකරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයන් නිකුත් කරන්නැයිද ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කරන රිට් ආඥවක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.
වගඋත්තරකරුට අමාත්‍යධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඔහුට දඩයක් නියම කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරු පෙත්සම විභාග කරන ලෙසත් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී.
සචිත්‍ර ගුණසේකර
Published on: February 03, 2025, 03:52 PM
ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම සහතික වනබව ඇමතිවරයා පැවසීය. ඒ ඉහත පර්යන්තයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවේදීය.
එලෙස ගුවන්යානා තෙල් බෙදාහැරීම හරහා රටට ලැබෙන විශාල විනිමය ප්‍රමාණය අහිමි කරමින් ඒ සදහා තවත් විදේශ සමාගම් දෙකකටද අවසර ලබාදීමට පෙර පැවති රජය සැළසුම් කළත් ඵෙතිහාසික ජනතා ජයග්‍රහණය විසින් එම සැළසුම් පරාජය කළ බවද ඇමතිවරයා පැවසීය.
රටේ සම්පත් ආදායම් ලබන මාර්ග අන්සතු කරමින් පුද්ගලික ලාභ ලබන්නට තැත්කළ එම වැඩපිළිවෙල පරාජය කරමින් බලයට පත්වූ ජාතික ජන බලවේගයේ රජය රටට ආදායම් උත්පාදනය කරන මෙම ව්‍යාපෘතිය වඩාත් සංවිධිතව අවශ්‍ය යටිතල පහසුකම් හා ක්‍රමවේද වැඩිදියුණු කොට දිගින් දිගටම රටට විදේශ විනිමය ලැබීම සහතික කරනු ඇතැයි ප්‍රකාශ කළේය.
තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, ගුවන්යානා සදහා තෙල් නිකුත් කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තත්වපාලන ක්‍රමවේද භාවිතා කරන බවත් තෙල් ගබඩා ධාරිතාව ලීටර් මිලියන 13ක් පමණ දක්වා වැඩි කරන්නට කටයුතු කර ඇති බවත් ඉන්ධන නල පද්ධතියද වැඩිදියුණු කර බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ඉදිරි වසර 20කදී අවශ්‍ය වන නවීකරණ අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් සිදුකීරිමට මූලික අඩිතාලම දමා අවසාන බවත් පැවසීය. මුතුරාජවෙල සිට ඉදිකෙරෙන විශේෂ නලපද්ධතියක් හරහා මෙම පර්යන්තය වෙත ඉන්ධන රැගෙන ඒමේ සැලසුමක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සදහන් කළේය.
මෙම නිරීක්ෂන චාරිකාවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති D.J.A.S. De S. රාජකරුණා කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ ඇතුළු ඉහළ නිළධාරීන් එක්වූහ.
Published on: February 03, 2025, 03:26 PM
සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට නු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
තාවකාලික භාරකරු පත් කිරීමේ තීරණය පසුගියදා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ගෙන තිබුණි.
එමෙන්ම ලබන 11 වනදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාල නිලවරණයේදී එස්. වී. චන්ද්‍රසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.
Published on: February 03, 2025, 02:10 PM
මොරටුව විවිධ සේවා සමුපකාර සමිති ඡන්දයේ නිරදේශිත ඡන්ද 99න් 51 ලබමින් සමගි ජනබලවේගය ජයග්‍රහනය කර ඇති අතර එහි නිලවරණය (1) මොරටුව සමුපකාර සමිතියේ පැවැත්විණි.
නිර්දේශිත ඡන්ද අනූනමයෙන් පනස් එකක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ජයග්‍රහණය කර ඇති අතර ජාතික ජන බලවේගය ඡන්ද හතළිස් හයක් ලබා ගෙන ඇත.
එමෙන්ම ප්‍රතික්ෂේපිත ඡන්ද එකක් ලෙස සනිටුහන් විය
සාමූපකාර කොමසාරිස් නියෝජිතයකු හමුවේ නිලවරණය පැවැති අතර අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේග හිටපු නාගරික මන්ත්‍රී තිසර මෙන්ඩිස් මහතා පත් වී ඇත.
එමෙන්ම උප සභාපති ලෙස ධම්මික චන්ද්‍රරත්න මහතා පත් කරනු ලැබීය.'
සමූපකාර ඡන්දය ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා පැවැති අතර නිලවරණය මොරටුව සමුපකාර සමිතියේ ඊයේ පැවැත්විණි.
රෙඛා තරංගනී ෆොන්සේකා
Published on: February 03, 2025, 01:29 PM
දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව් ආශ්‍රිත ආක්‍රමණික ජලජ ශාක, ගංගා සහ වැව් පොකුණු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 84 ක් වැය කර මිලදී ගත් යන්ත්‍රය දින 238ක කාලයක් නිෂ්කාර්යව පැවැති බව ජාතික විගණන කාර්යාලය මගින් ජනවාරි 31 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.
මෙම යන්ත්‍රයේ අලුතැඩියා කටයුතු සඳහා දින 199ක කාලයක් ගතවී ඇති අතර යන්ත්‍රය ආනයන කළ සමාගම ප්‍රමාණවත් සේවා සැපයීමක් සහ අලුත් වැඩියාවක් ද කර නොතිබූ බව එම වාර්තාවේ සඳහන් වෙයි.
යන්ත්‍රය මිලදී ගැනීමේදී මේ පිළිබඳ අවධානය යොමු කර නොතිබූ අතර මෙම යන්ත්‍ර මිලදීගෙන 2023 සැප්තැම්බර් 14 වැනිදාට දින 587ක් ගෙවී තිබේ. භාවිත කර ඇති කාලසීමාව පැය වශයෙන් ගත් කල පැය 414 ක් පමණක් බවද අනාවරණය වී ඇත.
යන්ත්‍රය මිලදීගෙන ඇත්තේ දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික තුනේ වැව් 905 ක ආක්‍රමණික ජලජ ශාක ඉවත්කර ප්‍රතිසංස්කරණය කිරීමට සඳහාය. ප්‍රතිසංස්කරණය කර ඇත්තේ අක්මීමන හියාර සහ මාකඳුර ප්‍රදේශයේ වැව් 03ක් බවද එම විගණන වාර්තාවෙන් අනාවරණය වෙයි.
Published on: February 03, 2025, 12:19 PM
වසර 13 කට පෙර ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ සමාගමක් සහ තායිලන්තයේ විදේශ සමාගමකින් මෙරටට ගෙන්වන ලද බස් රථ අමතර කොටස්වලට නියමිත කාලසීමාවෙහි ගෙවීම් සිදු නොකිරීම නිසා රුපියල් කෝටි හතළිස් හයකට අධික මුදලක් අමතර මුදල් ලෙස ගෙවීමට ගමනාගමන මණ්ඩලයට සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2025/01/ 31 දින නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
මෙම සමාගම් දෙකෙන් මුලින්ම අමතර කොටස් ගෙන්වා ඇත්තේ 2011 වර්ෂයේ මාර්තු මාසයේ වන අතර එලෙස ගෙන්වන ලද අමතර කොටස් තත්ත්වයෙන් බාලවීම නිසා එම අමතර කොටස් ප්‍රතික්ෂේප කර නැවත ටෙන්ඩර් පටිපාටියට යන ලෙස කමිටුව මගින් නිර්දේශ කර ඇත.
එහෙත් එම නිර්දේශ නොසලකා 2012 වර්ෂයේ සිට ගමනාගමන මණ්ඩලය නැවත වසර 04 ක් අඛණ්ඩව රුපියල් එකසිය අනූ හතර කෝටි විසි ලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය නොවන අමතර කොටස් මිලදීගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවෙහි සඳහන් වෙයි. ඒවායින් බොහොමයක් රත්මලාන සහ වත්තල ප්‍රදේශයේ ගබඩාවල නිෂ්කාර්යව පවතින බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.
මෙලෙස ගෙන්වූ අමතර කොටස් සඳහා ද මණ්ඩලයට ගෙවීම් ප්‍රමාද කර ඇති හෙයින් සැපයුම්කාර සමාගමට බේරුම්කරණ නඩුවක් පවරා ඇති අතර එම තීන්දුව වී ඇත්තේ රුපියල් හැටහය කෝටි හතළිස් ලක්ෂයක් සැපයුම්කරුට ගෙවීමටය.
එහෙත් එම මුදල ද මණ්ඩලය මගින් ගෙවා නොමැති අතර සැපයුම්කරු 02 වැනි වරටත් බේරුම් කරණ නඩුවක් පවරා ඇත. එම තීන්දුව ප්‍රකාරව මණ්ඩලය රුපියල් එකසිය දොළොස් කෝටි හැට ලක්ෂයක් සැපයුම්කරුට ගෙවා ඇත.
මේ නිසා ගමනාගමන මණ්ඩලයට සිදුවී ඇති පාඩුව රුපියල් හතළිස් හය කෝටි විසි ලක්ෂයක් බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.
චන්දන සමරවික්‍රම
Published on: February 03, 2025, 11:52 AM
දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් , තුන් දින සංචාරයක් සදහා 02/03 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා තමන් පැමිණි බවත් , පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
ජොන්ටි රෝඩ්ස් 02/03 දින අලුයම 05.25 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ගුවන් තොටුපොළ සේවිකාවන් විසින් ඔහු පිළිගනු ලැබීය .
කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කළ ජොන්ටි රෝඩ්ස් කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ අදහස් දැක්වීමක් ද සිදු කළේය .
Published on: February 03, 2025, 11:31 AM
මෙරටෙහි වාර්ෂිකව පුද්ගලයන් මිලියන 58ක් පමණ රජයේ රෝහල් බාහිර රෝගී අංශ වෙත පැමිණෙන බවට ප්‍රජා වෛද්‍යා විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
එහි සභාපති, විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කර සිටියේ පුද්ගලයන් මිලියන 03ක් පමණ රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා බවයි.එසේම පුද්ගලයන් මිලියන 07ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල්ගත වන බවද ඔහු පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගල ආයු අපේක්ෂාව මේ වන විට ස්ත්‍රී අවුරුදු 80ක් සහ පිරිමි අවුරුදු 73ක් පමණ වන අතර වැඩිහිටි කාණ්ඩයේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.
Published on: February 03, 2025, 11:25 AM
මෙම වසරේ ජනවාරි මාසය තුළ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 5,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පැවසීය.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ගංජා කිලෝග්‍රෑම් 602ක්, අයිස් කිලෝග්‍රෑම් 24 ග්‍රෑම් 245ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 25 ග්‍රෑම් 483ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 6ට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එහිදී මේ හා සම්බන්ද සැකකරුවන් 5,000ට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන අපි ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ”
Published on: February 03, 2025, 10:59 AM
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු සභාපතිවරයා වූ කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අද(03දා) අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 85 වියේ පසුවිය.
Published on: February 03, 2025, 10:29 AM
පළමු වරට විදේශගතවන ගෘහ සේවිකාවන් සඳහා ලබාදීමට නියමිත වෘත්තීය පුහුණුව ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165 ක් විදේශ ගෘහ සේවා රැකියාවන් සඳහා යවා ඇති බවත් ඔවුන්ට පුහුණුව ලබා නොදී විදේශ ගත කිරීමෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රුපියල් 631,177,650 ක පුහුණු ආදායමක් අහිමි වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
2022 ජුනි 07 දිනැති කාර්යාංශයේ සභාපතිගේ ලිපියට හා 2023 ජනවාරි 09 දිනැති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිගේ ලිපි හා ආයතනික චක්‍රලේඛ උපදෙස් අනුව පළමු වරට විදේශගතවන ගෘහ සේවිකාවන්ට රුපියල් 22,410 ක මුදලක් අයකර විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් දින 28 ක NVQ(3) මට්ටමේ නේවාසික පුහුණුවක් ලබා දිය යුතු බව විගණන කාර්යාලය සඳහන් කරයි.
එහෙත් 2023 මුල සිට 2024 මැයි 29 දක්වා කාර්යාංශය මගින් එම පුහුණුව ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165 ක් විදේශ රැකියාවලට යැවීම මගින් කාර්යාංශයට ලැබිය යුතු රුපියල් 631,177,650 ක පුහුණු ආදායමක් අහිමි කරගෙන ඇතැයි එම කාර්යාංශය සම්බන්ධයෙන් විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාව මගින් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් කළ විගණන විමසුමට කාර්යාංශය විසින් විගණනය වෙත අදහස් දක්වා නැත.මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසද විගණන කාර්යාලය කාර්යාංශය වෙත නිර්දේශ ලබා දී තිබේ.
ජේ. ඉඳුරුවගේ
Published on: February 03, 2025, 09:10 AM
ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ සිදුකළ සංචාරයට ගුවන් යානා තුනක් භාවිත කළ බවට පළවන වාර්ති අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.
ජනපතිවරයාගේ යාපනය සංචාරය සඳහා කිසිම විටක ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිත නොකළ බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ජනපතිවරයා එම සංචාරය සිදු කළේ නිල මෝටර් රථයෙන් බවත් ජනපතිවරයා ගුවන් යානා භාවිත කළ බවට සමාජ මාධ්‍ය ජාල හරහා පළවන වාර්ත පදනමකින් තොර බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.
Published on: February 03, 2025, 08:30 AM
මෙරට ප්‍රකට කර්මාන්ත කරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා අද(03දා) අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 82 වියේ පසුවිය.
Published on: February 03, 2025, 08:40 AM
අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී ඊයේ (2) ප.ව. 7.30ට පමණ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තිදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
6 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් අම්බලන්තොට මාමඩල ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ ඇති ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ නිවසට ගොස් එහි සිටි ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ තිදෙනාම කපාකොටා මෙම ඝාතනය කර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.
මෙහිදී එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.කෙසේ නමුත් මියගිය තිදෙනාටම බරපතල කැපුම් තුවාල ඇතිබවයි පොලිසිය පවසා සිටියේ.
මෙසේ මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික(39), හේවාකුමානායක රසික ප්‍රියදර්ශන(45),මාදව උදයංග මල්ලිකාරච්චි(34) යන ඇලේගොඩ හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසා සිටින්නේ.
මරණකරුවන් හා තවත් පාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී පොලිසියට අනාවරණය වී ඇති බවට මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමන්ගේ උපදෙස් මත අම්බලන්තොට පොලිසිය ඇතුළු තවත් පොලිස් ස්ථාන කීපයක නිලධාරීන් වැඩිදුර විමර්ශන සඳහා යොදවා තිබෙන බව පොලීසිය පවසා සිටි.
නිතී විරෝධී මත්පැන් ජාවාරමේ නිතරව සිටින දෙපාර්ශවයක් අතර කලට සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට ද මේ වනවිට ලැබුණු තොරතුරු ලැබී ඇති බවත් කෙසේ නමුත් ඝාතනයට මුල්වූ හේතුව නිසියාකාරව මෙතක් තහවුරු වී නොමැති බවත් පොලිසිය පවසා සිටි.
Published on: February 03, 2025, 07:28 AM
ක්‍රියාශීලිත්වයෙන් තොර දිවි පැවැත්ම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන ප්‍රධාන සාධක හේතුවෙන් මෙරට තුළ මේ වනවිට වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් අතර සීග්‍රයෙන් පිළිකා තත්ත්ව වර්ධනය වෙමින් පවතින බවට ශ්‍රී ලංකා පිළිකා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අනාවරණය කර සිටී.
ඒ අනුව එහි ලේඛකාධිකාරී,රුධිර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් වන බවත් මත්පැන්, දුම්කොළ ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් තත්ත්වය වර්ධනය වන බවත්ය.
මීට අමතරව අවශ්‍ය ප්‍රමාණයට පලතුරු සහ එළවළු ආහාරයට නොගැනීම ඇතුළු සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය නොකිරීම හා අධික තරබාරුවද වයස අවුරුදු 50ට අඩු අයට පිළිකා ඇතිවීමට හේතුවක් වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ පිළිබඳ සියලු පාර්ශ්වයන්ගේ අවධානය දැඩිව යොමුවිය යුතු බවයි.
Published on: February 02, 2025, 10:05 PM
රජය මගින් පාසල් සිසුන්ට සපත්තු මිලදී ගැනීමේ සඳහා ලබා දෙන වවුචර් පත්ද අස්වැසුම අහිමි පවුල්වල දරුවන් ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 6000ක දීමනාව ද, පෙබරවාරි 5 වැනිදා වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සපත්තු මිලදී ගැනීම සඳහා සපත්තු වවුචර් පත් සිසුන් 250 ට අඩු පාසල්වලට හිමි වෙයි.එම පාසල්වල සියලු සිසුන් වෙනුවෙන් වවුචර් පත් බෙදාදීම, අවසන් අදියරේ පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර, අස්වැසුමට ඇතුළත් නොවූ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට, පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීම සඳහා වන රුපියල් 6000 දීමනාව ද, ලබන 5 වැනිදා වන විට ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇත.ඒ යටතේ ප්‍රතිලාභ ලබාගන්නා සිසුන් සංඛ්‍යාව, ලක්ෂ 5 කට ආසන්න වෙයි.සිසුන් 250 ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වල, අස්වැසුම ප්‍රතිලාභය හිමිනොවන සියලු සිසුන්ට මෙම මුල්‍යාධාරය හිමිවේ.
කමල් ශ්‍රී ලියනගේ
Published on: February 02, 2025, 09:28 PM
වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය හා ශ්‍රී ලංකා කජු සංස්ථාව ඒකාබද්ධව වසර ගනනාවක සාර්ථක අත්හදා බැලිම් වල ප්‍රතිපලයක් ලෙස වැඩි දියණු කල ශක්ති හා විජනිත නමින් කජු ප්‍රභේද දෙකක් ගොවි ජනතාව වෙත හදුන්වා දීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ ශ්‍රවණාගාරයෙ පැවති විශේෂ උත්සයකින් පසු සිදුවිනි.
ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් වයඹ විශ්ව විද්‍යාලය සමග අත් වැල් බැද ගනිමින් කජු වගාව ව්‍යාප්ත කිරීම හා ඉහල අස්වනු ලබා ගැනිම,දිවයිනෙ සෑම පළාතකටම ගැලපෙන ලෙස කජු ප්‍රභේදයන් පර්යෙෂණ වලින් පසු මෙලෙස ගොවින්ට හදුන්වා දිම වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂීකර්ම හා වැවිලි කර්මාන්ත පීඨය සමග එක්ව කටයුතු කර තිබු අතර එහි ප්‍රතිපලයක් ලෙස ශක්ති හා විජනිත යන ප්‍රභේද හදුන්වා දීමට කටයුතු කර තිබුනී.
වයඹ විශ්ව විද්‍යාලයෙ උප කුලපති මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මුදලිගේ, වයඹ විශ්ව විද්‍යාලයෙ හිටපු උප කුලපති මහාචාර්ය එස්.ජේ.බී.ජයසේකර වයඹ විශ්ව විද්‍යාලයෙ වැවිලි හා කළමනාකරණ පිඨයෙ මහාචාර්ය හා කජු පර්යෙෂණ හා කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩි.සී.අබේසිංහ ,වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂීකර්ම හා වැවිලි හා කළමනාකරණ පිඨයෙ පිඨාධිපති මහාචාර්ය ජේ.සි.එදිරිසිංහ,
හා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති ඒ.පි.සුමනසිරි, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත්, කජු සංස්ථාවේ සාමාන්‍යාධිකාරි කේ.ජී.පී.පී.අබේසිරි ගුනවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා වගාකරුවන් රැසක් එක්ව සිටිහ.
වයඹ විශ්ව විද්‍යාලය කජු සංස්ථාව සමග ඒකාබද්ධව වසර 24 කට වැඩි කාලයක් සිදුකල පර්යෙෂණ වල ප්‍රථිපලයක් ලෙස මෙයට පෙර කජු ප්‍රභේද 11 ක් එළි දක්වා හදුන්වා දී තිබු අතර නව ප්‍රභේද ලෙස ශක්ති හා විජනීත හදුන්වා දීමත් සමග එය ප්‍රභේද 13 දක්ව වර්ධනය කර ගැනිමට හැකිව තිබේ.
නව අත්හදා බැලිම් වලින් එළි දැක්වු ශක්ති හා විජනිත ප්‍රභේද වල ඉහල අස්වැන්ක් ලබා ගැනිම,දිවයිනේ සෑම පළාතකම වගාකල හැකි විම, වසර හතරකට අඩු කාලයකින් අස්වැන්න ලබා ගැනිමට හැකිවිම මෙම නව ප්‍රභේද වල සුවිශේෂත්වයක් බව කියයි.
එසේම හදුන්වාදුන් නව ප්‍රභේද වන විජනිත ශාඛය සාර්ථක අස්වැන්නකට ඉඩ කඩ වැඩි බවත් එහි කජු පුහුලම කහ පැහැති වර්ණයෙන් දිස් විමත් කජු ගෙඩියක බර ග්‍රෑම්ස් 7.9 කට වැඩි අතරම පොතු ගැලවිමේ ප්‍රතිශතය සියයට 30 යුක්ත වන බව කියයි.
එසේම අනෙක් කජු ප්‍රභේදය වන ශක්ති ශාඛය මධ්‍යම ප්‍රමානයෙ ගසක වර්ධන හැකියාව පෙන්නුම් කරන අතරම එහි පුහුලම රතු පැහැති වර්ණයෙන් යුක්ත වෙති.මෙම ප්‍රභේදයද දිවයිනේ සෑම ප්‍රදේශයෙ සාර්ථකව වගා කල හැකි සේම ඉහල අස්වැන්නකින් යුත්ත වන අතරම එහි ගෙඩියක බර ග්‍රෑම්ස් 7.1 ඉක්මවා යන බව කියයි.එසේම මදයෙ බර ග්‍රෑම්ස් 2.5 ක් වෙන බව කියයි. පොතු ගැලවිමේ ප්‍රතිශතය සියයට 30 ක් වෙන බව තහවුරු කර තිබේ.
නව කජු ප්‍රභේද දෙක පුත්තලම දිස්ත්‍රික්කයෙ වගාකරුවන්ට හදුන්වා දිම හා එය වගාකරුවන්ට සංකේතවක් ලෙස බෙදා දීම සමග කජු පුවත් සගරාව එළි දැක්විම ඇතුළු කටයුතු රැසක් මෙම අවස්ථාවෙදි සිදුවිය.
Published on: February 02, 2025, 08:10 PM
"මම දන්නවා මම මැරුණොත් උඹට කවුරුවත් නැහැ , යන්න තැනක් , කියන්න කෙනෙක් නැහැ කියල ,ඒත් දුවේ මගෙ ලෙඩේ මට දරා ගන්න බෑ. ඒ නිසා මගේ කාලෙ ඉවරයි. මම යනව .මට සමාවෙයන් " යනුවෙන් සිරුරේ පහළ කොටසේ හටගෙන තිබූ වේදනාකාරී රෝගයක් දරාගැනීමට නොහැකි වූ කාන්තාවක් සිය දියණියට ලිපියක් ලියා තබා දුම්රියට පැන සිය දිවි හානි කර ගැනීමේ සිදුවීමක් වාර්තා වී ඇතැයි මහරගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ පදිංචි (51) ඇවිරිදි දෙදරු මවක බව පොලීසිය කියයි.
මරදාන සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වු මන්දගාමී දුම්රියකට මහරගම සහ පන්නිපිටිය අතර ප්‍රදේශයේදී පැන මෙම කාන්තාව දිවි හානි කරගෙන තිබූ අතර පසුව එම දුම්රියෙන්ම කොට්ටාව දුම්රිය ස්ථානයට මළ සිරුර ගෙන ඇවිත් භාරදී තිබූ බව පැවසේ.
පසුව මේ පිළිබඳව ලද තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් මහරගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ඩග්ලස් රූපසිරි මහතා කැඳවා ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කළ අතර එහිදී මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කර ඇත්තේ පශ්චාත් නරක පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසයි.
මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය සාම විනිසුරු ඩග්ලස් රූපසිරි මහතා සිදුකරන අතරතුරදී මියගිය කාන්තාව විසින් ලියන ලද ලිපියක් ඇයගේ දියණිය විසින් ඉදිරිපත් කර තිබූ අතර " මොකක්ද මේ මගේ කරුම ජීවිතේ, උඹට වැඩකුත් නෑ , මමත් ජීවිත කාලයම දුක් විඳිනවා. මට දැන් එපා වෙලා තියෙන්නේ.ඒ නිසා පොතේ මම යනවා මට සමාවෙයන් " යනුවෙන් එහි ලියා තිබූ බව කියයි.
පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වෛද්‍ය වරුණා ජයසුන්දර මහත්මිය විසින් සිදු කළාය.
එහිදී අනතුරට ලක් වූ දුම්රියේ රියදුරු කැඳවා ප්‍රකාශයක් සටහන් කරගන්නා තෙක් මියගිය කාන්තාවගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩග්ලස් රූපසිරි මහතා නිගමනය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පො.කො (103484) ප්‍රම්ත නිළධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.
Published on: February 02, 2025, 07:29 PM
මේ දිනවල වී ගොවින් ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙලන බවත්, එම වී මිල දි ගැනිමට සහතික මිලක් නියම කරමින් (03) දින කැබ්නට් පත්‍රිකාවක් රැගෙන එන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඒ බැව් කියා හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි අදහස් දැක් වු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ වී අස්වැන්න නෙලිමෙන් අනතුරුව රටේ ජනතාවට පාලන මිලට සහල් මිල දි ගත හැකි බවයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් නිතිමය ගැටළු කිහිපයක් ඇති බවත්, එම ගැටළු නිරාකරණය කරගෙන කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවත්වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ජනාධිපතිවරණයේදි සහ මහ මැතිවරණයේදි ජාතික ජන බලවේගය ජයගත් සේම පළාත් පාලන මැතිවරණයේදි ජාතික ජන බලවේගයෙ බහුතර පළාත් පාලන ආයතන බලය ලබා ගන්නා බවද අමාත්‍යවරයා පැවසිය.
Published on: February 02, 2025, 06:41 PM
ශ්රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් පත් කර ඇත.
ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ‍්‍රී ලාංකිකයාද වන අතර, දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරන්නීය.
Published on: February 02, 2025, 05:55 PM
වියලුව හා ඒ අවට ප්‍රාදේශවල කැරට් අස්වැන්න ඉහළ යාම හේතුවෙන් ඊයේ (01) මීගහකිවුල නගරයේ පැවැති සති පොළ වෙත වෙළඳුන් රැගෙන ආ කැරට් විකුණා ගත නොහැකිව පොළ භූමියේම ගොඩ ගසා තිබුණි.
රැගෙන ආ කැරට් තොග ඉතා අඩු මිලකට විකිණීමට තැත් කළද එසේත් කළ නොහැකි වූ බැවින් කැරට් මේ අයුරින් ඉවත දමා යන බව වෙළෙන්දෝ පැවසූහ.
කැරට් ගෝනි යළිත් රැගෙන යෑමට තවත් මුදලක් වැය කරනවා වෙනුවට මෙලෙස ඒවා විසිකර යෑම තමුන්ට ලාභදායි බව ද වෙළෙන්දෝ පැවසූහ.
එන් කේ නිශ්ශංක මීගහකිවුල
Published on: February 02, 2025, 05:05 PM
ගම්පොළ නගරයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වීආපසු නිවස බලා යමින් සිටි දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු සිහි විසඥ කොට පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
එම දරුවා ඊයේ (01) සවස එසේ උපකාරක පන්ති නිමාවී ආපසු නිවස බලා යමින් සිටියදී එම දරුවා (ජාවා ගෙදර සහිඳු සේහන්ස ඒකනායක) කිසියම් ද්‍රව්‍යයක් මුහුණට අල්ලා සිහිසුන් කොට වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී හැටන් පොලිස් වසමේ මල්ලි අප්පුව ප්‍රදේශයේදී දරුවා ප්‍රකෘති තත්ත්වයට පත් වී ඇති අතර රාත්‍රී 7.30 ට පමණ වෑන් රථයේ ජනේලයක් විවෘත කොට ඉන් පැන ගෙන ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව දරුවා පොලිස් භාරයට ගෙන දෙමව්පියන්ට භාරදීතිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් සහ ගම්පොළ පොලිසි ඒකාබද්ධව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවද පොලිසිය කියයි.
Published on: February 02, 2025, 04:39 PM
කොන්ක්‍රීට් කුට්ටියක් හිස මත වැටීමෙන් බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් ක්‍රේග් වත්ත උඩ කොටසේ පිහිටි ශ්‍රී සිවසුබ්‍රමනියම් හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතුවල නියැලී සිටි පුද්ගලයෙකු අද (02) දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ ක්‍රේග්වත්ත උඩකොටස, බණ්ඩරවෙල පදිංචි ටී.සුබ්‍රමනියම්, (65) නැමැති අයෙකි. හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතු සිදුකිරිම සදහා එහි පරණ කොටස් ඉවත් කරමින් සිටියදී ඔහු මෙම අනතරට ලක්ව ඇත. මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Published on: February 02, 2025, 03:55 PM
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 1000ට වැඩි පිරිසන් නිවාස හැර ගොස් තිබේ.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වසර 60කට වැඩි කාලයක් තුළ බලපෑ ඇති දරුණුතම ගංවතුර මෙය විය හැකි බවට එරට කාලගුණ විද්‍යාඥයන් පවසා ඇති අතර, මෙහිදී ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 700 ඉක්මවූ තද වැසි ඇද හැලී ඇත.
Published on: February 02, 2025, 03:55 PM
2025 වසර වෙනුවෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජයේ අයවැයෙන් මෙවර ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදල් වෙන් කර තිබේ. 2024 අයවැයෙන්ද ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලකි.
Published on: February 02, 2025, 02:43 PM
වයස අවුරුදු 19 පහල කාන්තා ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායම දිනා ගැනීම අද (02දා) සමත් විය.
එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 09කින් පරායට පත් කරමීට ඔවුන් සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 82ක් රැස් කළාය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළාය.
Published on: February 02, 2025, 02:17 PM
විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ යයි දැක්වෙන කොටියෙකු සහ සුනඛයෙකු අතර සිදු වන පොර බැදීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික උද්‍යානයන් තුළට ගෘහාශ්‍රිත සතුන් රැගෙන යාම, නිදහස් කිරීම, වන සතුන්ට ආහාර ලබාදීම් මෙන්ම සංචාරකයින් තමන්ට ලැබී ඇති බලපත්‍රයේ දැක්වෙන කොන්දේසි කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදවල් බවත්, එවැනි ක්‍රියාවන්ගේ යෙදෙන පුද්ගලයන්ට හා පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.
ශාන් හුලංනුගේ
Published on: February 02, 2025, 02:17 PM
විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ යයි දැක්වෙන කොටියෙකු සහ සුනඛයෙකු අතර සිදු වන පොර බැදීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික උද්‍යානයන් තුළට ගෘහාශ්‍රිත සතුන් රැගෙන යාම, නිදහස් කිරීම, වන සතුන්ට ආහාර ලබාදීම් මෙන්ම සංචාරකයින් තමන්ට ලැබී ඇති බලපත්‍රයේ දැක්වෙන කොන්දේසි කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදවල් බවත්, එවැනි ක්‍රියාවන්ගේ යෙදෙන පුද්ගලයන්ට හා පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.
ශාන් හුලංනුගේ
Published on: February 02, 2025, 01:26 PM
2024 වර්ෂයේ උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ එම විභාගය හෙට (3දා) සිට ලබන 14 දින දක්වා නැවත පැවැත්වීමට කටයුතු කර ඇති අතර රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථම වතාවට මෙම පෙරහුරු වාර විභාගය පැවැත්වීමට කටයුතු කරන බව උතුරුමද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පැවසීය.
පොලිස් ආරක්ෂාව යටතේ පැවැත්වෙන වර විභාගක් මෙන්ම මෙවර උතුරු මැද පළාතේ පැවැත්වෙන මෙම විභාගයේ අනෙක් විශේෂත්වය වන්නේ පාසල් තුන්වන වාරය අවසන් කර තිබියදී, තුන්වන වාර විභාගයක් පැවැත්වීමයි.
මේ සඳහා වන විභාග ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කරන ලද ප්‍රශ්න පත්තර මෙම දරුවන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් මේ වන විට එම ප්‍රශ්න ප්‍රශ්නපත්‍ර උතුරු මැද පළාතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල තිහක එම ප්‍රශ්න පත්තර රඳවා විභාග දිනයේදී අදාළ විදුහල්පතිවරුන් වෙත පොලිස් ආරක්ෂාව යටතේ ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා සදහන් කලේය.
පළාත තුළ දරුවන් 26000ක් පමණ දෙනෙකු සාමාන්‍ය පෙළ පෙරහුරු විභාගය සඳහා පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඉතා සැලසුම් සහගතව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත් අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් එම පෙරහුරු විභාගය පැවැත්වීමට කටයුතු කරන බවත් ලේකම්වරයා කීය.
ප්‍රශ්න පත්තර පිටවීම සම්බන්ධයෙන් වූ චූදිතයන් සදහා නීතිමය කටයුතු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ද සිදුකරමින් යන බවත් පවසන ලේකම්වරයා තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදීද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා වාර විභාග ප්‍රශ්න පත්තර මුද්‍රණය කිරීමට කටයුතු කරන බවත් නිලධාරීන්ගේ සහය ඇතිව ඉදිරියේදී පොලිස් ආරක්ෂාවකින් තොරව වාර විභාග පැවැත්වීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවය."
ඉකුත් ජනවාරි 5දා උතුරු මැද පළාතේ තුන්වන වාර පරීක්ෂණය ආරම්භ විය.එහිදී 11වන ශ්‍රේණියේ පාසල් සිසුන්ට පෙනී සිටීමට හැකි වූයේ මුල්ම දිනයේ පැවැත් වූ ආගම ප්‍රශ්න පත්‍රයට පමණි. පසුදා (6දා) පැවැත්වීමට නියමිතවව තිබූ සිංහල විෂය සඳහා වූ විභාගය පැවැත්වීමට පෙර එය සමාජ මාධ්‍ය ඔස්සේ සැරි සැරීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත ජනවාරි 20දා නැවත පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරන ලදී.
එහෙත් අඛණ්ඩව අනෙකුත් ප්‍රශ්න පත්‍රද සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීම හේතුවෙන් 11වන ශ්‍රේණියේ තුන්වන වාර පරීක්ෂණය සම්පූර්ණයෙන් අත්හිටුවා නැවත නව ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර විභාගය පැවැත්වීමට බලධාරීහු තීරණය කලහ.
Published on: February 02, 2025, 12:39 PM
වාද්දුව තල්පිටිය රත්නායක පාරේ ධීවර තොටුපලේ මා දැලකට පසුගියදා (31) විශාල මාළු තොගයක් හසුව තිබුණි.
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි නිහල් පෙරේරා මහතාට අයත් මා දැලකට මෙම මාළු තොගය පැටලී ඇති බව සදහන් වේ.
පරවු මාළු විශේෂයක් වන මාගුරුවෝ සහ කිරලාවෝ නමැති මාළුන් මෙම දැලට හසුව ඇති අතර, පැය තුනක පමණ කාලයක් මාළුන් ගොඩ ගනිමින් සිටින බව දැකගත හැකි විය.
කිලෝ පහකට ආසන්න බරකින් යුත් පරව් කූරි 4000 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගත් බව ධීවරයින් සදහන් කරයි .
මෙම අවස්ථාව දෙක බලා ගැනීම සඳහා විශාල පිරිසක් මුහුදු වෙරළට පැමිණෙමින් සිටින අතරින්, අවට සංචාරක හෝටල්වල රැඳී සිටින සංචාරකයින්ද මෙය නැරඹීම සඳහා වෙරළට පැමිණෙමින් සිටියහ.
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා
Published on: February 02, 2025, 11:46 AM
අනුරාධපුර පාදෙණිය ඒ - 28 ප්‍රධාන මාර්ගයේ, තලාව නගරය ආසන්නයේදී ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊයේ (1දා) අලුයම මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින්, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හතර දෙනකු තුවාල ලබා රෝහල් රෝහල්ගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් තලාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ , අවිස්සාවේල්ල පදිංචි එච්. එම්. කුසල් ධනංජය රත්නායක (24), කුලියාපිටිය පදිංචි බී.එම්. රන්දික පියුමාල් බස්නායක (රියදුරු ) (29), බී.එම්, ඉෂාර ධනංජය දිසානායක (26), නමැති පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රියදුරු ලෙස කටයුතු කරන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි තනුජ මදුසංග කරුණාසේන නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථය යාපනය ප්‍රදේශයේ විශේෂ රාජකාරී නිරත වී, නැවත අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් තිබියදී තලාව නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.
ඩිෆෙන්ඩර් රථයේ රියදුරගේ අධික වේගය හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම රථය මාර්ගයේ ඉවතට පැන විදුලි රැහැන් කණුවක හා ෙබෝක්කුවේ ගැටී රථය පෙරළී ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ සිව් දෙනා ගෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත රියදුරු ලෙස රාජකාරී කරනු ලබන අය තලාව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරා ලෙස කටයුතු කර ඇත්තේ, ජනාධිපති ආරක්ෂක අංශයේ රියදුරෙකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
Published on: February 02, 2025, 10:59 AM
නිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කළුතර දකුණ වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී විනුල්යි දිහාක්‍යා නමැති බිළිදියක මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය.
බිළිදිය සිය දෙමාපියන් සහ වයස අවුරුදු දෙකක පමණ වැඩිමහල් සොහොයුරා සමග ඇදක නිදා සිට ඇති බවත් , පෙරේදා (01) අළුයම අවධිව බලන විට බිළිදිය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලී ඇති බවත් සදහන් වේ.
බිළිදියව කළුතර නාගොඩ ළමා සහ මාතෘ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
කළුතර හදිසි මරණ පරීක්ෂක පී.සී. මාතර ආරච්චි මහතා සහ උසස් පොලිස් නිළධාරින් විසින් සිදුකල විමර්ශන වලින් පසු මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන අධිකරණය වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ යුතු බව දැනුම් දී තිබේ.
ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු කළුතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කරන ලදී.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි 55318 සැරයන් එස් ඒ ආර් කේ ද සිල්වා පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය
Published on: February 02, 2025, 10:07 AM
දිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇතැයි ෙඅධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මේ සඳහා ඉල්ලුම් කරුවන් අතරින් සුදුසුකම් ලද විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 6 දා සිට 11 දක්වා ඉසුරුපායේදී පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
ජේ. ඉඳුරුවගේ
Published on: February 02, 2025, 09:10 AM
සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිත පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමි සතුන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයකු (31) වනදා අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසිය .
අත්අඩංගුවට ගත් ස්පාඤ්ඤ ජාතික සැකකරුවා කාලෝස් නසරියෝ නැමති තිස් හත් හැවරදි පුද්ගලයකු බව අඩවි වන කාර්‍යාලය පැවසීය. මෙම ස්පාඤ්ඤ ජාතිකයා දින තුනක් තිස්සේ සිංහරාජයේ නවාතැන්පොළක ලැගුම් ගෙන සිංහරාජය ආශ්‍රීත පරිවාර වනාන්තර වල යමින් උගුල් අටවා සලඹයින්, සමනලුන් ,කෘමී විශේෂ අල්ලා ඇති බව අනාවරණය වූ බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .
ඔහු සතුව තිබී කෘම් සතුන් අල්ලන නවීන පන්නයේ උගුල් අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය. අත්අඩංගුවට ගත් සැසැකකාර ස්පාඤ්ඤ ජාතිකයා කලවාන අඩවි වන කාර්‍යාලය මගින් කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත 31 වනදා ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස දහවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කලවාන මහේස්ත්‍රාත් නයනී කරුණාරත්න මහත්මිය නියෝග කර සිටියාය.
කලවාන අඩවි වන නිලධාරි කේ.කේ.ආර් කංනන්ගර , සිංහරාජ අඩවි වන කාර්‍යාලයේ අඩවි වන පාලක එන්.එන්.ඩබ්ලිව් .එම් ගුණරත්න , බිට්ටු වන නිලධාරි එස්.එල්.පී කුමාර ,වන ක්ෂේත්‍ර සහකාරවරුන් වන අමිල චන්ද්‍රසේන , සුරේෂ් වසන්ත යන නිලධාරින් මෙම වැටලිම සිදු කර කෘමි සතුන් සමග සැකකාර ස්පාඤ්ඤ ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ .
කලවාන උපේන්ද්‍ර
Published on: February 02, 2025, 08:06 AM
දිවයිනේ වැසි තත්ත්වපේ අඩුවීමක් අද (02) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් මඩකලපුව, අම්පාර හා මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යැයිද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් පවසයි.
Published on: February 01, 2025, 07:21 PM
හබරන ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ 01 වෙනිදා පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනකු මිය ගොස් තවත් තිස්පස් දෙනකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට හා දඹුල්ලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ,වෑන් රථයේ රියදුරුවන ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 32 වියැති දෙදරු පියකු හා බස් රථයේ ගමන් ගත් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 66 වීයැති කාන්තාවක් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන හබරණ පොලිසිය පවසයි.
ගාල්ල,හික්කඩුව ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් රැගෙන ත්‍රීකුණාමල ප්‍රදේශයට ගමන් කරමින් සිටි බස්රථයක්, කින්නියා ප්‍රදේශයේ පදිංචි අයෙකු විදේශගත වීමට කටුනායක බලා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවඅනතුර පිලිබද පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරෙන් කාන්තාවන් විසි දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දහ තුන්දෙනෙකු තුවාල ලබා ඇති අතර,තුවාල ලැබූවන්ගෙන් හත් දෙනකු හබරණ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,සෙසු පිරිස දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාරය ලබන බව හබරණ පොලිසිය පවසයි.
මෙම අනතුරට හේතුව වෑන් රථයේ රියදුරට නින්ද යාම බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය කියයි.බස් රථය සහ වෑන් රථය මුහුණට මුහුණ ගැටී බස් රථය පාරෙන් ඉවතට පෙරළී ඇති අතර අනතුර සිදුවන විට බස් රථයේ 55 දෙනෙකු සහ වෑන් රථයේ සිව් දෙනෙකු සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රදේශයේ දින දෙකක විනෝද චාරිකාවකට පැමිණි පිරිසක් මෙම අනතුරට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ හබරන පොලිසිය විසින් සිදු කරයි.
මනම්පිටිය නිමල් ජයරත්න
Published on: February 01, 2025, 04:21 PM
පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වළක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමටත් ජීවනී නිෂ්පාදන වෙළඳපළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පාලන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දෙනු ලැබුයේ පසුගිය දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය.
මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජීවනී නිෂ්පාදන බෙදාහැරීමේ යම් දුර්වලතාවයක් වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත වාර්තා වීමත් සමග අමාත්‍යවරයා පුර්ව දැනුම් දීමකින් තොරව කරුණු විමසීම සදහා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකරන ලදී.
ජීවනී නිෂ්පාදන කරනු ලබන මෙරට එකම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන රත්මලාන නිෂ්පාදනාගාරය තුළ උපරිම ධාරිතාවය යටතේ මාසිකව 1000 ml පැකට් 33500 ක් අයත් වන කාණ්ඩ 25 ක් ද (33500 X 25), 200 ml පැකට් 165500 බැගින් වන කාණ්ඩ 8 ක් ද (165500 X 8) මාසිකව නිෂ්පාදනය කරනු ලබයි.
මේ වන විට ප්‍රමාණ දෙකකට අයත් ජීවනී නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන්නේ එකම යන්ත්‍රයක් බවත්, එම යන්ත්‍රය ද වසර 12 පැරණි බව ද මෙහි දී අනාවරණය විය. වර්තමානයේ වෙළදපොළ පවතින ඉල්ලුමට සරිලන නිෂ්පාදන ධාරිතාවය එක් යන්ත්‍රයකින් නිෂ්පාදනය කිරීමට නොහැකි බව ද කාර්ය මණ්ඩලය අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර වර්තමානය වන විට වෙළදපොළ තුළ ජීවනී නිෂ්පාදනවල අතිරික්තයක් නොවීම එයට හේතුවක් වී ඇති බව ද මෙහි දී හෙළි විය.
මෙම තත්ත්වය පිළිබඳ රාඡ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා අවශ්‍ය යන්ත්‍ර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබීය. එමෙන් ම පවතින සේවක ගැටළු සහ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
රත්මලානේ පිහිටි මෙම නිෂ්පාදනාගාරය තුළ ජීවනී නිෂ්පාදනවලට අමතරව ග්ලූකෝස් සහ VG සමේ මතුපිට ආලේපනය ද නිෂ්පාදනය කරනු ලබයි. 23 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද එහි සේවයේ නිරතව සිටිති.
මෙම අවස්ථාව සඳහා රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ වෙළද කළමණාකරු ෆ්‍රෑන්ක් පෙරේරා, වැඩබලන කළමණාකරු එස්.පී.ගුණතිලක, යන මහත්වරුන් මෙන් ම සේවක පිරිසක් ද එක්වු අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී වීරසිංහ මහතා කරුණු පැහැදිළි කි�